brand logo

මම ආයෙත් මේ වගෙ චරිතයක් රඟපාන්නෙ නැහැ

31 January 2019

මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතින රාවණ ටෙලි නාට්‍යයේ සටන් ශූරිය මාලනී සමගයි අද අපේ කතාබහ සිදුවන්නේ. තිරයේ ඔබ දකින මාලනීගෙ පසුපස සිටින සැබෑ චරිතය කසුනි කාවින්දි. කසුනි ඔබ රංගනයට යොමු වෙන්නෙ කොහොමද ? මම මුලින්ම වේදිකාවට නගින්නෙ අවුරුදු දහයෙදි, ළමා නිළියක් විදිහට. ඒ මම රත්නපුර ෆර්ගියුසන් උසස් බාලකාවේ ශිෂ්‍යාවක් විදිහට පාසල් නාට්‍ය හරහායි. ඒවායින් මම ජයග්‍රහණ ලබනවා. ඒ වගේම මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරනවා. කුඩාවියේ පටන්ම ඔබ නිළියක වෙන්න කැමැත්තෙන්ද හිටියෙ ? පුංචි කාලෙ ඉඳන් මම දන්නෙ නර්තනය, රංගනය හා සංගීතය කියන තුන විතරයි. රංගනය පැත්තෙන් උපරිම දුරක් යන එක තමයි මගේ ඔළුවෙ වැඩ කරන්නේ. පසුව මම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. මම එහිදි නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදි උපාධියක් ලබාගන්නවා. ඔබ නිළියක ලෙස ගමන් අරඹන්නේ වේදිකාවෙන් නේද ඔව් ප්‍රසිද්ධ වේදිකාවට මම එන්නෙ 2012 දී. වේදිකාවෙන් මහ පොළොවට කියන නාට්‍යයෙන්. මම විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ විශ්ව විද්‍යාලය හරහා රජ්‍ය නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල නියෝජනය කරනවා. විශ්ව විද්‍යාල නිෂ්පාදනවලින් ඊට අමතරව මම බාහිර නිෂ්පාදනවලටත් සම්බන්ධ වෙනවා, තුමිදු දොඩන්තැන්න හා රාජිත දිසානායක යන නාට්‍යකරුවන්ගේ නිර්මාණ හරහා. මේ දිනවල කතාබහට ලක්ව ඇති රාවණ හි මාලනිගේ චරිතය ගැන කතා කරමු මම ඒකට කැමැති වෙන්නේ, එම චරිතයෙ තියෙන විශේෂත්වය නිසා. ඒක සටන් ශූරියකගෙ චරිතයක්. ඒවත් එක්ක මට ආසාවක් ඇතිවෙනවා, සටන් පිළිබඳ හැදෑරීමක් කරන්න. ඒක මගේ රංගන දිවියට වගේම පෞද්ගලික දිවියටත් ප්‍රයෝජනවත් වෙයි කියන අදහසින් තමයි මම ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ. මෙ වගේ චරිත වලටම ඔබ කොටු වේවිද ඉදිරියෙදි මට මේක ඇති මම ආයෙමත් ඒවගෙ වෙනත් චරිතයක් ටෙලිනාට්‍යයක රඟපාන්නෙ නැහැ. නමුත් සිනමාවේ ​ෙ​ෙතිහාසික කතාවක එවන් චරිතයක් ලැබුණොත්, මම එ්ක භාරගනියි. ඕනෑම චරිතයක් මම කරන්නෙ පිටපත බලලා. නිර්මානයේ ගුණාත්මකභාවය අනුවයි, මට හොඳයි කියලා හිතුණොත් විතරයි. රංගනයට පිවිසීමත් සමගම ඔබගේ රංගනයට ඇගයීමක් ලැබෙනවද? 2014 ජාතික යෞවන සම්මාන උළෙලේ දිගු නාට්‍යය යටතේ හොඳම නිළිය ලෙස මම සම්මාන ලබනවා, චෙරි උයන නාට්‍ය වෙනුවෙන්. 2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට නිර්දේශ වෙනවා. ඒත් චෙරි උයන වෙනුවෙන්මයි. 