මේ චරිතය අභියෝගාත්මක චරිතයක්
30 January 2019
මේ චරිතය අභියෝගාත්මක චරිතයක්
30 January 2019
1. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ජගත් රංගනයෙන් පණ පොවන්නේ ප්‍රධාන චරිතයකට.
ඇත්තෙන්ම ඔව්, එහි ප්‍රධාන භූමිකාවක් තමයි මම නිරූපණය කරන්නේ. මේ චරිතය අභියෝගාත්මක චරිතයක්. මම මීට පෙර දායක වෙලා තියෙන්නේ ප්‍රබන්ධිත චරිත නිරූපණයට. නමුත් මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන. දන්න කියන ඉතිහාසයක ජීවතුන් අතර සිටි චරිතයක්. මිනිසුන් ආදරය කළ චරිතයක්. ඒ නිසා එයට සාධාරණය ඉටුකිරීම සම්බන්ධයෙන් මට ලොකු වගකීමක් පැවරුණා. මට පුළුවන් උපරිමයෙන් මම ඒත චරිතයට සාධාරණයක් සිදු කළා කියලා මම විශ්වාස කරනවා.
2. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය පිළිබඳවත් කියමුද?
1988, 1989 කාලයේදී ලංකාවේ දේශපාලන වෙනසක් වෙනුවෙන් පෙනී සිටිය පිරිසකගේ මැදිහත්වීම පිළිබඳ කතා කරන චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය.
3. ඔබ ඔබේ චරිත නිරූපණයට පසුබිම නිර්මාණය කරගත්තේ කොහොමද?
අනුරුද්ධ ජයසිංහ තමයි මෙහි අධ්යක්ෂවරයා. ඔහු විසින් මේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය යම් පදනමක් නිර්මාණය කර දුන්නා. නමුත් ඉන් එහාට රංගන ශිල්පියෙක් ලෙස කිසිවකුගේ චරිතාපදානයක් සිදු කරද්දි චරිතයක් පසුබිම් කරගෙන එය නිරූපණය කළත්, ප්‍රබන්ධිත චරිතයක් නිරූපණය කළත් අපි යම් යම් අධ්‍යයන කරනවා. මේ චරිතයෙන් පිටපතේ ලියැවුණු දේවල් තිබෙනවා විජිත ගමනායක සහෝදරයා පිළිබඳව. නමුත් මේ චරිතය සම්බන්ධයෙන් අනෙකුත් ඔහු ලියූ දේවල් voice cut වැනි දේවල් ඉතාම අඩුවෙන් සොයාගන්න ලැබෙන්නේ. ඔවුන්ගේ තොරතුරු ඉතා අල්පයි. ඔවුන් මේ කටයුතු රහසිගතව සිදුකර ඇති නිසා තොරතුරු එළියට ඇවිත් නැහැ. ඒ නිසා ඉතාම සීමිතව මා සොයා ගන්නා ලද යම් යම් අමුද්‍රව්‍ය මූලික කරගෙන මම විශ්වාස කරන චරිතය ගොඩගන්න මට සිදුවුණා.
4. මේ වන විට ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය තිරගතවෙනවා. මේ චිත්‍රපටයේ නරඹන්නෙක් ලෙස මෙහි කියවීම ගැනත් කියමුද?
මම රංගන ශිල්පියෙක් ලෙස මෙයට දායක වූ නිසා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් මගේ අදහස කියන්න ගියොත් එය පක්ෂග්රාහී විය හැකියි. ප්‍රේක්ෂක ප්‍රතිචාර, විචාරකයන්, දේශපාලකයන් දක්වන අදහස් දැනගත යුතුයි. යම් ඓතිහාසික දේශපාලන කාරණයක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් නිසා ඒ අයගේ අදහස් තුළින් තමයි චිත්‍රපටය කියවගන්න වෙන්නේ. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කෙනෙක්ට මෙය හොඳින් භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය වැලඳගන්නා චිත්‍රපටයක් කියලා මට විශ්වාස කරන්න පුළුවන්.
5.කාලයක් එක්ක ආපස්සට ගියොත්, ජගත් ටෙලිනාට්‍යවලට වඩා වැඩි දායකත්වයක් සිනමාවට දුන්නා නේද?
ඔව්, මම සිනමාවට තමයි වැඩියෙන් දායක වුණේ. මේ වසර තුළ මා විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපට තුනක් තිරගත වීමට නියමිතයි. ඒ නිර්මාණයත් සමග වැඩි කාලයක් ගෙවුණු නිසා ටෙලි නාට්‍යයවලට දායක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ.ඒ වගේම මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ නිසා ඒ වැඩකටයුතුත් සමගත් කාර්යබහුල වුණා. එහි වැඩ තව මාස කිහිපයකින් නිමවෙනවා.
7. ජගත්ගේ ඉදිරි කලානිර්මාණයන් ගැනත් කියමුද?
ඉදිරියේ දී මම රංගනයෙන් දායක වන චිත්‍රපට තුනක් තිරගත වීමට නියමිතයි.ඒ වගේම මා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකුත් මගේ ආදරණීය ප්‍රෙක්ෂකයින් වෙනුවෙන් ඉදිරියේදී තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා.
මේධාවී ජයතිලක