brand logo

Alarm එක තියලා වදින්නේ නැතුව වැඩවලට යන්න පරක්කු වුණ අවස්ථා තියෙනවා.

31 March 2019

1. නිලන්ති භාවිත කරන Phone එක මොකක්ද ?Samsung Galaxy Phone එකක්. Husband තමයි අරන් දුන්නේ.2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? මගේ Photo Shoot එකක photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? දැනට 500 කට වඩා තියෙනවා. 4 . Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ? දැනය අවුරුදු කිහිපයකට කලින් කරපු photo shoot එකක Photo එකක් තියෙනවා. මම ඒකට ගොඩක් කැමැතියි. 5. වැඩිපුරම Call කරන කෙනා කවුද ? උදේ ඉඳන් රෑ වෙනකම් දවසට කිහිපවතාවක් ගන්නේ අපේ අම්මී තමයි. දැන් ටිකකට කලිනුත් කතා කරා. 6. නිලන්තිට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? අනූෂා දමයන්ති Call කළා. වැඩසටහනකට අපි දෙන්නටම ආරාධනා කරලා තියෙනවා. අපි කොහොමද ප්‍රවාහන පහසුකම් සපයා ගන්නේ කියන එක කතා කරගන්න තමයි Call කරේ නම්. 7. අන්තිමට පාවිච්චි කරපු App එක මොකක් ද ? Facebook තමයි අන්තිමට නම් පාවිච්චි කරේ. 8. වැඩිපුරම භාවිතා කරන Apps මොනවද ? Facebook , Instagram , Whatsapp , Viber 9. Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමැති කාත් එක්කද? විශේෂ කෙනෙක් නැහැ. ඊටත් එහෙම කතාකර කර ඉන්න වෙලාවක් නැහැ. කාර්යබහුල නිසා. 10. වැඩිපුරම Play කරන Game එක මොකක්ද ? මම Games play කරන්න තරම් වෙලාවක් නැහැ. 11. සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ? බබා ඉස්කෝලේ යන නිසා කොහොමත් උදේ 5 නැගිටින්න Alarm එක තියනවා. Alarm එක තියලා වදින්නේ නැතුව වැඩවලට යන්න පරක්කු වුණ අවස්ථාවනුත් තියෙනවා. 12. අන්තිමට Google එකේ Search කරේ මොනවද? බබාගේ ඉස්කෝලේ වැඩකට සත්තු ගැන හෙව්වා. 13. Phone තියෙන දේවල් වලින් නැතිවම බැරි දේ මොකක්ද? මම ගොඩක් Whatsapp පාවිච්චි කරනවා. මම හිතන්නේ මටනම් phone එකේ ගොඩක් වැදගත් Whatsapp. 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? අමරදේව මහතාගේ " ආරාධනා " ගීතය. 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? මම ගොඩක් ආසයි ශාරුක් ඛාන්ට. ඒ නිසා එයාගේ Phone එක බලන්න කැමති. Phone එක බැලුවෙ නැතත් මුණගැහිලා එයා එක්ක කතා කරන්න තිබ්බා නම් හොඳටම ඇති. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? විශේෂ සිදුවීමක් කියලාම නැහැ. ගොඩක් වෙලාවට අමතකනම් වෙනවා. මේ ළඟදී Sim එක වැඩ කරන්නේ නැතුව ගියා. ඒක හදාගන්න මට දවසක් විතර ගියා. එදානම් ටිකක් අපහසුතාවකට පත් වුණා. ✍? දිළිණි උදාරි
 

More News..