brand logo

රන්ජන් පරදා ජනතා සම්මානය දිනු හේමාල්

25 March 2019

1. හේමාල්ට ‘‘තාල ’’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ රංගන කටයුතු සාර්ථකයි කියලා හිතෙනවද? ‘‘තාල’’ චිත්‍රපටය තුළ informal education හා Formal education ගැන කතා කරන්නේ. අපි චිත්‍රපටය තුළින් කතා කරන්න උත්සහ කරන්නේ. සරල සහ පර්යේෂණාත්මක විදි මගින් දරුවන්ට තමන්ට රිසි සේ අධ්‍යාපනය ලබාදෙන ක්‍රමයක් ගැන. මේ වෙද්දි එයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලද්දි මට හිතෙනවා සර්ථකයි කියලා. 2. සිනමා නිර්මාණයකින් මෙවැනි සමාජ කාරණාවක් කතා කිරීම සහ ඉන්පසු ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන කතිකාවත ගැන ඔබේ අදහස කුමක්ද? හැත්තෑව අසූව වැනි දශක සමඟ බලන විට මේ වන විට ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය ඉතා කුඩායි. මේ තත්ත්වය ඇති වෙන්නෙ කර්මාන්තය තුළ තිබෙන අභ්‍යන්තර කාරණා වගේම, ප්‍රේක්ෂකාගාරයේ යම් යම් ගැටලු හේතුවෙනවා. ලංකාවේ පවතින කුඩා සිනමා ප්‍රේක්ෂකාගාරය එක්ක මේ වෙලාවේ අපි පිළිගත යුතු මාධ්‍යය මේකයි, කතා කළ යුත්තේ මෙයයි කියලා යම් යම් කාරණා සමාජගත කරන්න අපහසුයි. අනෙක් අතට චිත්‍රපටයක් තුළින් පණිවිඩයක් දෙන්න ඕනම කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. සිනමා නිර්මාණයක් හොඳ නරක යැයි වෙන් කිරීමත් සාපේක්ෂ දෙයක්. නමුත් මේ සාපේක්ෂ හොඳ නරක සමඟ හෝ ප්‍රේක්ෂකයන් ගනුදෙනු කරනවානම් එය හොඳ තත්ත්වයක් ලෙස මම දකිනවා. 3. සිනමාව තුළ මේ වන විට තරුණ නිර්මාණකරුවන්ගේ පිබිදීමක් දකින්න පුළුවන්. ඔබත් ඔවුන් සමඟ කටයුතු කරන රංගන ශිල්පියෙක් විදියට මේ පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද? මම හැම දිනකම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්. ඒ නිසා අතීතයේ හෝ වර්තමානයේ යම් යම් වැරදි සිදුවෙලා ඇති සහ සිදුවෙනවා ඇති. නමුත් අපට කළ හැකි දේ උපරිමයෙන් කරන්න යොමුවෙලා ඉන්නවා. නව පිබිදීමක් ඇතිව තිබෙනවා. අලුත් අධ්‍යක්ෂකවරුන් සිනමාවට අවතීර්ණ වෙනවා. පාලිත පෙරේරා කියන්නෙත් එවැන්නෙක්. නව අධ්‍යක්ෂවරයෙක් වුණාට ඔහු වසර ගණනාවක පළපුරුදු අති දක්ෂ කැමරා ශිල්පියෙක්. එවැන්නෙක් අධ්‍යක්ෂණයට යොමු වීම සිනමාවට ආයෝජනයක්. සිනමාව කියන්නේ සාමුහික හැඟීමකින් ඉදිරියට යන්න ඕනේ දෙයක්. තනිව මේ දේ කරන්න හැකියාවක් නැහැ. සාමුහිකව කටයුතු කිරීමෙන් තමයි මෙලෙස ඇතිවන පිබිදීම්වල මල් ඵල ගැන්වෙන්නේ. 4. රංගන ශිල්පිනියක්, ශිල්පියෙක් වුණාම සිතන දෙයක් තමයි එකම ක්ෂේත්‍රයක නියැළෙන්න අමාරුයි කියන කාරණාව. නමුත් ඔබ එවන් වාතාවරණයක සිනමා රංගන ශිල්පියෙක් ලෙසම කටයුතු කරනවා. මේක සිනමාවට පමණක් නෙමෙයි, ලංකාවේ පවතින සියලුම කේෂ්ත්‍රවලට බලපාන කාරණාවක්. එකම ක්ෂේත්‍රයක් තුළ රඳාපවතින්න බැහැ. නමුත් එහෙම බැහැ කියලා අතහැර දානවට වඩා මම උත්සහ කරන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න. මට හැකි කාලයක් එලෙස කරගෙන යනවා. එය ලෙහෙසි නැහැ. ගොඩක් අමාරුයි. අපි සියලු දෙනාට වගකීමක් තිබෙනවා. මම සිනමාව වෙනුවෙන් කැපවෙනවා. මගේ එකම බලාපොරොත්තුව ප්‍රේක්ෂකයින්ට හොඳ නිර්මාණයක් ලබාදීම. 5. මෙවර slim Nielsen ජනතා සම්මාන දෙකක් ඔබ හිමිකරගත්තා. මේ ගැනත් කියමුද? රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සම්මානයක් ලැබීම අතිශයින්ම වැදගත්. විවිධ සම්මාන උළෙලවල් පවත්වනවා. ඒ කුමන සම්මානයක් ලැබුණත් වැදගත්. මේ සම්මානයේ වැදගත්කම තියෙන්නේ මෙය ජනතා සම්මානයක් නිසා. ඇත්තටම මෙය ප්‍රේක්ෂකයින් හරහා ලැබෙන සම්මානයක්. ප්‍රේක්ෂකයින් අප කෙරෙහි තබන විශ්වාසය පිළිබඳව යම්කිසි තක්සේරුවක්. මෙයින් අපට යම් වගකීමක් පැවරෙනවා. අප කරනු ලබන නිර්මාණය හරහා නිර්මාණයට ගරුත්වයකින් හා ගුණාත්මක බවින් යුතුව වඩාත් ආකර්ෂණීය දේවල් කරන්න දෙන උත්තේජනයක් තමයි මෙය. 6. ඔබේ ඉදිරි කලා නිර්මාණයන් ගැනත් කියමුද? ඉදිරියේදී මම රංගනයෙන් දායක වන නිර්මාණ කිහිපයක්ම මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා. මේධාවි ජයතිලක.
 

More News..