brand logo
ඡන්දෙට පෙර ආණ්ඩුකාර තනතුරු එහෙට මෙහෙට

ඡන්දෙට පෙර ආණ්ඩුකාර තනතුරු එහෙට මෙහෙට

19 April 2024 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල



දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.


ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට සැලසුම්කර ඇති බව පැවසේ.


කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන එලෙස දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ.


එසේ වුවහොත් දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටින විලී ගමගේ එම තනතුරෙන් විශ්‍රාම ලැබීමට නියමිත බවද පැවසේ.


ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් හිස්වන වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ්ගේ නම මෙන්ම මෑතකදී හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ දේශපාලනඥයකුගේ බිරිඳගේ නමද පවතින බව වාර්තා වේ.


ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ආසන්නයේ පවතින කාල සීමාවක් තුළ බොහෝ විට ඉදිරි සති කිහිපය තුළ මෙම තනතුරු වෙනස් වීමට ඉඩ ඇති බවද පැවසේ.

 

More News..