brand logo

මට ගැළපෙනවා නම් පිටකොටුවෙන් හරි කමක් නැහැ අරන් පාවිච්චි කරනවා

20 January 2019

INSIDE MY BAG -විදූශී උත්තරා 1. Hand Bag එක විදූශීට වැදගත් වෙන්නේ කොහොමද ? • මට Hand Bag එකක් නැතුවම බැහැ. දවසේ මගේ වැඩවලට අවශ්‍ය ඔක්කොම මගේ Hand Bag එකේ තියෙනවා. ඉතිං ඒ නිසා මම ටිකක් ලොකු Hand Bag එකක් දානවා. 2. සාමාන්‍යයෙන් විදූශීගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ? මගේ Hand Bag එකේ ගොඩක් දේවල් තියෙනවා. මම වැඩ භාරගන්න ඒවා ලියන Diary එක, Payment Book එක, Perfume, පනාව, Paper Roll , Lipstick , Cologne , Wallet , Power Bank එක, Hair Clips , Hair Bands , Sunglass එක වගේම හදිසි අවස්ථාවකදී භාවිත කරන්න පුළුවන් බෙහෙත් අඩංගු බෙහෙත් Packet එකකුත් තියෙනවා. 3. කොයිවගේ Brand වල Hand Bag ද භාවිත කරන්නේ? Branded කියලා නැහැ. මට ගැළපෙනවා නම් පිටකොටුවෙන් හරි කමක් නැහැ අරන් පාවිච්චි කරනවා. 4. කාව හරි Bag එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මගේ තාත්තාව. මට තාත්තා නැතුව බැහැ. මම වැඩිපුර ආදරේ තාත්තාට. ගෙදර හිටියත් තාත්තා ළඟින්මයි ඉන්නේ. හැමදේම කියන්නේ එයාට. මට ලේසි එයා මගේ ළඟින්ම ඉන්නවා නම්. 5. Bag එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද? මගේ Bag එකේ තියෙන Paper Roll එකේ ඉඳලා හැමදේම මට අත්‍යවශ්‍ය දේවල් තමයි. 6. කා එක්ක හරි Bag එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද ගන්න කැමැති? මට වඩා මගෙ නංගි ළඟ සල්ලි තියෙනවා. එයාගේ Wallet එක තියෙන නිසා මම කැමැති එයාගේ Bag එක එක්ක මාරු කරගන්න. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ Bag එකක් ඇතුළෙ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ Bag එකද බලන්නේ ? මම එහෙම කැමති නම් නැහැ. ඒත් කෙනෙක් සඳහන් කරන්න කිව්වොත් දීපිකා පදුකෝන් තමයි. 8. ඇඳුමේ පාටට Hand Bag පාවිච්චි කරනවා ද ? • නැහැ. මට තියෙන්නේ එක Bag එකයි. ඒක තමයි හැම ඇඳුමකටම දාන්නේ. 9. ඕනිම තැනකින් Hand Bag එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? මම එහෙම Hand Bagsවලට Interest නැහැ. මගේ බඩුටික ඔක්කොම දාගෙන යන්න පුළුවන් එකක් තමයි ගන්නේ. 10. Hand Bag එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? තෑගි හම්බෙලා තියෙනවා. ඒත් විශේෂ විදිහට ලැබිලා නැහැ. විදූශිගේ පවුලේ අයට අමතරව ඔයාගේ Hand Bag එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? ක්ෂේත්‍රයේ කවුරුත් අවිශ්වාස නැහැ. ඒත් ආශා එදිරිසිංහ අක්කට මම ගොඩක් ආදරේ නිසා එයාව ගොඩක් විශ්වාසයි. Bag එක තියලා යනවා නම් එයා ළඟ තමයි. 12. Bag එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ? එහෙම විශේෂ සිද්ධියක් නම් නැහැ. ඒත් අපේ අක්කා නම් මගේ Bag එක කොයි වෙලාවෙද ගන්නේ කියලා බලන් ඉන්නේ. INSIDE MY PHONE – විදූශී උත්තරා 1. විදූශී භාවිතා කරන Phone එක මොකක්ද ? iphone 8 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද්? Lock Screen එකේ නම් තියෙන්නෙ මගේ පින්තූරයක්. Wall Paper එක තියෙන්නේ තනිකරම කළු පාටින්. Wall එකේ තියෙන Icons පැහැදිලිව පේන්න ඕනේ නිසා තමයි මම එහෙම දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද? දැනට නම් තියෙන්නේ Photos Videos ඔක්කොම 353 යි. 