brand logo

මිහිරි දෙවැනි ඉනිමෙන් අයින් වුනේ ඇයි ?

27 July 2019

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය හරහා රටක් හඳුනාගත් සචිනි වික්‍රමසිංහ අද වනවිට විවිධ චරිත හරහා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් හිඳින යොවුන් නිළියක්. රංගනය මෙන්ද නිවේදනයටත් පය තියා සිටින සචිනි අප හා සුහද පිළිසඳරකට එලඹුණේ මෙලෙසිනුයි. සචිනි කලාවට යොමුවෙන්නෙ මම කලාවට සම්බන්ධ වෙන්නෙ කුඩා වියේදිමයි. පුංචිකාලෙ සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ගියා. ඉස්කෝලෙ වැඩත් එක්ක ඒ දේවල් නතර වෙලා ලොකු වුණාට පස්සෙ 2015 සිරස කුමරිය තරගයෙන් මම අන්තිම හයදෙනා අතරට තේරුණා. ඊට අවුරුද්දකට පස්සෙ 2017 අප්‍රේල් 22 තමයි මම ආයෙමත් කලා කටයුතත්කට සහභාගි වුණේ සචිනි රංගනය ඇරඹූ දෙවෙනි ඉනිමට සමුදෙන්න හේතු වූ කාරණය කුමක්ද? දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මිහිරිගෙ චරිතය අවුරුදු දෙකක් රඟපෑවා. මම ඒකෙ රඟපෑවෙ පාසල් යුවතියකගෙ චරිතයක්නේ. ටෙලිනාට්‍යයේ පාසල් විය අවසන් වෙනවත් එක්ක ඒ චරිතය අවසන් වුණා. මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණ පිළිබඳ තොරතුරු සඳහන් කරනවා නම් මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන ඉත්තෝ ටෙලිනාට්‍යයේ අමන්දා, නීල පබළු ටෙලිනාට්‍යයේ රුවිනි, ස්වර්ණවාහිනී නාළිකාවේ නෝ පාර්කින් ටෙලිනාට්‍යයේ නිෂූ, ඒ වගේම වේදිකාවේ කළුම කළු මහත්තුරු නාට්‍යයේත් චරිත රඟපානව ස්වර්ණවාහිනියේ රිදම් ෆෝ ලන්ච් වැඩසටහන ඉදිරිපත් කරනව. ඒව තමයි මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු. සිනමාවෙන් ඇරයුමක් ලැබුණෙ නැතිද? එක ඇරයුමක් තියෙනව. ඉදිරි කාලයේ ඒ ගැන බලාපොරොත්තු වෙනව. සචිනිගේ රංගන දිවියේ අපේක්ෂා මොනවද? මම ආසයි යමක් කරන්න තියෙන චරිතම රඟපාන්න. මේ දිනවල මම කරන අමන්දා චරිතය කියන්නෙ කතාකරන්න බැරි කෙනෙක්. නෝ පාර්කින් එකේ විකට චරිතයක් දෙවෙනි ඉනිමේ මිහිරි දඟකාර යුවතියක්. ඒ වගේ විවිධ චරිත මේ වෙද්දි ලැබිලා තියෙනවා. සචිනි අද වෙද්දි වෘත්තීයමය නිළියක්ද? මගේ උපාධි ප්‍රදානෝත්සවය තිබුණෙ පසුගිය මාසයේ. ඒ දේවල් ඉවර වෙනකම් මම කාලය, වේලාව අඩුවෙන් තමයි රංගනයට යෙදෙව්වෙ. දැන් අධ්‍යාපන කටයුතු අවසන් නිසා වැඩි වෙලාවක් වැය කරන්න පුළුවන්. සචිනි අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රයෙන් රැකියාවක් ලැබුණොත්? ඔව්. රැකියාවක් කිරීමේ අදහසක් තියෙනව. මම මේ දවස්වල මගේ සුදුසුකම්වලට ගැළපෙන රැකියාවලට අයැදුම් කරනව. මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා වෙනත් රැකියාවල නිරත වෙන ගමන් කලා කටයුතුත් කරනවනෙ. මමත් ඒ විදිහට මට ලැබෙන රැකියාවත් සමග සමබර කරගෙන රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නෙ. කලා ක්ෂේත්‍රය ගැන සචිනිට තියෙන්නෙ මොනවගේ ආකල්පයක්ද? රංගන ක්ෂේත්‍රයේ අයගේ චරිත ගැන විවිධ කටකතා තියෙනවනෙ. මට නම් තවම ඒ වගේ අපහසුතාවලට මුහුණ දෙන්න වෙලා නැහැ. පිටතින් බලල ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන තීරණ ගන්න එක සාධාරණ නැහැ කියලයි මම නම් හිතන්නෙ. සචිනිගේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් සහායත් ලැබෙනවද? මම පුංචිකාලෙ අමම්යි තාත්තයි තමයි මාව රූපවාහිනී වැඩසටහන්වලට එක්කගෙන ගියේ. ඒත් පස්සෙ සිරස කුමරිය තරගයට යද්දි නම් තාත්තා කැමති වුණෙ නැහැ. මම කරන වැඩසටහන් ටෙලිනාට්‍ය බලල මට මුලින්ම අදහස් කියන්නෙ මගේ තාත්තා. ඔබේ දෙමවුපියන් කලාව නෑකම් කියන අයද? අම්මා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. තාත්තා දේශපාලනයට සම්බන්ධයි. මට මල්ලිල දෙන්නෙක් ඉන්නව සචිනිට රංගනය ගැන ඉගෙන ගන්න අදහසක් නැතිද? මම විවිධ චරිත රඟපාන්න වගේම වේදිකා රංගනයටත් ගොඩක් ආසයි. වේදිකාවෙන් තමයි රංගනය කියන්නෙ මොකක්ද කියලා මම මුලින්ම ඉගෙන ගත්තෙ. මම රංගනය ගැන ඉගෙන ගෙන රඟපාන්න ආසයි. මම කුමුදු නිශාන්ත අයියගෙ රංගන පන්ති හා වැඩමුළුවලට සහභාගි වෙනව. ඊට අමතරව සිංහල ඉංග්‍රීසි චිත්‍රපට බලලා ගොඩක් රංගනය ගැන අදහස් ලබාගන්නව. ක්ෂේත්‍රයේ තමන්ගේ දක්ෂතාවෙන් වෙනස් යමක් කරලා සම්මානයට පාත්‍රවෙන අදහසින්ද මේ ගමන යන්න? සම්මානයක් ලැබෙනව නම් ආසයි. ඒ නිසාම තමයි මම රංගනයෙන් දෙයක් කළා කියලා පෙන්විය හැකි චරිත සොයා යන්නෙ. ඒකට වාසනාවක් තියෙන්නත් ඕනනෙ. ඇත්තටම මට ලැබුණ අමන්දාගෙ චරිතය මට ලොකු වෙනසක් කරන්න ලැබුණ. කලා ක්ෂේත්‍රයේ අයට පොදුවේ සමාජ මාධ්‍ය ජාලා හරහා එල්ලවන මඩ ගැසීම්වලට ඔබ මුහුණ දීලා නැතිද? දෙවනි ඉනිමට ගිය මුල් කාලයෙ මාධ්‍ය ජාලාවල මාව අපහසුවට පත්වෙන ඡායාරූප දාලා තිබුණා. මගේ පාසැල්වියේ ජායාරූපයකුයි මගේ දැන් ජායාරූපයකුයි දාලා මෙයා ඉස්සර මේ වගේ දැන් මේ වගෙයි කියලා දාලා තිබුණා. කොහොමටත් අපි පාසල් යනකොට වගේ නෙවෙයිනෙ තරුණ වයසට ආවහම රංගන ක්ෂේත්‍රයට ආවහම, අපි විලාසිතාවලට යොමුවෙනවනෙ. පාසල් වියේ පෙනුමෙන් ඉන්නෙ නැහැනෙ. මුලදි ඒවා ගැන හිත රිදුණා. මානසිකව වැටුණා. පස්සෙ මම හිතුවා ඒ දේවල්වලිනුත් මං ගැන අනිත් අය දැනගන්නවනෙ කියලා හිතලා හිත හදාගත්තා. සචිනි මේ වෙද්දි පෙම්වතියක්ද? ඔව් එහෙම හිතාගෙන ඉන්නව. ළඟදිම විවාහ වෙන්න අදහසක් තියෙනවද? අනිවාර්යෙන්ම ගැහැනු ළමයෙක් වුණහම නිසි වයසෙදි විවාහ වෙන්න ඕනනෙ. එහෙම බලාපොරොත්තුවක් තියෙනව බලමු. සචිනි කරකාර බඳින්නෙ කලා ලෝකයේ කෙනෙක්වද? ක්ෂේත්‍රයෙන්ම නෙවෙයි. සමහර විට විවාහයෙන් පස්සෙ මම රඟපායිද කියලත් මම දන්නෙ නැහැ. කැපකිරීමක් කරන්න වුණොත් ඒ දේ කරනව. මොකද පවුල් ජීවිතයනෙ වැදගත් වෙන්නෙ. සචිනිත් ෂූටිං යද්දි අම්මා එක්ක යන නිළියො අතර ඉන්න කෙනෙක්ද? දෙවෙනි ඉනිමට ගියපු මුල් දවස් හතරක් විතර ගෙදරින් ආවා. පස්සෙ මම කිව්වා මමත් දැන් ලොකුයිනෙ, මොකටද කවුරුවත් එන්නෙ කියලා අපි පන්තියට කඩේට පෙම්වතා එක්ක තනියෙන් යනව නම් මොකටද ෂූටිංවලට විතරක් අම්මා එක්ක යන්නෙ එහෙම අවශ්‍ය නැහැනෙ. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..