පිනි පලස

සමහර Call , Message නිසා පෙම් සබඳතාවක් බිඳ වැටිලා තියෙනවා

INSIDE MY PHONE – වීනු උදානි

වීනු භාවිතකරන Phone එක මොකක්ද ?
Samsung Galaxy s6 edge plus

2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද?
මම ටෙලි නාට්‍යයක හිටියා සීගිරි අප්සරාවකට. ඒකේ Photos තමයි දාලා තියෙන්නේ.

3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද?
දැන් නම් Memory Full වෙලා තියෙන්නේ. හයදාහකට කිට්ටුවෙන්න විතර තියෙනවා Photos.

4 . Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ?
අමාරුම ප්‍රශ්නයක්. එහෙම විශේෂ එකක් කියලා නැහැ. කිහිපයක් තියෙනවා.

5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද ?
දැන් නම් මට වැඩිපුරම කතා කරන්නේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෙක්.

6. වීනුට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ?
අන්තිමට කතා කරේ ජනිත් වික්‍රමගේ. එයාගේ Blood Donation එකේ විස්තර කතා කරන්න.

7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද?
Instagram

8. වැඩිපුරම භාවිතකරන ඇප් එක මොකක් ද?
Instagram තමයි වැඩිපුර දැන් භාවිතා කරන්නේ.

9. Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමති කාත් එක්කද?
එහෙම phone එකෙන් කතා කර කර වැඩිපුර කාලේ ගත කරන්න කැමැති කෙනෙක් හොයනවා.

10. වැඩිපුරම Play කරන Game එක මොකක්ද?
ඉස්සරනම් Games Play කරා. දැන් නම් ඒවා ඔක්කොම Delete කරා Memory නැති නිසා.

11. සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ?
Phone එකෙන් නම් මෙච්චර කාලෙකට Alarm තියලා නෑ මම. එක්කෝ ඔළුවෙන් Auto Alarm එකක් තියාගෙන ඒ කියන්නේ වෙලාවක් හිතේ තියාගෙන ඒ වෙලාවට ඇහැරෙනවා. ගෙදර ඉන්නවා නම් අම්මා තමයි ඇහැරවන්නේ.

12. අන්තිමට Google කරේ මොනවද?
• අද නම් Google කරේ මගේ පරණ Article එකක් තිබ්බා. ඒක Internet එකේ තියෙනවද බැලුවා.

13. Phone තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද?
Whatsapp තමයි. මොකද ගොඩක් අය මාව Contact කරන්නේ Whatsapp හරහා තමයි.

14. අන්තිමට අහපු සින්දුව මොකක් ද?
උමාරියාගේ ” දෙනුවන් පියා ” ගීතය. ඒ ගීතය ළඟදී සජීවීව ඇහුවා. ඒ වෙලාවේ ඉඳලා මම ගීතයට ආස නිසා වැඩිපුර අහනවා.

15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ?
මම හිතන්නේ අනුන්ගේ Phone බලන එක එච්චර හොඳ නැහැ. කෙනෙක් නම් කරන්න කියනවා නම් මම කැමති විලියම් කුමාරයාගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ව නම් කරනවා.

16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද?
Phone එකට ආපු සමහර Call , Message නිසා වැරදි වැටහීමක් ඇති වෙලා පෙම් සබඳතාවක් බිඳ වැටිලා තියෙනවා.

✍🏻 දිළිණි උදාරි
—-
INSIDE MY BAG – වීනු උදානි

1. Hand Bag එක වීනුට වැදගත් වෙන්නේ කොහොමද ?
අත්‍යවශ්‍ය හැමදේම ළඟින් තියා ගන්න Hand Bag එකක් ඕනේ.

2. සාමාන්‍යයෙන් වීනුගේ Bag එකේ තියෙන්නේ මොනවා ද?
සාමාන්‍යයෙන් මගේ Hand Bag එකේ තියෙනවා චුයින්ගම්, Makeup Kit එක, Mirror එක, Coins තියෙන Purse එක, Perfume එක, පනාව, Handsfree එක, Diary එක, Tissues තියෙනවා.

