brand logo

හැබැයි මම අද හිතනව ඒක නොකළ නම් හොඳයි කියලා - බුද්ධික ජයරත්න

04 May 2019

ටෙලි තිරයේ මේ දිනවල නිරන්තරයෙන් දකින්න ලැබෙන ඒ වගේම සරල පෙම්වතාගේ චරිතයේ සිට චරිතාංග නළුවා දක්වා පරාසයක විහිදෙන රංගන කුසලතාවන් පෙන්වන බුද්ධික ජයරත්න සමග ඔහුගේ රංගන දිවිය ගැන සේම වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රය පිළිබඳවත් කතාබහකට එළඹුණා. මේ දිනවල ඔබ සම්බන්ධ වී සිටින නිර්මාණ මොනාවද? සිරිවිමන මෝදර බඹරු හා දඩයම් බඹරු කියන ටෙලි නාට්‍යවල රූපගත කිරීම්වල නිරත වෙනවා. ළඟදීම කව්රුත් දන්නෑ කියන චිත්‍රපටයේ රංගනයෙන් එක්වන්න සුදානමින් ඉන්නව. නැවත එළඹෙන සැප්තැම්බර් මාසයෙ තවත් අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න නියමිතයි. බුද්ධිකට කාර්යබහුල සමයක්ද වගේ ? සාමාන්‍යයෙන් මම ඉතාමත් කාර්යබහුල රංගන ශිල්පයෙක් නෙවෙයිනෙ. මම හැමදාමත් වැඩ කළේ එකක් බාර අරන් ඒක අවසන් වුණාට පස්සෙ තවත් එකක් කරන විදිහටනෙ. ඒකට හේතුව මට නිදහසේ ඉන්න ලොකු කැමැත්තක් තියෙනව. හැබැයි නොහිතූ විදිහට නොවැම්බර් මාසයෙ ඉඳන් එක දිගටම වැඩ කරන්න වුණා. ඒ කියන්නෙ ඔබ මේ වකවානුවේ එක දිගටම වැඩ භාරගැනීමද? මෙහෙමයි, දැන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විදිහ වෙලා තියෙන්නෙ පළමු කොටස් ටික රූගත කරලා ඒක විකාශය වන්න පටන් ගත්තට පසුවනෙ. ඉතිරි කොටස් රූගත කරන්නෙ. විවිධ කාලවල කරපු නිර්මාණ ටිකක් එකම කාලයක විකාශය වෙන්න පටන් අරන්. ඒවගේ ඉතිරි රූගත කිරීම් ඇරඹිලා තිබීම හා මම අලුතෙන් භාරගත්ත වැඩවලට යෙදෙන්න සිදුවීමයි. ඇත්තටම මට මේක නුපුරුදුයි. මේ කාර්යබහුලත්වය නිසා මගේ පවුලේ අය එක්ක වගේම මගේ පොඩි පුතා එක්ක ඉන්න තියෙන කාලය අඩුවුණා. බුද්ධික හැම විටම තමන්ට කැමැති චරිත සමග පමණක් රැඳෙන්න අවකාශ ඇති ශිල්පියෙක්ද? බොහොම කලාතුරකින් එහෙම නොවෙච්ච කාල තිබුණා. මම ඉන්නෙ ඔය දෙකේම මැද්දෙ නිර්මාණයකට යන්න ගියහම ඒ නිර්මාණය සරලද සම්භාව්‍යයද කියන එක නෙවෙයි මම සලකා බලන්නෙ. මට ලැබුණ චරිතය මට විඳින්න පුළුවන්ද කියන එකයි. බුද්ධික පසුගිය සමයේ සිනමා නිර්මාණයකටත් යොමු වුවා නේද? සිනමාවට ළදරුවෙක් ලෙස මම චිත්‍රපටයක් කළා. හැබැයි මම අද හිතනව ඒක නොකළ නම් හොඳයි කියලා. නමුත් ඒ ගත්ත පියවර ඒකෙන් ලබාගත්ත අධ්‍යාපනය මට වටිනවා. පසුකාලීනව මම තවත් චිත්‍රපටයක් නිර්මාණ කරන්න මැදිහත් වෙනවා. ඉදිරි කාලයෙත් මම එලෙස හොඳ නිර්මාණ සඳහා මැදිහත්කරුවෙක් වෙයි. