brand logo

මම තරග කරන්නේ මා සමඟයි

22 July 2019

ඇය නිළියක්, නිවේදිකාවක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය හොඳම නිළියට හිමි නිර්දේශවන්නට හැකියාව ලැබූ දක්ෂ ශිල්පිනියක්. නමුත් පසුගිය කාලයේ ඇය දක්නට ලැබුණේ නැහැ. ඉතින් ටෙක්ලා මුතුකුමාරිව මුණ ගැහුණේ මේ නිහැඬියාව ගැන දැන ගන්නමයි... ඇයි මේ නිහැඬියාව...? මගේ පුංචි පැටියා වෙනුවෙන් තමා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මොකද හැම දේකටම වඩා මට මගේ දුවව වටිනවා. ඒක නිසා අවුරුදු 3 ක් දරුවා වෙනුවෙන් එයා ළඟම උන්නා. අතීතයේ කරපු නිර්මාණ දිහා ආපසු හැරිලා බැලුවොත්? මගේ හොඳම කාලේ තමා මම මගේ නිර්මාණ නතර කරන්නේ. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘‘සඳ විනිවිදීම’’ නාට්‍යයේ මම හොඳම නිළියට නිර්දේශ වෙනවා.. ෂර්ලි පී. දෙලංකාවලගේ රන්ගිරි නාට්‍යයේ භානුගේ චරිතය තුළින් බොහෝ දෙනා කතා කරන නිළියක් වෙනවා. නමුත් මම අම්මා කෙනෙක් වෙන උතුම් අවස්ථාව නිසා ටික කාලෙකට නිහඬව ඉන්න වෙනවා. දැන් ඔබ ආයෙමත් සූදානම්ද? අනිවාර්යයෙන්ම... ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත් නාට්‍යයේ වැඩවලට සූදානම්. මම රංගනයෙන් ඉවත් වුණාට නිවේදිකාවක් හැටියට රුපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට දිගටම කටයුතු කළා... ඒ හින්දා මම පූර්ණකාලීනව ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ නැහැ. කොපමණ නාට්‍ය ප්‍රමාණයක රඟපානවද? නාට්‍යය දහයකට වඩා කරලා තියෙනවා. ඕන නාට්‍යයක රඟපානවද? ඉස්සරත් මම රඟපෑවේ යමක් කරන්න පුළුවන් නාට්‍යයක විතරයි. මට නිර්මාණ අඩු ඒ නිසා වෙන්න ඇති. මුදල් ඕන කියලා හැමදේකටම මම යන්නේ නැහැ. සමහරුන්ට අවශ්‍ය වුණා මාව එහෙම කෙනෙක් කරන්න. නමුත් මගේ ගරුත්වය රැකගෙන යන්න පුළුවන් දුර විතරක් මම යන්නේ. මොකද මම රඟපාන කටයුතුවලින් හොඳට හම්බ කරනවා. අම්මා කියන ගෞරවාන්විත වචනය මගේ දරුවාගේ අනාගතයට ඕනෙමයි. ටෙක්ලා නිළියක් වුණේ කොහොමද? ඒක හරියට හීනයක් වගේ... මොකද මම රඟපානවා කිව්වාම නිවේදන කටයුතු කරනවා කිව්වාම යාළුවන්ට අදටත් පුදුමයි. මොකද මම ඒ තරම් බය ළමයෙක්. සිරස කුමරිය හරහා තමයි මම හැම මාර්ගයක්ම හදා ගන්නේ... රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට අද තරුණියන්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද? අද ඉන්න හැම තරුණියක්ම තමන්ගේ රූපය ගැන හුඟක් උනන්දු වෙනවා. මට හිතෙන්නේ හැම යුවතියක්ම රූපලාවණ්‍ය ශිල්පිනියක් තරමට උගත්... අන්තර්ජාලය හරහා ඇය බොහෝ දේ ඉගෙන ගන්නවා. එක දෙයක් කියන්නම්. සම සුදු කරන ක්‍රීම් නම් ගාන්න එපා. ඔබට ස්වභාවයෙන් ලැබෙන සම තමා වටින්නේ. ඒක වෙනස් කරන්න යන්න එපා. මහත්තයා විරුද්ධ නැද්ද ආයේ රඟපානවට? එයා තමා මාව උනන්දු කරන්නේ. රෝහණ ජයසිංහ... මගේ යෝධ ශක්තිය එයා... එයාගේ සහාය නිසා තමා මම මෙච්චර ලොකු ගමනක් ආවේ. සියයට සියයක් මාව තේරුම් ගත්තු කෙනෙක් එයා... එයා දන්නවා මම කවුද කියලා. අද තරුණ යුවතියෝ වැහි වැහැලා... තරග කරන්න පුළුවන්ද? තරගයක් නැහැ... දක්ෂතාව තියෙනවා. තරග කරන්න එන අය කවදාවත් රැඳෙන්නේ නැහැ... මොකද තරග කරනකොට තමන්ට තමන්න අමතක වෙනවා. නොකරන දෙයක් නැහැ. මට ඒ තරගය නැහැ. මම තරග කරලා නිර්මාණ ගන්නේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා. මට තරගය තියෙන්නේ මා සමග පමණයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..