2017 අවුරුද්දෙ යෞවන සම්මාන උළෙලේ ‘බිසෝ අම්බලම’ කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශ වෙනවා. ඔබ වේදිකාවේ සක්‍රීය චරිතයක් නේද ? ඔව් මම ඉතාම සක්‍රිය වේදිකා නිළියක්. මෑතකදී මම වේදිකා නාට්‍යක් කළේ නැහැ. අවසන් වරට කළේ, රාජිත දිසානායකගේ සර්ගෙ ‘මට වෙඩි තියන්නෙ නැද්ද?’ වේදිකා නාට්‍යයයි. ඊට පස්සෙ මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. ෂුටිං වගේ ප්‍රශ්න එක්ක මට කාලය වැය කරන්න අපහසු නිසා වේදිකා නාට්‍යක් කරනවා නම් මට උපරිමයෙන් ඒකට කැප වෙන්න ඕනෑ. නමුත් මම අදටත් ඉතාම සක්‍රියයි. වේදිකා නාට්‍යයක් කරනව නම් මං කැමැතියි අනිත් අය අපහසුතාවට පත් කරන්නෙ නැතිව පූර්ණ කාලයම දීලා ඒ කටයුත්ත කරන්න. සිනමාවට ඔබේ සම්බන්දය කොහොමද ? මම රඟපාන පළමු චිත්‍රපටය කෞෂල්‍ය මාධව පතිරණගෙ ඉක්කා. එහි ප්‍රධාන කාන්තා චරිතය. දෙවන චිත්‍රපටය චානක පෙරේරාගෙ ‘ගජමෑන්.’ ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටය ගජමෑන්. එ්කේ මම මොෂන් කැප්චරින් කියන රංග තාක්ෂණය ඔස්සේයි එහි ප්‍රධාන චරිතය පද්මාවතීගේ චරිතය රඟපෑවා. ඊට අමතරව මට හොඳයි කියල හිතෙන නිර්මාණ කිහිපයක සුළු සුළු චරිතවලින් දායක වුණා. මට නිර්මාණ එනවා විවිධ හේතු නිසා ඒවා මග හැරෙනවා. මට තියෙන බටහිර පෙනුම නිසාත්, ගොඩක් චරිත නොලැබි ගිය අවස්ථා තියෙනවා. කසුනිගේ වෘත්තිය රංගනයද? මගේ හිනයක් තිබුණා, රංගන ශිල්පිනියක් වෙනවා හා සමානවම කථිකාචාර්යවරියක් විමේත්. නමුත් විශ්ව විද්‍යාලයෙදි අත්විදි දෙවලුත් එක්ක ඒ ආසාව බොදවෙලා ගියා. නමුත් ඒ කැමැත්තට පුංචි ඉඩක් හිතේ ඉතිරි වෙලා තියෙනවා. දැනට මම වෘත්තීයමය රංගන ශිල්පිණියක් කියන එක ඇතුලෙ තෘප්තිමත් වෙනවා. එහැබැයි මේක තෝරා බේරාගෙන වැඩ කරන නිසා ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න අමාරුයි. රංගනය හැරුණාම හඬ කැවීමේ ශිලපිනියක් විදිහටත් වැඩ කරන නිසා මට යැපෙන්න මෙය ප්‍රමාණවත්. මේ ගමනට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? මට මේකෙන් තොර ලෝකයක් නැහැ කියලා එයාල දැනගෙන හිටියා. නමුත් මම දන්න තරමින් මගේ තාත්තා ලොකු කැමැත්තකින් හිටියෙ නැහැ මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට. නමුත් එයාල දන්නවා මං දන්නේ මට පුළුවන් මෙච්චරයි කියලා. අපේ ගෙදරින් මේ දේ කරන්න එපා කියලා දැඩි බලපෑම් කරන්නෙ නැහැ. කරන දේ හරියට කරගෙන යන්න කියනවා මිසක් නිළියක් වුණා කියලා මම පුරුදු විදිහට ගෙදර යන්නෙ බස් එකෙන්. මම මාර ප්‍රසිද්ධ චරිතයකුත් නෙවෙයි. තවමත් මගේ සුපුරුදු ජීවිතය ගෙවනවා සුරංජි පතිරණ
 

More News..