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු කරයි. මෙතැනදි ඔබ කරන්නේ සෑහීමකට පත්විය හැකි චරිත හරිහම්බ කරගැනීමක්ද? මගේ ප්‍රධාන භූමිකාව රංගනය, මම රඟපාන්නයි පෙරේත. ඒ අතරේ මම යම් යම් නිර්මාණාත්මක අත්හදා බැලීම් කළා. මම කැමැතියි හොඳ නිර්මාණ බිහිකරවන්න හා කලාත්මක ගුණයෙන් ඉහළ චරිත රඟපාන්න. එදා සිට අද දක්වා කලාකරුවන්ට පමණක්ම හිමිවන විශේෂම දේ ජනතාවගේ ආදරය ඔබ අඩු වටිනාකමකද රඳවන්නෙ? මගේ අම්මේ ඇයි ඒය වටින්නෙ නැත්ත ඒ ආදරය තමයි කලාකරුවන් විදිහට අපිව ජීවත් කරවන්නෙ. මට මතකයි එක මාධ්‍ය සාකච්ඡාවකදි නිවේදිකාව මගෙන් ඇහුවා කව්රුහරි ඇවිත් ඡායාරූපවලට පෙනී හිටින්න, කතාකරන්න, ඔබව දැකගන්න කරදර කරනව නම් මොකක්ද ඔයා එයාට කියන්නෙ කියලා. එම අවස්ථාවෙ මම කිව්වෙ පුළුවන් තරම් මට කරදර කරන්න කියල තමයි මට කියන්න තියෙන්නෙ කියලා. අලුත් පරපුර රසික රසිකාවියන් නොතකා හරිමින් සිටිනවා කියන චෝදනාවක් තියෙනව? අලුත් පරම්පරාවේ සමහර අය ගැන ඔවැනි චෝදනාවක් මට යම් රසිකයන්ගෙ හා විවිධ අයගෙන් අහන්න ලැබිලා තියෙනව. මම දන්නෙ නැහැ ඇයි ඔවුන් එවැනි තැනක ඉන්නෙ කියලා. මම හිතන විදිහට අපිට හැමවෙලාවෙම මනුස්සසො එක්ක හදවතින්ම හිනාවෙන්න පුළුවන් වෙන්න ඕන බුද්ධික රංගන වෘත්තියෙන් සෑහීමකට පත්වන කලාකරුවෙක්ද? මගේ වෘත්තිය මේක. මම කලින් ගුවන් ගමන් සම්බන්ධ ආයතනයක රැකියාව කළා. පසුව මම ඒ රැකියාවෙන් ඉවත් වෙලා කලාවටම කියල යොමුකළා. දැනට මට ව්‍යාපාරයක් තියෙනව. මට මගේ දෙමවුපියන්ගෙන් ගෙවල් දොරවල් ලැබුණ නිසා නංගිලා මල්ලිලා කසාද බන්දන්න වැනි වගකීම් මට නැති නිසා මට පොඩි නිදහසක් තියාගෙන මම කැමති දේවල් කරගෙන ඉන්න මට ව්‍යාපාරයක් අරඹන්න හැකියාවක් නොතිබුණා නම් මටත් අනික් කලාකරුවන්ට වගේ ඉහත පැවසූ වගකීම් තිබුණ නම් මටත් සිද්ධ වෙයි වෙන දෙයක් කරන්න. ඔබ පවසන්නෙ කලාකරුවන්ට ජීවත්වෙන එකත් එක්තරා අරගලයක් කියලද? පැහැදිලිව ඒක අරගලයක් තමයි ලංකාවේ බැංකුවකින් ණයක් නොදෙන කණ්ඩායම්වල ඉහළින්ම ඉන්නෙ කලාකරයො. ගෙයක් හදාගන්න. ව්‍යාපාරයක් ගොඩනගන්න, නිවසක් හදාගන්න කලාකරුවන්ට ණයක් ගන්න බැහැ. ඔය පසුබිම තුළ කලාකාරයො වැරදි කරන එක අසාධාරණද? සුරංජි පතිරණ
 

More News..