brand logo

ප්‍රියාට රසට උයන්න පුළුවන් නිසා එහෙ ගියාම රෑට කනවා

08 December 2018

(1) රංග උදේට නැගිටින්නේ කීයටද? කොයි තරම් නිදි මරලා ආවත් අනිවාර්යෙන් මම උදේ 7 වෙද්දි නැගිටිනවා. (2) ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නෙ නැහැ ඉතින් ඉට පස්සෙ නම් අනිවාර්යෙන් කරන්න ඔන දෙයක් තියෙනවා .එ තමයි පොඩි දෙන්නව ඉස්කෝලෙ එක්කන් යන එක. (3) දරුවො දෙන්නව ඉස්කෝලෙට දාලා ගෙදර ආවාම රංග මොනවද කරන්නෙ? ගෙදර ආවට පස්සේ අපේ youtube channel එකට log වෙලා ඇවිත් තියෙන comments වලට reply කරලා facebook log updates බලලා comments වලට reply කරනවා.එකනෙ ඉතින් අපේ ජිවිතේ. ඉතින් එවා උදෙන්ම කරනවා (4) රංග උදේට කෑම ගන්නේ ගෙදරින්ද? මම ගෙදර ඉන්න වෙලාවට ගෙදරින් කෑම ගන්නවා. හැබැයි ඉතින් ප්‍රියාට call කරලා ප්‍රියාව මුණගැහෙන්න ගියොත් ප්‍රියා එක්ක කෑම ගන්නවා. (5) රංගගේ දවල් කාලය නම් ගතවෙන්නේ office එකේමයි නේද? ඔව්, ගොඩක් වෙලාවට දවල් කාලය office එකේම තමයි. video එකක් shoot කරන්න තිබුණොත් දවල් කාලය ඒ වැඩවලට යොමු වෙනවා. එහෙම වුණොත් ඒ වගේ වෙලාවට යාළුවොත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. (6) දරුවොත් එක්ක wife එක්ක ගත කරන්න කාලයක් තියෙනවද රංගගේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක? ඇත්තටම ගොඩක් වෙලාවට හවස් වරුව එයාලත් එක්ක මම ඉන්නවා. උපරිම උත්සාහ කරන්නේ වෙලාවක් ලැබෙන හැම මොහොතකම මගේ wife සහ දරුවො එක්ක කාලය ගත කරන්න තමයි. ජිවිතෙට මගහැරෙන්න දෙන්න බැහැනෙ වැඩ නිසා. (7) ජනයි ප්‍රියයි concepts ගැන කතා කරන්න යොදා ගන්නෙත් හවස් වරුව නේද? ඔව්, සිකුරාදා දවසට තමයි අපි ගොඩක්ම set වෙන්නේ ඒ වෙනුවෙන්. හවස් වරුවෙ ඒ වැඩ ගැන කතා කර ගන්න ප්‍රියාට call කරලා ප්‍රියාගේ ගෙදරට යනවා. ඒ වගේ වෙලාවට ප්‍රියාගේ ගෙදරින් තමයි Dinner ගන්නෙත්. (8) චමල්ට රසට උයන්න පුළුවන් කියලා කියනවා. ඇත්තද? චමල් උයන ඒවා කන්න පුළුවන්ද? චමල්ට රසට උයන්න පුළුවන්. චමල්ගේ ගෙදර ගිය වෙලාවට චමල් උයන කෑම තමයි ඉතින් කන්නේ. හරිම රසයි. (9) රංග රෑට නිදාගන්නේ කීයටද? ගෙදර ඉන්න වෙලාවට නම් රෑ 11 වගේ වෙනවා නිදාගන්නකොට. shoot එකකට ගියාම හරි ජනයි ප්‍රියයි concepts හදන්න චමල්ව මුණගැහෙන්න ගියොත් ගෙදර එද්දි රෑ වෙනවා. එහෙම දවසට නිදාගන්න පරක්කු වෙනවා.එහෙම තමයි ඉතින් අපෙ ජිවිතේ ගෙවෙන්නෙ මේධාවි ජයතිලක  
 

More News..