brand logo

‘ක්ලැරෙන්සියානු පොප් සංගීතය’

12 March 2019

නදීක ගුරුගේ වසර 25 ක් තිස්සේ හොයලා ලිව්ව පොතක් ‘ක්ලැරෙන්සියානු පොප් සංගීතය’ * පසුගිය 08 වැනිදා ඔබට සුවිශේෂී දවසක් නේද? ඔව්. මගේ පළමු පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වූවා. ‘ක්ලැරෙන්සියානු පොප් සංගීතය’ විදියට තමයි මේ ග්‍රන්ථය එළිදැක්වුයේ. පසුගිය 8 වැනිදා ක්ලැරන්ස් විසින් නිර්මාණය කළ, වැඩිදියුණු කළ සහ යෝජනා කරන ලද සංගීතමය විශ්ලේෂණයක් තමයි මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නේ. * එදා මේ පිළිබඳ කතිකාවකුත් තිබුණ නේද? ඔව්. මේ ග්‍රන්ථය ගැන විශේෂ සාකච්ඡාවක් තිබුණා. ඒක කෙටි සංවාදයක්. ලංකාවේ ගීතය සම්බන්ධයෙන් ප්‍රාමාණික මැදිහත්වීමක් නිසා ප්‍රවීණ රචකයන් තුන්දෙනෙක් සහ විශ්ලේෂකයෙන්. ඒ තමයි සමන් අතාවුදහෙට්ටි, නිලාර් එන්. කාසිම්, දිලීප අබේසේකර යන අය. * වැඩි කතාබහට ලක්වෙන්නේ මේ පොතෙන් මොනවා ගැනද? 60-70 දශකය වෙනකොට ගිටාර් එක ​ලෝකයේ තරුණයන්ගෙ ප්‍රකාශන මාධ්‍යය බවට පත් වුණා. ඒ පිළිබඳව වගේම ලංකාවේ ජනප්‍රිය සංගීතයේ තියෙන සංගීතමය ලක්ෂණ සහ හැදෙන්න බලපාපු සාධක පිළිබඳව මෙහි ඇතුළත් වෙනවා. * ඔක්කොම පර්යේෂණ ඉවර කරලා පොතක් විදියට එළිදක්වන්න කොයිතරම් කාලයක් ගියාද? 1995 ඉඳන් මේවට කරුණු හෙව්වා. එතකොට අවුරුදු 25 ක් විතර වෙනවා. හැබැයි අවුරුදු 25ම එකතු කරපු කරුණු මේ පොතේ නැහැ. මෑතකදී අවුරුදු දෙකහමාරක විතර කාලයකින් මේක පොතක් කළා. * ‘ක්ලැරෙන්සියානු පොප් සංගීතය’ මේ නමට විශේෂ හේතුවක් තියෙනවද? ලංකාවේ පොප් අයිකන් එක තමයි ක්ලැරන්ස් කියන්නේ. සිංහල පොප් කියන්නේ ක්ලැරන්ස්. ඊට පෙර ගිටාර් ගහපු අය හිටියා. හැබැයි ජනප්‍රිය තලයේ හෝ අයිකන් එක වුණේ ක්ලැරන්ස්. ඒ හැමෝම ගැන මේකේ කතා කරනවා. * මේ අවස්ථාව මිනි කොන්සට් එකක් තිබුණා නේද? ඔව්. මේ කොන්සට් එකෙන් කෙරුණේ පොතට අදාළව ගීත කීපයක් ගායනා කරන එක. මම විතරයි ගීත ගායනා කළේ. මගේ සංගීත කණ්ඩායම සමග. ඒ වගේම පසුගිය කාලේ මම නිර්මාණය කරලා ජනප්‍රිය වුණු ගීත කීපයකුත් එදා ගායනා කළා.  
 

More News..