brand logo

මේකප් බොක්ස් එක නැතිවම බැහැ

20 December 2018

INSIDE MY BAG - අමන්දා සිල්වා 1.හෑන්ඩ් බෑග් එක අමන්දාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක මට ගොඩක් වැදගත්. මට හැමවෙලේම මගේ බෑග් එක ළඟ තියෙන්න ඕනෙ. මං හරිම කැමැතියි බෑග්වලට. කොයි වෙලාවෙත් මං යන තැනක බෑග් එක අරගෙන යනවා. ඒ වගේම ගණන් කරන්න බැරි තරම් බෑග්ස් ගොඩක් මං ළඟ තියෙනවා. 2.සාමාන්‍යයෙන් අමන්දාගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? අනිවාර්යෙන් මගේ මේකප් ටික තියෙනවා. අපේ නංගිලා එහෙම කියන්නේ සුනාමියක් ආවත් මන් මුලින්ම අරගෙන දුවන්නේ මේකප් ටික කියලා. මගේ බෑග් එකේ ෆර්ෆියුම් දෙක තුනක්ම තියෙනවා. ක්‍රීම් වුණත් ඒ වගේ තමයි. සන්ග්ලාසස්, ඒ වගේම නිතරම මගේ ළඟ එදිනෙදා අවශ්‍ය බෙහෙත් වර්ග තියෙනවා. මගේ ඩයරි එක, පර්ස් එක, ලයිසන්, ටිෂුෂ්, චුයින්ගම්, තියෙනවා. ඒ වගේම අව්වට යන්න වුණොත් කියලා හදිසියට අඳින්න අත් දිග ටොප් එකක් වගේ එකක් බෑග් එකේ තියෙනවා. ඒ වගේම ෆැෂන් ෂෝ වලදී ඕනෙ වෙන නිසා ෂුශ් දෙකක් සහ හයි හීල්ස් දෙකක් තියෙනවා. 3.බෑග් එකේ කාගේ හරි පින්තූර හෝ ආගමික දේවල් තියෙනවා ද ? ඔව්. මං කතරගම දෙවියන් අදහනවා. කෙනෙක් මගේ මාමාට විශේෂයෙන් ලියලා දුන්නු කතරගම දෙවියන්ට කියන අතින් ලියපු ගාථා පොතක් මං ළඟ තියෙනවා. මාමා මට දෙන්න කියල විශේෂයෙන් එකක් ලියවාගෙන තිබුණා. මාමයි මායි දෙන්නම ගොඩක් කතරගම දෙවියන්ව විශ්වාස කරනවා. ඒක මං ළඟ හැම මොහොතකම තියෙනවා. ඒකත් එක්ක මගේ සැමියාගේ ආච්චි මට පුංචි ජේසු පොතක් දුන්නා හැම වෙලේම ළඟ තියාගන්න කියලා. ඒකත් මගේ ළඟ තියෙනවා. පින්තූර ගැන කිව්වොත් පින්තූර නම් ඔක්කොම තියෙන්නේ ෆෝන් එකේ. කලින් නම් තිබුණා තාත්තිගේ ෆොටෝ එකක්. පස්සේ පර්ස් මාරු වෙද්දී දාගන්න බැරි වුණා. ආයෙ දාගන්නවා නම් දාගන්නේ තාත්තිගේ ෆොටෝ එකක් තමයි. 4.කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මං දවසක ලංකාවෙන් ගියොත් මට දාලා යන්න බැරි කෙනා මගේ මාමා. මගේ තාත්තාව මගේ ළඟට ගන්න පුළුවන් වුණත් මගේ මාමා මගේ ළඟට ගන්න බැහැ. ලෝකේ කොහේ සංචාරය කරත් මාමා ලංකාවේ ඉන්නේ කැමැති කෙනෙක්. මට පුළුවන් නම් මං ටක් ගාලා එයාව පුංචි කරලා බෑග් එකේ දාගෙන යනවා. 5.බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? මේකප් බොක්ස් එක. 6.කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති ? මං ජෙනිෆර් ලෝපේස්ට ආසයි. මං කැමති එයාගේ බෑග් එක හුවමාරු කරගෙන බලන්න. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුළෙ තියෙන දේවල් දැකගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ ? එහෙම නම් ආසාවක් නැහැ. කවදාවත් මට එහෙම හිතිලත් නැහැ. 