gayantha

යටිනුවර විදියේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී

මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යවා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බවත් පොලිසිය සඳහන් කරයි. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ[…]

Read More »

සරායෙවෝ රෝමියෝ ජුලියට් උණ්ඩයෙන් වෙන්වුණ හැටි

මල්සරා හී සර විදින්නේ හරිම හිතුවක්කාර විදිහටය. ජාතිය, ආගම, කුලය, දේශය, දීපය, කාලය ඔහුට අදාළම නැත. මල්සරා “ඉස්මික්”ටත් “බොස්කෝ” ටත් හී සර විද්දේද ඒ කිසිවක්ම නොසලකාය. ඉස්මික් හෙවත් අද්මිරා ඉස්මික් මුස්ලිම් යුවතියකි. බොස්කෝ බර්කික් සර්බියානු ජාතිකයෙකි. ඉස්මික් හා බොස්කෝ ආදරයෙන් බැඳුණේ වයස අවුරුදු දහසය වන විටමය. අවුරුදු නවයක් තිස්සේ ඒ[…]

Read More »

දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලයි

මුලතිව්,පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා දහයියා හා වී ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා බුරුත දැව තොගයක් හා ලොරි රථයක් ඊයේ(07) අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පවසයි. මුලතිව් අඩවි වන කාර්යාල නිළධාරීන් පැවසූවේ ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු මන්නාකණ්ඩල් ප්‍රදේශයේ සිදුකළ ‍මෙහෙයුමකදී බුරුත දැව පැටවු[…]

Read More »

ජනපති පදවි ප්‍රාප්තියට අදට වසර 4යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක් සපිරෙයි. ඒ නිමිත්තෙන් ඊයේ(07) සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වු අතර අද උදෑසන මහා සංඝරත්නය සඳහා දානය පිරිනැමීම ද සිදු කරයි. කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව[…]

Read More »

නව වසරේ පළමුව පාර්ලිමේන්තුව රැස්වීම අද – හිස් වූ මන්ත්‍රී අසුනට ශාන්ත බණ්ඩාර දිව්රුම් දෙයි

2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වෙයි. අද දිනයේ සිට දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති[…]

Read More »

මහින්දගෙන් දයාසිරි අහගනි

පසුගියදා කුරුණෑගල දඹුලු පාරේ සමූපකාර ගොඩනැගිල්ලේ නිදහස් පක්ෂ සම්බන්ධීකාරවරුන්ගේ රැස්වීමක් නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එහිදී රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතාගෙන් අසා ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන ගැනත් පොහොට්ටුවෙන් පැමිණෙන අභියෝග ගැනත්ය. මාධ්‍යවේදීන් අමතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කොටන කුකුළට කොයි පොරපිටියත් එකයි[…]

Read More »

ගැටුමක් නිසා එකම පවුලේ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

පුත්තලම – වාන පාර ප්‍රදේශයේදී සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් එකම පවුලේ පිය, පුතු දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි. ඊයේ (07) සවස 6.30 -7.00 ත් අතර කාලය තුළ මෙම ගැටුම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇති පුත්තලම – වාන පාර පදිංචිකරුවෙකු වන මහුදුල් මොහොමඩ් මුසදීන් යන අය කැපුම් තුවාල[…]

Read More »

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද (07දා) වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.11ක් බවට පත්ව තිබු අතර . පසුගිය දෙසැම්බර් 25 වැනිදා වන විට මෙම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77ක් දක්වා[…]

Read More »

කේරල ගංජා කිලෝ 112ක් සොයාගැනේ

යාපනය – පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවට සඳහන් වෙයි. කේරළ ගංජා මෙරටට රැගෙන ආ සැකකරුවන් පලාගොස් ඇති අතර පේදුරුතුඩුව පොලීසියට වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read More »

ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති අත්අඩංගුවට

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා මිරිහාන පොලීසිය විසින් අද(07) දින අත්අඩංගුවට ගෙන ඇත. ලක්ෂ 4ක මුල්‍ය වංචාවක් සිදු කිරිම හා ව්‍යාජ වාලම්පුරි විකිණිම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

Read More »

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්. ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. පාසල් විෂය නිර්දේශය සදහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ[…]

Read More »