brand logo

මම දෛවය දකින්නේ පිටපතක් වගේ

07 March 2019

1. මේ දිනවල ඉසුරු, ටෙලිනාට්‍ය කිහිපයකම අපිට දකින්න ලැබෙනවා. ඔව්, ටෙලිනාට්‍ය බොහොමයක මම රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මම රංගනයෙන් දායකවන අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘‘ඔබ නිසා’’ ඒක වෙනස්ම විදියක ටෙලිනාට්‍යයක්. ‘‘ඔබ නිසා’’ බලන්න. ඒ අත්දැකීම ඔබටම විඳගන්න හැකිවේවි. 2. ඉසුරු ඔබ ටෙලිනාට්‍ය තෝරා බේරාගෙන රංගනයෙන් දායක වුණු කෙනෙක්? මම රංගනයට ආව මුල් කාලයේ එහෙම තෝරා බේරා ගැනීමක් කරන්න හැකි වුණේ නැහැ. මගේ පවුලේ කවුරුත් රංගන ක්ෂේත්‍රයේ නැහැ. එහෙම වුණාම අපිට කවුරුත් ප්‍රධාන චරිතයක් දෙන්නේ නැහැනේ. එහෙම වුණාම ලැබෙන හැම නිර්මාණයක්ම කරලා රඟපාන්න පුළුවන් කියලා පෙන්වන්න වෙනවා. නමුත් දැන්නම් මම තෝරා බේරා ගැනීමක් කරනවා. එහෙම තෝරාගත් ‘‘රාවණා’’ මේ වන විට දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. හිරු TV හි ‘‘ඉරු දේවි’’ හා ස්වාධීන රූපවාහිනියේ ‘‘සඳ හැංගිලා’’ ටෙලිනාට්‍ය මේ වන විට විකාශය වෙනවා. 3. මෙතෙක් ඔබ රංගනයෙන් දායක වූ චරිත ගැන සෑහීමකට පත්වෙනවද? ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ චරිත නිරූපණය කරන්න මට ලොකු අවස්ථාවක් ලැබුණා. ඉතිං ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මට සෑහීමකට පත්විය හැකියි. අපි නිතර දකින්නේ එකම රාමුවකට කොටුවුණු නළුවන්. මට එතැනින් වෙනස් වෙන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා. 4. ඉසුරු රංගනයට පිවිසෙන්නේ ස්ථාවර වැටුපක් ලැබෙන වෘත්තියක් අතහැරලා. ඉතිං ආර්ථිකමය වශයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් වුණාද? මම ලුතිනන්වරයෙක් ලෙස කටයුතු කරමින් ඉන්පසුව ඔෟෂධ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කළමනාකාරවරයෙක් ලෙස සේවය කරනවා. ඒ අතර රඟපානවා. නමුත් මට එහිදි තේරුණු දෙයක් තමයි පූර්ණකාලීනව මේ වෙනුවෙන් කැපවෙන්න ඕන කියන එක. මම ඒ ගැන ඉගෙනගෙන හැදෑරුවා. මම දැන් වෘත්තීයමය රංගන ශිල්පියෙක් ලෙස ස්ථාවරයි. මම හැමදාම මට ලැබෙන ආදායම එක්ක මගේ වියදම හදාගත්තා. එහෙම වුණාම ජීවිතය හරි ලේසියි. 5. ඉසුරු දෛවය විශ්වාස කරන කෙනෙක් විදියට ඉදිරියේදී දෛවයට අනුව දේවල් සිදුවෙනකම් බලාගෙන ඉන්නවද? මම දෛවය දකින්නේ පිටපතක් වගේ. එහි Act කරන්න වෙන්නේ මට. Script එක තියාගෙන Act එකෙත් ඒක වෙනස් කරන්න පුළුවන්නේ. මම ජීවිතය දකින්නේ ඒ විදියට. මාව නළුවෙක් කරනවා කියලා දෛවයේ ඇති. නමුත් හැකියාව මම සෑම දෙයක්ම තීරණය වේවි. මේධාවි ජයතිලක. 
 

More News..