brand logo

දෙවෙනි ඉනිම පරදා ජනප්‍රිය සම්මානය ගත්ත වෙස්

22 April 2019

කොහොමද ධනුෂ්ක මේ දවස්වල ‘‘වෙස්’’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර? මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මොකද රයිගම් සම්මාන උළෙලේ දී ජනප්‍රිය ටෙලි නාට්‍යය වුණේ ‘‘වෙස්’’ ටෙලි නාට්‍යයයි. ඔබ වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. ඒ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම A/L කරලා ඉවර වෙද්දිම ජනක නාවලගේ අයියාව මුණගැහුණා. මම කිව්වා මම කැමැතියි නිවේදකයෙක් වෙන්න කියලා. ඒ නිසා මට පොඩි චාන්ස් එකක් අරං දෙන්න කියලා. එයා තමයි මාව ‘‘යන් ඒෂියා’’ ටෙලිවිෂන් ආයතනයට සම්බන්ධ කරන්නේ. ඉතිං එතැනදී මට හමුවෙනවා ප්‍රවීණයන්ගේ ආශ්‍රය සඳහා. කැමරා, එඩිටින් පැත්තත් දැන කියා ගන්න මට අවස්ථාව ලැබෙනවා. වෘත්තියට අමතරව ඡායාරූපකරණයේ යෙදෙන එක එම ආයතනයේ අයගේ විනෝදාංශය වුණා. ඉතිං මටත් පොඩි ආසාවක් ඇතිවුණා. පොඩි වැටුපක් ලැබුණේ, ආධුනිකයෙක් නිසා. ඉතිං ඒකෙන් සෑහෙන මුදලක් ඉතිරි කරලා Fm10 කැමරා එකක් තමයි මුලින්ම ගත්තේ. ඒකෙන් පොටෝ ගත්තා. අරගෙන ඉවරවෙලා කට්ටියට පෙන්නද්දී සෑහෙන අගය කිරීමක් ලැබුණා. ඉතින් ඒක තුළ මට හිතුණා ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඕනේ කියලා. මේ විදියට ඡායාරූප ශිල්පියෙක් ලෙස රටේ නමක් හදාගත්ත ඔබ කොහොමද වෙස් මාරු කර ගත්තේ? ෆීල්ඩ් එකට ආපු ගොඩක් අය ඉන්නේ නළුවෙක් වෙන්න ඕන කියන හීනෙක. නළුවෝ වෙන්න ඇවිත් මේකප් ආටිස්ට් වෙච්ච අය ඉන්නවා. මමත් ඇත්තටම නළුවෙක් නෙමෙයි, නිවේදකයෙක් වෙන්න කියලා හිතාගෙන ආපු ගමනක්. ඒ ගමනේදී මම දැක්ක දෙයක් තමයි නිවේදකයෙක්වත්, නළුවෙක්වත් නෙමෙයි. පොර අධ්‍යක්ෂවරයා. මොකද ඔහු කියන විදියට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතිං ඒක නිසා මට අවශ්‍යතාව තිබුණා අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕන හීනෙ. ඒ ටාගට් එකට යන්න දේවල් එකතු කරගත්තා. ඉතිං මම ගොඩක් දේවල් එකතු කර ගත්තා. එහෙම තමයි මගේ අධ්‍යක්ෂණයට පිවිසෙන්න මාර්ගය හදා ගත්තේ. ඉතින් වෙස් පෙරළෙන්න කලින් මම රංගන ශිල්පියෙක් විදියට වැඩ කළා. ‘‘මවුනි අගය’’ තමයි මගේ මුල්ම අධ්‍යක්ෂණය. ඒකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තමයි වෙස් පෙරළෙන්නේ. ‘‘වෙස්’’ එක්තරා තැනකදී සාර්ථක වෙනවා. ​Trending කඩාගෙන යන්න ‘‘වෙස්’’ ටෙලි නාට්‍යය හැදෙනවා. නමුත් මෙහි එන ප්‍රින්ස්ට අධ්‍යක්ෂවරයාටත් වඩා ප්‍රතිචාර ලැබුණා කියලා කිව්වොත්? ඇත්තටම ඔව්. ගොඩක් අය මම මෙහි අධ්‍යක්ෂවරයා කියලා දන්නෙත් නැති ගානට ප්‍රින්ස්ට ප්‍රතිචාර ලැබුණා. අැත්තටම කතාවේ තිබුණ රසය නිසාම ප්‍රින්ස්ට ප්‍රතිචාර ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ​‘‘වෙස්’’ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස රයිගම් සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙද්දී ඔබට දැනුණු හැඟීම මොන වගේද? ඒක ඇත්තටම සතුටක් සහ අපි හැමෝගෙම ජයග්‍රහණයක් කියලා විශ්වාස කරනවා. ‘‘වෙස්’’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළේ සම්මාන බලාගෙන නෙමෙයි. අපි උත්සාහ කළේ පවතින සම්ප්‍රදායෙන් එළියේ වැඩක් කරන්න ඕනේ කියන එක. ඒ වගේම වෙස් වෙනුවෙන් විශේෂ ප්‍රයෝග අපි පාවිච්චි කළා. අැත්තටම සතුටුයි. ධනුෂ්ක රත්නායකගේ ඊළඟ පියවර මොකක්ද? ඊළඟ පියවරට දැන් සූදානමක ඉන්නවා. ඒකත් වෙනස් විදියේ වැඩක් වෙයි. ‘‘වෙස්’’ වගේම වැඩක් වෙන එකත් නැතිවෙයි. මොකද, එකම විදියේ දේවල් කරන්න ආසාවක් මගේ නැහැ. ඊළඟ වැඩේ වෙනස්ම දෙයක් වෙයි. මේධාවි ජයතිලක
 

More News..