brand logo

එහෙම මට කාගේවත් Phone එකක් බලන්න ඕනේ නැහැ

10 February 2019

INSIDE MY PHONE – එමාෂා සෙනෙවිරත්න ( සහේලි ) එමාෂා භාවිතා කරන Phone එක මොකක්ද ? Oppo A57 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? මගේ ළඟදී ගත්තු Photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද? 3500 ක් විතර තියෙනවා. 4 . Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ? ආසම කියලා එකක් නැහැ. මම ආසයි University යන කාලේ Photosවලට. ඒවා ගොඩක් සුන්දර මතකයන්. අයේ ජීවිතේ ඒවගේ කාලයක් එන එකක් නැහැ. 5. වැඩිපුරම කෝල්කරන කෙනා කවුද ? අම්මී තමයි මට වැඩිපුර Call කරන්නේ. ගෙදරින් පිටට ගියොත් අම්මී, තාත්තී දෙන්නම Call කරනවා. 6. එමාෂාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? මනීෂා චංචලා තමයි අන්තිමට Call කරේ. Shoot එකක් ගැන කතා කරගන්න. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? Whatsapp 8. වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද ? Instagram සහ Whatsapp තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. Facebook යැවෙන්නේ හරි අඩුවෙන්. 9. Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමැති කාත් එක්කද? එහෙම විශේෂ කෙනෙක් නැහැ. මම එහෙම Phone Calls වල වැඩිපුර රැඳිලා ඉන්න කෙනෙක් නෙවෙයි. 10. වැඩිපුරම Play කරන Game එක මොකක්ද? මම Games Play කරන්න කැමැති නැහැ. මට Games Play කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මගේ Phone එකේ Games නැහැ. 11. සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ? ඉස්සරනම් Lectures යද්දී, වැඩකට යද්දී උදේම නැගිටින්න ඕනේ නම් Alarm එක තියෙනවා. ගෙදර ඉන්නවා නම් තියන්නේ නැහැ. 12. අන්තිමට Google කරේ මොනවද? ළඟදී රූපවාහිනී වැඩසටහනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙදී ගායනා කරන්න ගීතයක් හෙව්වා. 13. Phone තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? Contact List එක නම් නැතුවම බැහැ. නැත්තම් අනිත් අයගේ Numbers එකක්වත් මතක නැහැනේ. 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? මම වැඩිය සිංදු අහන්නේ නැහැ. ඒත් රුවන් සහ උමාරියා ගයන "හිරු මල්" ගීතයට හරි ආසයි. යාළුවෙක්ගේ අයියා කෙනෙක්ගේ Wedding Preshoot එකට දාලා තිබ්බේ ඒ ගීතය. එදා තමයි මම පළවෙනි පාරට ඒ ගීතය ඇහුවේ. ඒකේ Melody එක Singing හරි ලස්සනයි. 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? එහෙම මට කාගේවත් Phone එකක් බලන්න ඕනේ නැහැ. මම අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගොඩක් ගරුකරන කෙනෙක්. ඒ නිසා වෙන කෙනෙක්ගේ Phone එකක් Unlock කරලා ගියත් මම ඒක බලන්නේ නැහැ. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? එහෙම විශේෂ සිද්ධියක් නම් නැහැ. ඒ වුණාට මම යන යන තැන ගොඩක් වෙලාවට අමතක වෙලා Phone එක දාලා ඇවිත් තියෙනවා. ✍? දිළිණි උදාරි ----------- INSIDE MY BAG - එමාෂා සෙනෙවිරත්න 1. Hand Bag එක එමාෂාට වැදගත් වෙන්නේ කොහොමද ? කොතැන හරි යද්දී අත්‍යවශ්‍ය දේවල් ටික අරන් යන්න තමයි මටනම් Bag එකක් වැදගත් වෙන්නේ. 2. සාමාන්‍යයෙන් එමාෂාගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ? Purse එක තියෙනවා. හැමවෙලේම වතුර බෝතලයක් තියෙනවා. මොකද මට හැම වෙලේම තිබහ වෙනවා. ඒ නිසා. පනාව තියෙනවා. Charger එක තියෙනවා. Tissues, Lipstick එකක් තියෙනවා. 3. කොයිවගේ Brand වල Hand Bag ද භාවිත කරන්නේ? මම Hand Bags Brand Follow කරන්නේ නැහැ. මම Hand Bagsවලට ලොකු Interest එකක් නැහැ. ඒත් Branded Shoes වලට නම් කැමැති. 4. කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මගේ බලු පැටියාව. එයාට මං ගොඩක් ආදරෙයි. මගේ පස්සෙන්මයි ඉන්නේ. ඉතිං එයාව දුර යද්දී එක්කන් යන්න බැහැනේ. අවස්ථාවක් හම්බවුණොත් මම එයාව තමයි Bag එකේ දාගෙන යන්නේ. 5. Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? පනාව තමයි. කොණ්ඩේ හැම තිස්සේම අවුල් වෙනවානේ. 6. කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ Bag එකද ගන්න කැමති ? මම Bags ගැන එච්චර Interest එකක් නැති නිසා මම ආස නැහැ වෙන කෙනෙක් එක්ක Bag එකක් මාරු කරගන්න. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළෙ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද බලන්නේ ? අයියෝ මට එහෙම විශේෂ කෙනෙක් නැහැ. 8. ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ? නැහැ. මම ආසයි Red Colour එකට. වැඩිපුර පාවිච්චි කරන්නේ Red Colour Bags. 9. ඕනිම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? ඒකෙ පෙනුම වැදගත්. මම පාවිච්චි කරන්නේ චූටී Back Pack Type Bag එකක්. මම ආස ඒ Style එකේ Bags වලට. මම පාවිච්චි කරන බඩුටික දාගෙන යන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයේ Bag එකකට තමයි කැමැති. 10. Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? ඉස්කෝලේ යන කාලේ මම ආසයි රෝස පාට Barbie Girls ලා ඉන්න Bags වලට. මට මතකයි අම්මි එක පාරක් මට එකක් අරන් දුන්නා. තාම මට ඒක මතකයි. 11. එමාෂාගේ පවුලේ අයට අමතරව ඔයාගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? සාමාන්‍ය වැඩකට යනකොට මම යන්නේ අම්මි එක්ක හරි මල්ලි එක්ක හරි Driver එක්ක හරි. ඉතිං එයාලා ගාව තමයි තියලා යන්නේ. මම එහෙම විශේෂයෙන් ක්ෂේත්‍රයේ අයව ආශ්‍රය කරලා නැහැ. 12. Bag එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ? • එහෙම විශේෂ සිදුවීම්නම් Bags සම්බන්ධයෙන් වෙලා නැහැ. ✍? දිළිණි උදාරි
 

More News..