brand logo
ලංකාවට එන ඉරාන ජනපතිට පී.එස්.ඩී. ආරක්ෂාව

ලංකාවට එන ඉරාන ජනපතිට පී.එස්.ඩී. ආරක්ෂාව

19 April 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා ලබන 24 දා මෙරටට පැමිණීමට නියමිත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගේ සම්පූර්ණ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක ඒකකය වෙත භාරගෙන ඇත.


ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේදී ජනාධිපති ආරක්ෂක ඒකකය සමීපතම ආරක්ෂාව සපයන අතරේ යුද හමුදා කමාන්ඩෝ බළකාය ඇතුළුව ත්‍රිවිධ හමුදා මගින් අනෙකුත් ආරක්ෂක විධිවිධාන සැපයීමට නියමිතය.


ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන මොහොතේ ප්‍රභූ සම්මාන උත්තමාචාර පෙළපාළි පවත්වා උමා ඔය වෙත රැගෙන ගොස් නැවත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කොළඹට රැගෙන ඒමට නියමිතය.


ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (18) පැවැත්විණි.

 

More News..