brand logo

මම හැමදාම ප්‍රේමයෙන් පැරදුන කෙනෙක්

07 April 2019

1. රුක්ෂානා මේ දිනවල නිරන්තරයෙන් පේන්න ලැබෙනවා අපට නේද? ඔව්. මේ දිනවල මම රංගනයෙන් එකතු වුණ ටෙලිනාට්‍ය කිහිපයක්ම තිරගත වෙනවා. ඒ අතර නීල පබළු, ඉරු දේව නාට්‍ය දෙක විකාශය වෙනවා. 2. රුක්ෂානා එකතු වුණ චිත්‍රපට තවම තිරගත වුණේ නෑ නේද? ඔව්. N. සිවනාදන් මහත්තයාගෙ සහ සරත් දික්කුඹුර මහත්තයගෙ සිනමාපට දෙකකට සම්බන්ධ වුණා. මම හිතනවා මේ අවුරුද්දෙ මේ චිත්‍රපට දෙකම රිලීස් වෙයි කියලා. බලමුකො. 3. ආරංචි වෙන විදියට රුක්ෂානා එක් චිත්‍රපටයක අභියෝගාත්මක රංගනයක් කරනවා නේද? සිවනාදන් මහත්තයගෙ දෙවන යුද්ධය චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් නිරූපණයට තමයි මම ඉන්නෙ සරත් දික්කුඹුර මහත්තයගෙ සිනමාපටයේ චරිත අභියෝගාත්මකයි. මොකද ඒක සත්‍ය කතාවක් විදියට කරගෙන තමයි නිර්මාණය වුණේ. ඒකේ රූගත කිරීම් ඉවරයි. ඉදිරියේදී බලාගන්න පුළුවන්වෙයි ඒ චිත්‍රපටවල මගේ රංගනය. 4. රුක්ෂානා නිවේදනයට ඇවිත් කොයිතරම් කාලයක් වෙනවද? කොහොමද නිවේදනයට සම්බන්ධ වෙන්නේ? මම දැන් රංගනයට එකතු වෙලා අවුරුදු තුනහමාරක් විතර වෙනවා. මගේ පළවැනි රංගනය උතුම් පැතුම් නාට්‍යයෙන්. ඒකට මට අවස්ථාව ලබා දුන්නේ උපුල් ජයසිංහ මහත්තයා. ඔහු මගේ අසල්වැසියෙක්. ඉතින් මම එතුමාගෙන් කළ ඉල්ලීමකට තමයි මට අවස්ථාව ලබා දුන්නේ. 5. ඇයි තවම රුක්ෂානාට නාට්‍යයක ප්‍රධාන චරිතය නොලැබුණේ? මම හිතන්නේ ඒක මගේ කරුමෙ තමයි. අනිත් එක මම හිතනවා ප්‍රධාන චරිතයක් කරන්න ගොඩක් ලොකු දක්ෂතාවක් තියෙන්න ඕන. අත්දැකීමක් තියෙන්න ඕන. ලොකු ආකර්ෂණයක් ඕන. මම හිතන්නෙ ඒ නිසා තමයි මට තවම නොලැබුණේ. 6. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වෙන්නද කැමැත්ත? මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරල ඉන්නෙ. වෘත්තියක් විදියට කරන්න මම නර්තන පාසලක් පවත්වාගෙන යනවා. ඒ අතරේ නර්තන කණ්ඩායමක් තියෙනවා. ඒකෙ වැඩකටයුතු කරගෙන යනවා. 7. රුක්ෂානාගෙ ඉදිරි වැඩකටයුතු මොනවද? මේ වෙනකොට ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා වෙනස් විදියේ චරිත දෙකක්. ඊට අමතරව තවත් රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 8. රුක්ෂානාගේ ප්‍රේම කතාව ගැනත් කියමු නේද?  ඒ ගැන දැන් කියන්න දෙයක් නැහැ. ඒ ආදර කතාවට තිත තියලා තියෙන්නෙ. මම හැමදාම ආදරයෙන් පැරදුන කෙනෙක්.
 

More News..