brand logo

ජීවිතේ හරි සරලයි. සතුටින් ගත කරනවා

26 February 2019

1) රොමේෂ් උදේම ඇහැරෙන්නේ කීයටද? මම සාමාන්‍යයෙන් 6 වගේ වෙද්දි ඇහැරෙනවා. 2) ඉතින් ඊටපස්සේ? ඊට පස්සේ ඉතින් හොඳ වතුර වීදුරුවක් බීලා ව්‍යායාම කටයුතුවල යෙදෙනවා එක මගේ පුරුද්දක් හැමදාම කරන ඊට පස්සෙ පුතාව පෙරපාසල් යන්න සූදානම් කරනවා. 3) breakfast ගනිද්දි කීය වෙනවද? 8.30-9.00 වගේ වෙද්දි මම උදේට කනවා. ගොඩක් දවස් වලට පරක්කු වෙන්නෙ නැහැ. 4) රොමේෂ්ට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් වගේම වාද්‍ය භාණ්ඩ වාදනයටත් දක්ෂයි නේද? ඔව්. මම හිතනවා මම දක්ෂයි කියලා.එක මම බොහොම ආදරෙන් ආසාවෙන් කරන දෙයක්. 5) හවස් වරුව ගෙවෙන්නේ කොහොමද? හවස්වරුව ඉතින් ගෙදර පවුලේ අයත් එක්ක කාලය ගත කරනවා. නැත්නම් ඉතින් band එකත් එක්ක තමයි. 6)රොමේෂ්ට free දවසක් ලැබුණොත්? free time එකක් ලැබුණොත් මම ගොඩක් කැමැතියි. මගේ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න. ඉතින් එයාලත් එක්ක එළියට යනවා. විවේක කාලයක් නැති තරම් එ නිසා ලැබෙන වෙලාවට ගෙදර අය එක්ක ඉන්නවා. 7) රොමේෂ්ට උයන්න පුළුවන්ද? (සිනාසෙමින්) මට උයන්නනම් බැහැ. නමුත් මගේ wife මට රසට උයලා දෙනවා.එ නිසා උයන්න පුරුවෙන්න උනෙත් නැහැ . 8) ගීත ගායනයත් එක්ක busy වුණාම පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න ලැබෙනවද? සමහර දවස්වලට ගොඩක් busy වෙනවා. නමුත් free එකක් ලැබෙන සෑම අවස්ථාවකම මම මගේ පවුලේ අයත් සමග කාලය ගත කරනවා. 9) ජීවිතේ ගැන මොකද හිතෙන්නේ? ජීවිතේ හරි සරලයි. සතුටින් ගත කරනවා.  10) ගීත ගායනය වගේ ගීත අහන්නත් රොමේෂ් කැමැතියි නේද? අනිවාර්යයෙන්ම. ලස්සන ගීත රසවිඳින්නත් මම ගොඩක් කැමැතියි. මේධාවි ජයතිලක
 

More News..