brand logo

මම යකඩ ගැහැනියක්

10 August 2019

බාල තරුණ මහ ලු හැමෝම එකම ආකාරයට රස විදින ටෙලිනාට්‍යය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ "රාවණා" කියලා හැබැයි අපි මේ යන්නේ රාවණා ගැන කතා කරන්න නෙවේ. රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී රැජිනව මුණ ගැහෙන්න. ඉතින් අවසරයි එහෙනම් කේතුමතී රැජින ලෙස රගපාන ශ්‍රීමාලී ෆොන්සේකා සමග කතා බස් කරන්න. මම වැඩ හිඟාකන බංකොලොත් නිළියක් නෙවේ බාල තරුණ මහලු හැමෝම එකම ආකාරයට රස විඳින ටෙලිනාට්‍යය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ ‘‘රාවණා’’ කියලා’‘ හැබැයි අපි මේ යන්නේ රාවණා ගැන කතා කරන්න නෙවේ. රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී රැජිනව මුණ ගැහෙන්න. ඉතින් අවසරයි එහෙනම් කේතුමතී රැජින ලෙස රඟපාන ශ්‍රීමාලී ​ෆොන්සේකා සමග කතා බස් කරන්න. කොහොමද කේතුමතී රැජිනට ලැබෙන ප්‍රතිචාර? ඉතා ඉහළයි. විශ්වාස කරන්න බැහැ. පුංචි දරුවන්ගෙන් තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ. රාවණා රඟපාන්න අරගෙන අවුරුද්දයි. මේ ප්‍රතිචාර නිසා මහන්සියක් දැනෙන්නෙම නැහැ. කොහොමද මේ චරිතය ලැබෙන්නේ? තුෂාර තෙන්නකෝන් පිටපත් දීලා රඟපාන්න පුළුවන්ද කියලා ඇහුවා. පිටපත කියෙව්වට මට කතාව ගැන අවබෝධයක් නැහැ. තුෂාර අවුරුදු දහ අටක් රාවණා ගැන හොයපු විස්තරයක් එක්ක මට කතාව කිව්වා. ඇත්තටම ඒ පැහැදිලි කිරීම ඇහුවම මේ චරිතය රඟපාන්න පුදුමාකාර කැමැත්තක් ඇති වුණා. ඔබ නිතර රඟපාන්නේ නැහැ නේද? රඟපාන්න කැමැතියි. නමුත් රඟපාන්න කෝ චරිත. රඟපාන්න දෙයක් නැති නාට්‍යයක මුහුණ පෙන්නලා වැඩක් නැති නිසා මම දන්න ව්‍යාපාරය කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. නමුත් කේතුමතී රැජිනගේ චරිතය ලොකු අභියෝගයක් කියලා දැනුණ නිසයි මේක කරන්න භාරගත්තේ. බංකොළොත් නිර්මාණවලට දායක නොවී ඉන්න මම තීරණය කරලා තියෙන නිසා මාව නිතර දකින්න නැහැ. ඔබ අහංකාර කෙනෙක්ද? අපෝ නැහැ. මම හරිම සරලයි. මිසිස් ඒෂියා වුණා. මිසිස් USA වුණා. ඒක මම ලබාගත්තු ලොකු අභිමානයක්. හැබැයි මම ඒ දේවල් කාටවත් පෙන්නන්න යන්නේ නැහැ. ව්‍යාපාරත් එක්ක රඟපාන්න කාලය නැති නිසාද රඟපාන්නෙ නැත්තේ? එහෙම දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබණොත් රටේ එහා කෙළවරට හරි යන්න මම සූදානම්. අදට වුණත් රාවණා රඟපාන්න මම ඒ කැප කිරීම කරනවා. රිවස්ටන්වල තියෙන සේරා ඇල්ලේ තමා රාවණා රූගත කිරීම් කරන්නේ. සෑහෙන දුරක් පයින් යන්නත් තියෙනවා. බඩු උස්සගෙන කැලෑවල් මැද්දෙන් යන්නේ නාට්‍යයේ තියෙන වටිනාකම නිසාමයි. රූගත කිරීම තියෙන්නෙත් කැලේ මැද්දේ. ලොකු කැප කිරීම කොච්චර කාලයක් නාට්‍යයේ ඉන්නවද? කේතුමතී රැජිනට ළමයි 15ක් ඉන්නවා. ඉතින් අවසානය දක්වාම මගේ චරිතය යයි. රාවණා ඔබේ සිතට තදින්ම වැදිලද? ඇත්තටම ඔව්. මෙහි මුල් දර්ශනයේ ඉඳලම මම රඟපාන්නේ හරිම ආසාවෙන්. මුලින්ම සේරා ඇල්ල ළඟ ගත්තු සීන් එකට මම හරිම කැමැතියි. රාකා කුමරිය මගෙන් වෙන් වෙලා යන දර්ශනය තාමත් ඒ මොහොතේ දැනුණ වේදනාව මට දැනෙනවා. රාවණා විතරද මේ දවස්වල රඟපාන්නේ? නීල පබළු එකේ වැඩ කරනවා. රොෂාන් රවීන්ද්‍රගේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ වැඩ භාරගත්තා. අන්තිමට කරපු රෂ් හා අභිෂේකා ළඟදීම තිරගත වෙයි. හැමදාම කොමර්ෂල්වල මම කාර්යබහුලයි. අදටත් රඟපාන්න වෙළෙඳ දැන්වීම් තියෙනවා. ඔබ දක්ෂ නිළියක්. රූපලාවණ්‍ය ශිල්පිනියක්. නිවේදිකාවක්. ව්‍යාපාරිකයෙක්. නමුත් ඔබව මතුවෙන්නේ නැත්තේ ඇයි? මෙහෙමයි. මම කරන දේ හරියට කරනවා. එතැනින් පසසේ මම සාමාන්‍යයි. සරලයි. අද ජනප්‍රිය වෙන්නේ කොහොමද... නාට්‍යය මග එනකොට නිළියව පුම්බලා ඉවරයි. මගේ එහෙම පුම්බන්න දෙයක් නැහැ. මට හොඳ ආර්ථික මට්ටමක් තියෙනවා. වැඩ තියෙනවා. මගේ ගමන මම යනවා. අඩුම ගානෙ සම්මාන උළෙලකටවත් මම යන්නේ නැහැ. මේ නිශ්ශබ්දකම පාඩුවක් නේද? කෑ ගහන්නේ වැඩ නැති අය. බලෙන් ප්‍රසිද්ධ වෙන්න හදන්නේ වැඩ නැති අය. මට වැඩ තියෙනවා. ඇතිවෙන්න කොමර්ෂල් තියෙනවා. කොහොමත් මම හැම එකේම රඟපාන්නේ නැහැ. මම ව්‍යාපාරිකාවක්. මම රඟපාන්නේ විනෝදාංශයක් හැටියට. මිනිහෙක්ගේ විනෝදාංශය කවදාවත් කැපී පෙනෙන සාධකය වෙන්නෙ නැහැනේ. බලන්න මෑත කාලයේ රඟපාපු අලුත් අයගේ එක චරිතයක් මතක හිටිනවද කියලා. අවුරුදු දහයකටත් කලින් මම රඟපාපු ඉස්සරහටම යමු’’ ටෙලිනාට්‍යය සුලෝචනාගේ චරිතය තාමත් හැමෝටම මතකයි. එ වගේ මම රඟපාන්නේ තෝරාබේරාගත් චරිත විතරයි. ඔබ ගැන ඔබ දකින්නේ කොහොමද? මම යකඩ ගැහැනියක්. ඇයි එහෙම කියන්නේ? මේ සමාජයත් එක්කම ඉඳලයි මම එහෙම වුණේ. ඉස්සර මම අහිංසක කෙල්ලෙක්. තනියම පාරක යන්න බැහැ. ගෙදර තනියම ඉන්න බැහැ. තනියම තීරණයක් ගන්න බැහැ. නමුත් අද මම කාටවත්ම බය නැහැ. ඔබේ හිතේ සඟවාගත්ත ලොකු කතාවක් තියෙනවා වගේ? එහෙම වෙන්න පුළුවන්. නමුත් මම මගේ අසරණකම් ගැන කියන්න කැමැති නැහැ. ඒක මගේ පෞද්ගලික ජීවිතේ. ඒක මම විතරක් දැනගත්තාම ඇති කියලා හිතනවා. ඔබ ලොකු අසාධාරණයකට ලක්වෙලාද ඉන්නේ? මේ ලෝකේ ගෑනුන්ට වෙන්නේ අසාධාරණකම් තමයි. මමත් ගැහැනියක්. නමුත් මම අසාධාරණයට එරෙහිව නැගිට්ට කෙනෙක්. ඇයි තනිකඩව ඉන්නේ? මම කැමැති නිසා. මම කැමැතියි තනියම ඉන්න. ඔබ ජාත්‍යන්තර රූ රැජිනක්. තනියම ඉන්නකොට ප්‍රශ්න වැඩියි නේද? තව කෙනෙක් එක්ක ඉන්නකොටයි ප්‍රශ්න වැඩි. තනියම ඉන්නකොට මම විතරයි. කැමැති විදිහකට ඉන්න පුළුවන්. හිත නිදහස්. ඔබ කියන්නේ මම තනිව ඉන්නකොට සමාජයම එය ප්‍රශ්නයක් කර ගන්න එකනම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවේනේ. අනුන්ගේ ප්‍රශ්නවලට මම මගේ හිත චුට්ටක්වත් රිදවගන්න කෙනෙක් නෙවේ. පිරිමි ගැන කලකිරීමක් තියෙනවද? නැහැ. හොඳට පාඩම් ඉගෙන ගත්තා. මට්ටු වුණා. ආයේ ඒ වැරැද්ද කරන්නේ නැහැ. ජීවිතේ අත්දැකීම් තමා අපිට හරි වැරැද්ද කියලා දෙන්නේ. ඉතින් වැරදුණ තැන කලකිරීමක් කියලා හිතන්නේ නැහැ. ඒක ආශිර්වාදයක් කරගෙන අනාගතයට නිවැරදි පාර හදාගන්නවා. ජීවිතයට පිරිමියෙක්ගේ අත්වැලක් අවශ්‍ය නැද්ද? කොහෙත්ම නැහැ. මට පුළුවන් මගේ ගමන තනියම යන්න. මොකද මගේ හිත ශක්තිමත්. ඒ කියන්නේ මුළු ජීවිතයම තනිකඩම ඉඳියිද? ඔව්. මම කිව්වේ. මේ ජීවිතේ ප්‍රශ්න අඩුයි කියලා. ම​ගේ කැමැත්ත මට ඕන විදියට නිදහසේ ජීවත් වෙන්න. ඉතින් එතෙන්ට තව කෙනෙක් බලෙන් ඇදලා දාගෙන ඇයි ප්‍රශ්නයක් ඇති කරගන්නේ. මේ ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ. විඳින්න. සටහන - ක්‍රිශාන්ත පුෂ්පකුමාර
 

More News..