brand logo

මගේ Bag එකට කවුරු හරි Love Letter එකක් දාලා තිබ්බා - ධනංජි

18 March 2019

1. Hand Bag එක ධනංජිට වැදගත් වෙන්නේ කොහොමද ? • මට වැඩකට යනකොට මට අවශ්‍ය දේවල් දාගෙන යන්න තමයි Bag එකක් ඕනේ. 2. සාමාන්‍යයෙන් ධනංජිගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ? Purse එක, Phone එක , Makeup බඩු නම් අනිවාර්යයෙන්ම තියෙනවා. පොඩි Mirror එකක්, Perfume එකක්, Mouth wash එකක් , පොඩි Note Book එකක් වගේ දේවල් ටිකක් තියෙනවා. 3. කොයිවගේ Brand වල Hand Bag ද භාවිත කරන්නේ? Branded Bag කියලා නැහැ.මගේ අවශ්‍යතාවට හරියනවානම් මම පාවිච්චි කරනවා. 4. කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මගේ අක්කාගේ චූටි දුව. එයා එක්ක ඉන්නකොට දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. 5. Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? මගේ Phone එක තමයි. 6. කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද ගන්න කැමැති ? මට එහෙම මම ආස විදිහේ Bag එකක් තියෙන කෙනෙක් තාම හම්බෙලා නැහැ. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ Bag එකද බලන්නේ ? මම ආසයි කේට් මිඩ්ල්ටන් ගේ bag එක බලන්න. එයා සරල විදිහට ජීවත් වෙන කෙනෙක් නිසා මම ආසයි ඇත්තටම එයා මොනාද පාවිච්චි කරන්නේ කියලා බලන්න. 8. ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ? • විශේෂ අවස්ථාවලදී ඇඳුමට ගැළපෙන විදිහට පාවිච්චි කරනවා. සාමාන්‍ය අවස්ථාවන් වලදී කළු සහ තද නිල් පාට bags තමයි පාවිච්චි කරන්නේ. 9. ඕනිම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? • එහෙම නැහැ. මට අවශ්‍ය දේවල්ටික තියෙන්න ඕනේ Bag එක ගන්න නම් වැඩිපුර Pockets තියෙන්න ඕනේ. ඉඩ තියෙන්න ඕනේ. ලස්සන වෙන්න ඕනේ. 10. Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? ශලිනි තාරකාගෙන් තමයි. එයා විදේශගතවෙලා ඉඳලා එද්දී මට Branded bag එකක් ගෙනත් තිබුණා. 11. ධනංජිගේ පවුලේ අයට අමතරව ඔයාගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? ශලිනි තාරකා තමයි. ක්ෂේත්‍රයේ එකට වැඩ කරලා තියෙන ඒවගේම කාලයක් තිස්සේ දන්න මම ළඟින් ඉන්න නිසා මට එයාව ගොඩක් විශ්වාසයි. 12. Bag එකක් නිසා සිදුවුණු අමතක නොවන සිදුවීම මොකක් ද ? දවසක් මම shooting ගිහින් Makeup එකේ ඉද්දී මගේ Boyfriend ( දැන් Husband ) මට කිව්වා මම ඔයාගේ Bag එකට පොඩි බඩුවක් දැම්මා කියලා. මම ඉතිං ඒක වැඩිය හිතුවෙ නැහැ ඒ වෙලාවේ. පස්සේ මම ගිහින් බලද්දි Perfume එකක්. තව අමතක නොවන සිද්ධියක් තියෙනවා.ඉස්කෝලේ යන කාලේ දවසක් මගේ Bag එකට කවුරු හරි Love Letter එකක් දාලා තිබ්බා. ඒත් ඒකේ නම තිබුණේ නැහැ ලියලා. හෙව්වට හම්බ වුණෙත් නැහැ. අදටත් මම දන්නේ නැහැ කවුද ඒ කියලා. ✍? දිළිණි උදාරි
 

More News..