4 . Phone එකේ Gallery එකේ තියෙන ආසම පරණ Photo එක මොකක්ද ? මේක අලුතින් ගත්තු Phone එකක් නිසා පරණ Photo ගොඩක් නැහැ. ඒත් මගේ පොඩි කාලේ පින්තූරයක් තියෙනවා. ඒක මම Save කරන් ඉන්නේ මම ඒකට ගොඩක් කැමති නිසා. 5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද? තාත්තාට තමයි වැඩිපුර Call කරන්නේ. 6. විදූශීට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද? ප්‍රසිද්ධ කෙනෙක් නම් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි තමයි ඉතිං. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? Instagram 8. වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද ? Instagram , Whatsapp , Youtube තමයි. මම Face Book නම් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. Messenger වුණත් එන හැම Message එකකටම Reply කරන්න අමාරුයි අපේ කාර්ය බහුලත්වයත් එක්ක. Whatsapp හරහා තමයි වැඩිපුර Call Message කරන්නේ. ඒවගේම මම වැඩිපුර කැමති Instagram එකට.මගේ වැඩ ගොඩක් Update කරන්නේ Instagram එකේ. Instagram එකට එන හැම Message එකකටම පුළුවන් විදිහට Reply කරනවා. ඒක මට Text කරම Fansලා දන්නවා. 9. Phone එකෙන් වැඩිපුර කතා කර කර ඉන්න කැමති කාත් එක්කද? මම වැඩිපුර Phone එකෙන් කතා කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මගේ නංගිලා යාළුවෝ තමයි කතා කරන්නේ. තාම නම් විශේෂ කෙනෙක් නැහැ. 10. වැඩිපුරම Play කරන ගේම් එක මොකක් ද ? Free Fall සහ Connect Pops 11. සාමාන්‍යයෙන් Alarm එක තියන්නේ කොහොමද ? මම සාමාන්‍යයෙන් එක Alarm එකයි තියන්නේ. ඒකට එකපාරින් ඇහැරෙනවා. 12.අන්තිමට Google කරේ මොනවද? මම අලුතින්ම සිංහලෙන් හඬකවන විදේශ නාට්‍යක චරිතයක් ගැන තමයි. 13. Phone තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? Contact List එක. සාමාන්‍යයෙන් මට Phone Numbers මතක හිටින්නේ නැහැ. ලොකු බයක් තියෙනවා Contact List එක නැති වුණොත් මොකද කරන්නේ කියලා. 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? නිරාශා Teledrama එකේ Theme Song එක " සුසුමක දැවටිලා " කියන ගීතය 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? මට එහෙම කාගෙවත් Phone එකක් බලන්න කැමත්තක් නැහැ. මම වුණත් Photo එකක් බලන්න මගේ Phone එක කාටවත් දුන්නොත් ඒ Photo එකෙන් එහාට බලනවාට කැමති නැහැ. ඒ නිසා මම වෙන අයගේ Phone බලන්න කැමතිත් නැහැ. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? මම හරි බයයි Phone එක වැටෙයි කැඩෙයි, නැතිවෙයි කියලා. ඒ ඇරෙන්න විශේෂ සිද්ධිනම් නැහැ. අම්මාගෙන් නම් බැනුම් අහනවා හැම වෙලේම Phone එක අතේ කියලා. Phone එකනම් මගේ ජීවිතේම කොටසක් වගේ වෙලා තියෙන්නෙ. ✍? දිළිණි උදාරි      
 

More News..