brand logo

බස්වල යද්දි එද්දි මාව දකින අය මට කතා කරන්නෙ ඇරුණි කියලා

09 January 2019

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතයට කවුරුත් ආදරය කරන්න පටන් අරන් තියෙන රුවැත්තිය කවුරුන්ද හදිසියේම ඇවිත් හැමෝගෙම අවධානය ආදරය දිනාගනිද්දී ඈ ගැන හැමෝම විමසන්න පටන් ගත්තා. ඒ නිසාම අපිත් මේ හුරුබුහුටි යුවතිය හමුවෙලා ඔබ කව්රුන්දැයි ඇගෙන් විමසුවා. ඔබ දැනටමත් දන්නා විදිහට ඇය දෙවෙනි ඉනිමේ අරුණි වූවාට, සැබෑවට ඈ ඉෂානි විජේතුංගයි. ඉෂානිගේ තොරතුරු අපි ඇගේ වදනින්ම විමසමු. ඉශානිගෙ විස්තර ටිකක් කියමුකො මම ඉෂානි විජේතුංග. මගේ ගම මහනුවර. අපේ පවුලේ දැන් ඉන්නෙ අම්මයි, මමයි විතරයි. මගේ තාත්තා මම පුංචි කාලයේම මියගියා. තාත්තා නාවික හමුදාවෙ හිටපු නිලධාරියෙක්. අම්මා ඉස්සර නම් රූපලාවන්‍යය ශිල්පිණියක් විදිහට කටයුතු කළා. දැන් මගේ වැඩත් එක්ක ඉන්න නිසා ඒ කටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ. පාසල් වියේදීම ඉෂානි කලාවට නැඹුරුව හිටි කෙනෙක්ද? නැහැ. මෙවැනි තැනකට එන්න හීනෙකින්වත් මගේ හිතේ තිබුණේ නැහැ. මගේ පාසල මහනුවර උසස් බාලිකා විද්‍යාලය. මම වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවෙ. මගේ බලාපොරොත්තුව වුණේ බැංකු අංශයේ රැකියාවක් කරන්නයි. ඉෂානි අදටත් වෙනත් වෘත්තියක් ගැන හීන දකිමින් රංගනයේ යෙදෙන කෙනෙක්ද? නැහැ රඟපාන්න ආවට පස්සේ මගේ හිතේ මේ වෘත්තිය ගැන ආසාවක් ඇතිවුණා. දැන් නම් මේ ක්ෂෙත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉෂානිට රංගනයට එන්න අවස්ථාව සැලසෙන්නෙ කොහොමද? 2017 අවුරුද්දෙ දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එම තරගයෙන් මම දෙවැනි ස්ථානය ලබාගන්නවා. දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න මාව උනන්දු කළේ මගේ මිතුරියන්. ඔවුන් තමයි අයැදුම්පත් පවා යොමු කළේ. දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් පළමු තැන ලබාගත්තා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ චූටි මැණිකෙගෙ චරිතය රඟපාන ශලිනි ඒ තරගයෙන් පසුව මගේ මිතුරියක් බවට පත්වුණා. ශලිනි තමයි මට කිව්වෙ දෙවෙනි ඉනිමේ අරුණි කියල චරිතයකට අලුත් කෙනෙක් හොයනවා කියලා. ඒ අනුව චාමිකා මෙන්ඩිස් මහත්මිය හමුවෙලා තිර පරීක්ෂණයකින් පසුසේ මාව අරුණිගෙ චරිතයට තොරගත්තා. ඉෂානිට වඩා අරුණි හරි ජනප්‍රියයි නේද? ඔව්. බස්වල යද්දි එද්දි මාව දකින අය මට කතා කරන්නෙ ඇරුණි කියලා සමහරුන්ට මගේ නම මතක නැහැ. එයාල කැමැති මට අරුණි කියලා කතා කරන්න. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉෂානිත් ඇරුණි වගේම කෙනෙක්ද? නැහැ. අරුණි ටිකක් නපුරු කටකාර තරුණියක්නේ. හැබෑ ජීවිතයේ මම හරිම නිහඬ චුට්ටක්වත් නපුරු නැති කෙනෙක්. මම අරුණිට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් කිව්වොත් නිවැරදියි. මේ වනවිට ඔබ දෙවෙනි ඉනිම හැර තවත් නිර්මාණවලට සම්බන්ධ වෙලාද? දෙවෙනි ඉනිමට ආවට පස්සේ අපිට ආයතනික වශයෙන් කිසියම් කාලයක් එම ආයතනය එක්ක ඉන්න ඕන. මේ වනවිට මගේ එම කාල සීමාව අවසන්. මට දැන් වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ මාසේ ඉඳන් මම තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. රංගන දිවිය පිළිබඳ ඇති අපේක්ෂාවන් මොනවද? සිනමාවට සම්බන්ධ වෙන්නත් ආසයි. ඒ වගේම රංගනය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න කැමැත්තකුත් තියෙනවා. ඉෂානි රඟපාන්න තෝරගන්න විශේෂ චරිත තියෙනවද? එහෙම නැහැ. ඒත් මම හැමදෙයක්ම කරන්නේ අම්මගෙන් අහලා. ඒ නිසා අම්මා හොඳයි කියන චරිත භාර අරගෙන කරනවා. ඒ කියන්නෙ ඉෂානිගෙ රංගන දිවියේ තීරණ අයිති, අම්මට කියන එකද? මම ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම අම්මා මාව ටියුෂන් පන්තියකටවත් තනියම යැව්වෙ නැහැ. අදටත් එහෙමයි. ඇය නිරන්තරයෙන්ම මගේ හැම ගමනකදීම මාත් එක්ක යනවා, එනවා. මම අම්මගෙ රැකවරණය යටතේ තමයි ජීවත් වෙන්නේ. මගේ ආරක්ෂාව හා දියුණුව ගැන අම්මා හරියට හිතනවා. ඒ නිසා අම්මා මං වෙනුවෙන් ගන්නෙ නිවැරදිම තීරණ කියලා මම විශ්වාස කරනවා. ඉෂානි නිළියක් වීමත් සමග නුවර අතහැර කොළඹට ඇවිත්ද ඉන්නේ? නැහැ අපි තවම නුවරම තමයි පදිංචි වෙලා ඉන්නේ. රඟපාන වැඩ තියෙනකොට කොළඹ ඇවිත් ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මේ වෙත්දි ඉෂානි පෙම්වතියක්ද? නැහැ. ආදර ආරාධනාවන් නම් කොතෙකුත් ලැබුණා. නමුත් ඒ දේවල් බාරගත්තෙ නැහැ. දැන්ම එහෙම සම්බන්ධතාවක් පටන් ගන්න කැමැත්තක් නැහැ. සුරංජි පතිරණ
 

More News..