3. කොයිවගේ Brand වල Hand Bag ද භාවිත කරන්නේ?
මේ දවස්වල නම් Charles & Keith Brand එකේ Bags තමයි භාවිත වෙන්නේ. ඊට අමතරව Fossil Brand එකේ Hand Bag එකක් තියෙනවා. මගේ ළඟ ලොකුවට Hand Bag Collection එකක් නැහැ.

4. කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ?
අම්මාව තමයි ඉතිං . ඕනෙම දේකදී ඉක්මනින්ම ළඟින් ඉන්න කෙනා තමයි මගේ අම්මා.

5. Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද?
Phone එක තමයි.

6. කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද ගන්න කැමැති ?
සචිනි අයේන්ද්‍රා තමයි. එයා ළඟ හොඳ Bag Collection එකක් තියෙනවා.

7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද බලන්නේ?
කේට් මිඩ්ල්ටන්ගේ තමයි. මම එයාට ගොඩක් කැමැතියි. රජ පවුලේ කෙනෙක් විදිහට එයාගේ ප්‍රතිරූපේ එක්ක මම හිතනව ඒ වගේ කෙනෙක්ගේ Hand Bag එකක් බැලුවොත් වැරැද්දක් නැහැ කියලා.

8. ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ?
ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරන්නේ උත්සව අවස්ථාවන්වලදී විතරයි. අනිත් අවස්ථාවන්වලදී නිතර පාවිච්චි කරන Bag එක තමයි අරන් යන්නේ.

9. ඕනිම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද, සලකන කරුණු මොනවා ද ?
දැක්ක ගමන් ගන්නේ නැහැ. මම එහෙම ලොකු කැමැත්තක් නැහැ Hand Bag එකක් ගන්න ඕනේ කියලා. මගේ අම්මා තමයි ලස්සනයි කියලා දැක්කොත් ගන්නේ. ගොඩක් වෙලාවට මම බලන්නේ සාමාන්‍ය ගමනකට ලොකු Hand Bag එකක්. මගේ තියෙන බඩු ඔක්කොම දාගෙන යන්න පුළුවන්ද කියලා තමයි මම මුලින්ම බලන්නේ. Bag එකේ ප්‍රමාණය මට ගොඩක් වැදගත්.

10. Hand Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද?
හම්බෙලා තියෙනවා. මගේ කලින් පෙම්වතාගෙන්. එයා මට තෑගි විදිහට වැඩිපුර දීලා තියෙන්නේ Hand Bags තමයි. මගේ 25 වෙනි Birthday එකට එයා දීපු Hand Bag එක තමයි ගොඩක් විශේෂ.

11. වීනුගේ පවුලේ අයට අමතරව ඔයාගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද?
සෙනාලි ෆොන්සේකා තමයි. එයා ළඟ බය නැතුව Hand Bag එක තියලා යන්න පුළුවන්.

12. Bag එකක් නිසා සිදුවුණු අමතක නොවන සිදුවීම මොකක් ද ?
රූපගත කිරීමකදී දවසක් මගේ කරේ දාගෙන හිටපු රත්තරන් මාලේ වැටිලා තිබුණා. ඒක බොහොම ආමාරුවෙන් හොයාලා හොයලා හම්බ වුණා. ඉතිං මම ඒක ගලවලා Bag එකේ තිබුණ මගේ පොඩි Purse එකකට දැම්මා. ගෙදර ගියාම අම්මා ඇහුවා කෝ මාලේ කියලා. මම සිද්ධියත් කියලා Bag එක ඇතුළේ Purse එකට දැම්මා බලන්න කියාලා කිව්වා. අම්මා බලද්දි මාලේ Purse එකේ තිබිලා නැහැ. ඉතිං එදා ඒක දැනුවත්වම කවුරු හරි හොරකම් කරලා තියෙනවා. එදා ඉඳලා මං දැන් රත්තරන් බඩුවලට ලොකු ප්‍රියතාවක් දක්වන්නේ නැහැ.

✍🏻 දිළිණි උදාරි