Uncategorized

Apple Airplay සමග LG UHD රූපවාහිනියෙන් සුපිරි රසවින්දනයක්

කාර්යබහුල, වේගවත් ජීවන රටාවක් ගත කරන වර්තමාන සමාජය ලේසියෙන් පහසුවෙන් රසවින්දන අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවන් පිළිබඳ අවධානය යොමු කරමින් සිටියි. ඒ අනුව ගෙදර දොරේ අනෙකුත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයන්ට වඩා ස්මාට් ජංගම දුරකථන භාවිතා කිරීම කෙරෙහි වැඩිපුර අවධානයක් ජනතාව වෙතින් යොමු වී ඇත. ගමනේ යන එන අතරතුර, හිත මිතුරන් අතරේ හමුවීම්වලදී, නිදහසේ සැහැල්ලුවෙන් කාලය ගත කරන වෙනත් ඕනෑම අවස්ථාවක දී රසවින්දන අවශ්‍යතාවන් පහසුවෙන් ඉටු කර ගැනීමේ අවස්ථාව මේ ඔස්සේ හිමි වේ. වීඩියෝ සහ ඡායාරූප නැරඹීම, සංගීතය ශ්‍රවණය කිරීම වැනි ඕනෑම රසවින්දන අවශ්‍යතාවයක් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ජංගම දුරකථනය ඔස්සේ හිමි වන අතර දැන් ඒ සියල්ල විශාල තිරයක් ඔස්සේ නිවසේ සිට අත්විඳීමේ හැකියාව ඔබට ලැබී තිබේ.

වැඩි දියුණු කළ LG ස්මාට් UHD 4k රූපවාහිනිය විසින් දැන් AirPlay පහසුකම ලබා දී ඇති නිසා ඔබගේ Apple උපාංගය LG රූපවාහිනිය වෙත සම්බන්ධ කරමින් විවිධත්වයෙන් සපිරි උසස් රසවින්දනයක් අත්විඳීමේ හැකියාව ලැබේ. LG ස්මාට් UHD 4k රූපවාහිනී කාණ්ඩයේ සුවිශේෂී විශේෂාංග AirPlay තාක්‍ෂණය සමගින් සරල පහසු රසවින්දනයක් ඔබට සමීප කරවයි. ඔබගේ Apple උපාංගය සතු සරල app එක හරහා AirPlay සහ HomeKit ඔප්ෂන් මඟින් LG ස්මාට් UHD 4K රූපවාහිනියට පහසුවෙන් සම්බන්ධ වී වීඩියෝ, ඕඩියෝ ඇතුළූ වෙනත් ඕනෑම දෙයක් සමග පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව සලසයි.

Video Casting Enable කිරීමෙන් ඔබගේ Apple උපාංගයේ ඇති Personal Content LG ස්මාට් UHD 4k රූපවාහිනියට Share කිරීමේ අවස්ථාව ලැබේ. ඔබ විසින් කිසියම් Video Cast කිරීමක් සිදු කරන අතරවාරයේ වාදනය වන වීඩියෝවට බාධාවක් නොවන පරිදි ඇමතුම් ලබා ගැනීමට වගේම ගේම්ස් ප්ලේ කිරීමටත් හැකියාව මෙහිදී ලැබෙන අතර බැටරිය අනවශ්‍ය පරිදි වැය වීමද වළක්වයි. Dolby Vision සහිත නිසා LG රූපවාහිනියෙන් උසස් සිනමා රසාස්වාදයක් විඳ ගැනීමේ අවස්ථාව හිමිවන අතර Magic Remote එකෙන් Video Playback අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාව ලැබේ.