brand logo

නෙහාරා තවමත් කාටවත්ම නොකියන අලුත්ම රහස මොකද්ද

17 March 2019

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස කිරුළු දරා සිටින නෙහාරා හිටිගමන් ලංකාව හැරයන්නේ රංගනයට ද නැවතීමේ තිත තබමින්. ඉන්පසුව නෙහාරා දුරු රටක සිටියත් ඇය පිළිබඳ මතකය අමතක නොකර තියා ගන්නට තරම් ඇය කෙරෙහි රසිකයන් තුළ ආදරය පිරී තිබුණා. ඒ නිසාම ඇය ගැන හොයන්න, ඉඳහිටක ඇය ලංකාවට පැමිණි පසු ඇගෙන් ඉල්ලීම් කරන්න පවා ඇගේ රසිකයන් පසුබට වූයේ නැහැ. ඒ නිහඬව හා අවිනිශ්චිතව ගෙවී ගිය කාලය නිමා කරමින් 2019 වසර උදාවන්නේ නෙහාරාගේ රසිකයන්ගේ නෙත් මත සුබ සිහින අතුරමින්. වසර තුනකට පසු යළි රංගනයට එක් වූ නෙහාරා ‘අරුණ’ වෙත හෙළිකළ අලුත්ම තොරතුරුයි මේ. ලංකාවට ඇවිත් නැවත රඟපාන්න තිරණය කළාට පස්සෙ ලැබුණ නිර්මාණ මොනවද? මේ වෙද්දි ටෙලිනාට්‍ය හතරකම රඟපාන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ටෙලිනාට්‍යවලින් ටෙලිනාට්‍ය තුනකම රූගත කිරීම් ජනවාරි -පෙබරවාරිවල පටන් ගන්නයි තීරණය වෙලා තිබුණේ. නමුත් ඒක කල් ගියා. අනිත් නාට්‍යයේ රූගත කිරිම් අප්‍රේල් මාසෙ පටන් ගන්නවා. ඒක මේ වසරේ අනිවාර්යෙන් විකාශය වෙයි. ඒ හැරුණම සිරස නාළිකාවේ සුපර් මම් කියන රියැලිටි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. ප්ලැටිනම් සම්මාන උළෙල හා එවැනි තවත් ප්‍රසංග අවස්ථාවල් නර්ථනයෙන් සහභාගි වෙන්න ඇරයුම් තියෙනවා. ඒ එක්කම වැඩසටහන් කිහිපයකම නිවේදන කටයුතු කරන්න ඇරයුම් තියෙනවා. ඒ ගැන මම තවමත් හිතමින් ඉන්නව මොන දේවල්ද භාරගන්නෙ කියලා. තව අලුත් වැඩක් කරලා තියෙනවා. ඒක නම් අප්‍රේල් වෙද්දි රසිකයන්ට දැකගන්න ලැබෙයි. අලුත් වැඩක් කිව්වෙ? ඒක ටෙලි නාට්‍යයක්වත්, චිත්‍රපටයක්වත් නෙවෙයි. වෙනස්ම දෙයක් ගැන. තවදුරටත් නොකියා ඉන්නම මම කැමැතියි. මගේ රසිකයන් තුළ කතුහලයක් රඳවලා ඔවුන්ව පුදුමයට පත් කරන්න. කාලෙකට පස්සෙ වැඩ පටන් ගත්ත නෙහාරාට පෙර සිටි රසිකයන් හමුවෙනවද? මම සමාජ මාධ්‍යජාලාවල අවුරුදු අටක් තිස්සෙ හිටියෙ නැහැ. මේ වෙත්දී මම ආයෙමත් සමාජ මාධ්‍යජාලා තුළින් මගේ රසිකයන්ගෙ ප්‍රතිචාර විඳින්නත් සූදානම්. දැන් මට ෆේස්බුක් මිතුරු පිටුවක් තියෙනවා. ඉන්ස්ටග්‍රෑම් ඒකෙත් ඉන්නවා. මේ හරහා මගේ රසික රසිකාවියන්ට මට කතා කරන්න පුළුවන්. ඔබේ නමින් හැදුන ෆේස් බුක් ගිණුම් රැසක්ම තියෙනවා. රසිකයන් කොහොමද නිවැරදි එක තෝර ගන්නෙ? ඔව්. මගේ නමින් මගේ නොවන ෆේස්බුක් එකවුන්ට් තියෙනවා. වැරදෙන්නෙ නැතිව මගේ ෆේස් බුක් මිතුරු පිටුවට මගේ රසිකයන්ට ඇතුළු වෙන්න විදිහ මම කියන්නම්. ෆේස් බුක් සර්ච් බාර් එකේ සිම්පල් ඉංග්‍රීසි අකුරුවලින් අයි ඈම් නෙහාරා කියලා ටයිප් කළොත් මගේ රසිකයන්ට මගේම මිතුරු පිටුවට ඇතුළු වෙන්න පුළුවන්. කාලයක් තිස්සෙ දුරස්ව හිටි ඔබට නැවත් ක්ෂෙත්‍රයට එත්දී පිළිගැනීම ගැන සැක සංකාවක් ඇතිවුණේ නැතිද? එහෙම සැකයක් තිබුණෙ නැහැ. හැබැයි ලංකාවට ඇවිත් සති දෙක්ක යනකම්ම අපි හිතුවේ ආපහු යනව කියලයි. ඒත් මෙහෙ හිටිය ඒ සති දෙක ඇතුළත ලැබුණ රසික ප්‍රතිචාර වගේම ක්ෂේත්‍රයේ අයගෙනුත් ලැබුණ ඉල්ලීම් මෙන්ම 2016 අපි ලංකාවට ආපු වෙලාවෙත් රසිකයන්ගෙන් වගේම ක්ෂෙත්‍රයේ අයගෙනුත් ලැබුණ ප්‍රතිචාර ගැන හිතලයි අපි මෙහෙ නවතින්න තිරණය කළේ. නෙහාරා අවුරුදු කීයක් ලංකාවෙන් දුරස් වෙලා හිටියද? හරියටම අවුරුදු තුනක්. නෙහාරා දැන් එදාට වඩා රඟපාන චරිත ගැන ගැඹුරුව හිතනවද? මගේ වාසනාවකට මට ලැබුණ ටෙලි නාට්‍යවලින් දහයෙන් අටක්ම කතාබහට ලක්වුණ නිර්මාණ. මම හරි ආසයි මට ලැබුණ ඒ චරිතවලට. දැනුත් මම මට ලැබෙන නිර්මාණ වෙනසක් නැතිව බාරගන්නවා. නෙහාරා ලංකාවෙන් පිටවෙන්නෙ කලකිරීමක් දරාගෙන නේද? මම එක දිගටම අවුරුදු අටක් පමණ ක්ෂෙත්‍රයේ නියැළිලා හිටියා. එක දිගටම එකම දෙයක නිරත වෙත්දි යම්කිසි එපාවීමක් වගේ දෙයක් තමයි සිදුවුණේ. ඒ අවුරුදු අට තුළ මම ඉස්පාසුවක් නැතිව වැඩ කළා. වෙහෙසකාරී බවකුත් තිබුණා. ඒ අතරම සිදුවුණ සමහර සිදුවීම් ගැන මම කලකිරුණා. දැන් ඒ කලකිරීම ඔබගෙන් ඈත් වෙලාද? අවුරුදු තුනක් ඈත් වෙලා හිටියට පස්සෙ මම දැන් අලුත් කෙනෙක් වෙලා වගේ මට දැනෙනවා. ලබාගත්ත දීර්ඝ විවේක කාලය අද මට ආශීර්වාදයක් වෙලා. පෙරටත් වඩා ශක්තිමත්ව, වඩා යහපත් මනසකින් අලුත් වැඩ කරන්න මට දැන් ආසාවක් ඇතිවෙලා තියෙනවා. කෙළිලොල් සරල පෙම්වතියගේ චරිතයෙන් එහාට යන්න හිතුවොත් හොඳයි කියලා හිතෙන්නෙ නැතිද? මොකක්දෝ හේතුවකට මට ලැබුණෙ හැම විටකම සුන්දර පෙම්වතියගේ චරිතයමයි. ඔබ පවසන ආකාරයේ වෙනස්ම චරිත දෙකක් මට ලැබිලා තියෙනවා. තවම ඒ ගැන හෙළිකරන්න කැමැති නැහැ. මොකද තවම එම නිර්මාණවල වැඩ පටන් අරන් නැති නිසා. මම කැමැතියි සැහැල්ලු චරිත වගේම ගැඹුරු චරිත කරන්නත්. ඔබ පටන් ගත් කාලයට වඩා දැන් ගෙවීම්වල ඉඳන් ටෙලි ක්ෂේත්‍රයේ බොහෝ දේවල් වෙනස් වෙලා නේද ? පෞද්ගලිකව මම අයකරන මුදල ලැබෙන්නේ නැත්නම් නිර්මාණය භාරගන්නෙ නැහැ. ඒක මම එදත් කළා, අදත් එහෙමයි. නමුත් සමහර තැන්වලදී මුදල ගැන කතාබහ කරලා නම්‍යශීලී වෙන තැන් තියෙනවා. ක්ෂේත්‍රයේ එදාට වඩා වෙනසක් මමත් දකිනවා. අපිත් එක්ක ඒ දවස්වල වැඩ කරපු අය හමුවුණාම ඔවුනුත් පවසන්නේ අපි ඉස්සර වැඩ කළා වගේ විනෝදයෙන්, මිත්‍රත්වයෙන් වැඩ කරන වාතාවරණයක් දැන් මෙහි නැහැ කියලයි. ඇමෙරිකාවේ ගත කළ කාලය රංගනය ගැන අලුත් දේවල් ඉගෙන ගන්නත් අවස්ථාවක් වූවාද? හදාරණව කියලා වුවමනාවෙන් දෙයක් කළේ නැති වුණාට ගොඩක් චිත්‍රපට, එහෙ පැවැත්වෙන ජනප්‍රිය වැඩසටහන් නැරඹුවා. අධ්‍යාපන කටයුතුත් කර ගත්තා. තව මම එහෙ ළදරු පාසලක සහාය ගුරුවරියක් විදිහටත් වැඩ කළා. මේනක එක්ක ඉන්නත් කාලය වෙන්කර ගත්තා. පුංචි තිරය මත ආයෙමත් මේනක හා නෙහාරා පෙම්වතුන් විදිහට දකින්න ලැබෙයිද? එහෙම ලකුණු තියෙනවා. අපිට හමුවන අධ්‍යක්ෂකවරුත් මේ ගැන කියනවා, ඉතින් අපි අපි දෙන්නටම සහාභාගි වෙන්න පුළුවන් හොඳ පිටපතක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. සුරංජි පතිරණ    
 

More News..