8.ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ? නැහැ. මං සාමාන්‍යයෙන් ආසයි කියලා බෑග් එකක් ගත්තොත් ඇති වෙනකම් ඒකම පාවිච්චි කරනවා. ඇඳුමේ පාට ගැන හිත හිතා ඉන්නේ නැහැ. 9.ඕනම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? ඕනම තැනකින් ගන්නවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මං බෑග් ගැන සෑහෙන්න වද වෙනවා. පොඩ්ඩක් හිරිලා තිබුණත් ඒ ගැන සෑහෙන්න හිතනවා. මට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද පහසු ද කියලත් හිතනවා. බෑග් ගන්නකොට මං විවිධ සයිස්වලින් මගේ ගමන්වලට ගැළපෙන විදියට බෑග් ගන්නවා. ඒ වගේම බෑග් එකේ බ්‍රෑන්ඩ් එකත් ටිකක් බලනවා. මොකද කාලයක් පාවිච්චි කරන්න ඕන නිසා. ඒ වගේම මං පිස්සුවෙන් වගේ එහෙම බෑග් ගන්නේ නැහැ. ඉතින් ටිකක් බෑග් එකේ මිල සහ හැම දේම ගැන හිතලා බෑග් එකක් ගන්නවා. 10.හෑන්ඩ්බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? අපේ විවාහයෙන් පස්සේ ගිය සංචාරයේදී මගේ සැමියා දිමුතු අරගෙන දුන්නු බෑග් තමයි මට අමතක නොවෙනම තෑග්ග. ඒ බෑග් හරිම ලස්සනයි. මට ෆැෂන් ෂෝ වලට සහ කොහේ හරි යද්දී අරන් යන්න පුළුවන් විදියට මං ආස විදියේ බෑග් ගොඩක් හම්බුණා. මං ආසම බ්‍රෑන්ඩ් එක තමයි වික්ටෝරියා සීක්‍රට්. ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මට ඒ බෑග් සේරම ලැබුණේ. තායිලන්තයේ වික්ටෝරියා සීක්‍රට් ෂොප් එකෙන් තමයි මට අරගෙන දුන්නේ. මං ආසම බ්‍රෑන්ඩ් එකෙන් සහ මං ගොඩක් ආදරය කරන එයා අරන් දුන්න නිසා ඒ බෑග් මට හරිම විශේෂයි. 11. අමන්දාගේ පවුලේ අයට අමතරව අමන්දාගේ හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? මං සාමාන්‍යයෙන් එහෙම කොහෙවත් බෑග් එක තියලා යන කෙනෙක් නෙවෙයි. තියන්න හොඳ තැනක් නැතිනම් යන හැම තැනම බෑග් එක පුළුවන් තරම් ළඟම තියාගෙන ඉන්න කෙනෙක්. දැන් නම් දිමුතු ළඟ තියලා යනවා. ක්ෂේත්‍රයේ අයගෙන් ඩැනියෙල් ක්‍රකෝවන් ළඟ මට තියලා යන්න පුළුවන්. 12. බෑග් එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ? සාමාන්‍යයෙන් බෑග් එකක් එහෙම හීරුණාම මට හරි දුකයි. ඒත් ෆුකෙට්වල ඉඳන් සිංගප්පුරු යනකොට එයාර්ෆෝට් එකේදී චෙකින් කරනකොට මැෂින් එකට දැම්මම ඒ බෑග් එක හීරිලා පොඩි කෑල්ලක් ගැලවිලා තිබුණා. මට ඒ වෙලාවේ හරිම දුක හිතුණා. මොකද මං බෑග් එකක් පොඩ්ඩක් හීරුණත් ගොඩක් කලබල වෙන කෙනෙක්. ඒ ගැන ඒ වෙලේ හිතලාම මට ඒක හිසරදයක් වුණා. ඒක තමයි අමතක නොවෙන සිදුවීම. අරුණි කළුපහන .
 

More News..