brand logo

දෙවියන් මට සමහර දේවල් දෙනවා, සමහර දේවල් මගෙන් ගන්නවා

20 April 2019

සුන්දර රුව දඟකාර හැසිරීම් රටාව මෙන්ම ළගන්නා කතා විලාශය හේතුවෙන් වොල්ගා කල්පනී වෙත යළි යළිදු ආදරයම තිළිණ වෙනවා. මේ දවස්වල හුස්ම වැටෙන මලක් වී සිටින වොල්ගාගෙන් විමසා පසිඳගන්න තියෙන බොහෝ ප්‍රශ්නවලට උත්තර අරන් මුතුපලසට ආවෙ මෙහෙමයි. වොල්ගා මේ දිනවල කරන වැඩ මොනවද? චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න නියමිතව තිබුණා අප්‍රේල් මාසයෙ. නමුත් ඒ දිනවල මම ලංකාවේ නැති ප්‍රශ්නයක් නිසා ඒක මගෙන් ගිලුහුණා. නමුත් මගේ ප්‍රියතම හා මාව තිරයට හඳුන්වා දුන් අධ්‍යක්ෂවරයා වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ අලුත්ම ටෙලි නිර්මාණය වන හුස්ම වැටෙන මල් හි මම රඟපානවා. වොල්ගගෙ රංගනය, මෑතකදිම දැකගන්න ලැබෙන වෙනත් නිර්මාණ මොනවද? සුදත් දේවප්‍රිය මහත්මයගේ සුළඟ මහමෙරක හා රොෂාන් කුරුප්පු මහත්මයගෙ නිරාවරණ ටෙලි නාට්‍ය දෙක එන්න තියෙනව. කාන්තා චරිත තුනක් සමග දිවෙන හුස්ම වැටෙන මල් ගැන කාන්තාවක් විදිහට කියන්න තියෙන දේ කුමක්ද? අපේ සමාජය කාන්තාවන්ට හුස්ම වැටෙන්නෙ නැහැ කියල. එහෙම නැත්නම් කාන්තාවට අනෙක් අයට වගේ රිදෙන්නෙ නැහැ කියලනෙ වැඩ කරන්නෙ. මේක පිරිමි හා කාන්තාවො යන දෙපිරිසම කරන දෙයක්. ඇතැම් කාන්තාවන් තවත් කාන්තාවන්ට එරෙහිව වැඩ කරනවා ඒ කාන්තාවට හුස්ම වැටෙන්නෙ නැහැ කියල හිතාගෙන. මේක අපි විසින්ම කරගත්ත දෙයක්. ගැහැනියක් නැත්නම් මේ ලෝකෙට කිසි කෙනෙක් බිහිවෙන්නෙ නැහැ. ගැහැනුන්ට අපහාස කරන බණින හැම පිරිමියෙක්ම ඇවිත් තියෙන්නෙ ගැහැනියකගෙ කුසින්. ඒ ටික තේරුම් ගත්ත නම් මේ සමාජය මීට වඩා ලස්සන වෙයි. හැබැයි මම හිත්නනෙ නැහැ මේ සමාජය ආයෙ ලස්සන කරන්න පුළුවන් වෙයි කියලා. වොල්ගා විදෙස්ගත වෙන්නෙ ප්‍රසංගයක් සඳහාද? විදේශගත වෙන්නෙ ප්‍රසංගයකට නෙවෙයි. පළවෙනි වතාවට ලංකාවෙ කලාකරුවන්ට ලංකාවෙ පිරිසක් සම්මාන දෙනවා. එහෙම අවස්ථාවකටයි මම ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උමයංගනා වික්‍රමසිංහ, ඩිලන්ත මාලගමුව, නයනතාරා සිදු එකේ සෝරත හාමුදුරුවන්ගෙ චරිතය කරන පුතා හා කායවර්ධන ශිල්පී ලුෂන් අයියා ආරාධනා ලබල තියෙන්නෙ. මෙම සම්මාන උළෙල ගැන තවදුරටත් තොරතුරු පවසනව නම්? ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයන් විසින් පිහිටුවාගෙන තියෙන ත්‍රි සි එස් කියන සංවිධානයකින් තමයි මේක සංවිධානය කරන්නෙ. එම උළෙලෙදී සම්මාන ලැබෙන්නෙ කාටද කියලා. අපිට දන්වල නැහැ. වොල්ගා පහුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් ආරංචියි? ඔව්. පහුගිය කාලෙ දරුණුවට අසනීප වුණ නිසා ටෙලි නාට්‍ය දෙකකටම දිනත් දීලා ඒවා මගහැරුණා. ඒක සාමාන්‍ය අසනීපයක් නෙවෙයි. මාව හොඳටම දුර්වල වුණා. එක දවසක් වැඩ කළොත් පහුවදාට හොඳටම දුර්වල වෙනවා. මේකට හේතුව හොයාගන්නත් බැරිව හිටියෙ. පස්සෙ තමයි දැනගත්තෙ විෂබීජයක් ශරීර ගත වෙලා කියලා. රංගන ශිල්පිනියක් විදිහට වෘත්තිය පටන් අරන් කොතරම් කාලයක්ද දැන්? නිවේදිකාවක් විදිහට පොඩි කාලෙයි මම කලාවට ආවෙ. නමුත් රංගනයට ඇවිත් ගතවෙන්නෙ පස්වෙනි අවුරුද්ද. මේ වෙද්දි මේක තමයි රැකියාව වෙලා තියෙන්නෙ. මම වාහන අරන් කාල බීල ජීවත් වෙන්නෙ. මේ රැකියාව හැර මට වෙන ආදායම් මාර්ගයක් නැහැ. වොල්ගා ක්ෂේත්‍රයේ තමන් කරන දේවල ගැන ගුරුහරුකම් ගන්නෙ කාගෙන්ද? මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මම තිරයෙ අහිංසක පෙම්වතිය වෙන්න කැමැති නැහැ කියන කාරණය. මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න ඕන. හැබැයි සම්මානයකදි ජනප්‍රිය කියන වචනය ඉදිරියට එනවට වඩා හොඳ කියන වචනය මගේ නම ඉදිරියෙන් තියෙනවටයි මම කැමැති. ක්ෂේත්‍රයේ දෙයක් අහන්න තියෙනව නම් මම අහන්නෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයගෙන් සහ ගයා රම්‍ය අල්විස් යන අයගෙන්. ගොඩක් මට දැනෙන විදිහට තමයි මම දේවල් කරන්නෙ. වොල්ගගෙ රංගනයට නිසි ඇගයීමක් ලැබිල තියෙනවද? අගය කරන්න ඕන තැන්වල මට ඇගයීම් ලැබුණා. මට ජීවිතයේ ලැබෙන්න ඕන දේවල් ඕන කාලවල හැමදේම ලැබුණා. අනවශ්‍ය දේවල් ජීවිතයෙන් අයින් වුණා. දෙවියන් මට සමහර දේවල් දෙනවා. සමහර දේවල් මගෙන් ගන්නවා එහෙම තමයි ජීවිතය. ඔබගේත් හා හර්ෂණගේත් පවුල් ජීවිතය පහුගිය කාලයේ කටකතාවලට ලක්වුණ කරුණක් වුවා නේද? කටකතාවල නම් ගොඩක් දේවල් තිබ්බා. සත්‍ය ඒක නෙවෙයි. හැබැයි මම ඒ කිසිම කටකතාවකට උත්තර දෙන්න යන්නෙ නැහැ. හැබැයි දවසක් එනවා හැමදෙයක්ම හෙළිකරන්න. මොකද මට අවශ්‍ය නැහැ ප්‍රේක්ෂකයන්ට බොරු කරන්න. ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයින් ම නේද මේ කතා කියන්නෙත්? මිනිස්සු මට කටකතා හැදුවෙ ආදරේ නිසාමයි. අපි ගොඩක් ආදරේ කරල ඒක නැතිවුණහම ඒකට ගරහනව. ඒකනේ අපේ ක්‍රමය. මොකද කලා ක්ෂේත්‍රයේ යුවළක් විදිහට මටයි හර්ෂණටයි ගොඩක් ආදරේ කළා. ඒ නිසා තමයි මිනිස්සු අපි ගැන හොයන්නෙ. ඒ ආදරයට මම ගරු කරනවා. හැබැයි මම කියන්නෙ මිනිසුන්ගෙ පුද්ගලික ජීවිතේ දිහා බලලා ව්වේචනය කරන්න එපා කියලයි හර්ෂණ හා වොල්ගා තිරයෙදි යළි පෙම්වතුන් ලෙස දකින්න නොලැබීමේ පෙරනිමිත්තක්ද මේ? මමයි හර්ෂණයි ගොඩක් නිර්මාණවල එකට රඟපාලා නැහැ. නිර්මාණ තුන හතරක විතරයි. පෙම්වතුන් විදිහට රඟපෑවේ. අපි දෙන්නගෙ ගිවිසුම් තිබුණෙ නැහැ. එකට රඟපානව කියල අපි රඟපාපු ටෙලි නාට්‍ය එන්න තියෙනවා. මම හැමදාම කියන්නේ ඇක්ෂන් කට් කියන එක ඇතුළෙ හැමෝම මට නළු නිළියො විතරයි. ඒක ඇතුළෙ මගේ නැදෑයොද මගේ දරුවොද සැමියාද කියලා විශේෂයක් නැහැ. සුරංජි පතිරන    
 

More News..