brand logo

අලුත් අවුරුද්දෙදි මගේ ගීත දෙකක් එනවා

26 December 2018

1. ඉතින් ශනූ නත්තලට සූදානම් වෙනවද, මේ දවස්වල? ඔව්. වෙනදා වගේම මේ පාරත් නත්තලට සූදානම් වෙනවා. ඉතින් හරිම සතුටුයි. නත්තලටනේ නෑයෝ ඔක්කොම එකතු වෙන්නේ. 2. මොනවද ඉතින් විශේෂයෙන් මේ නත්තලට කරන්න හිතන් ඉන්නේ? 24 වැනිදා රෑ 12.00 ට අපි පස් දෙනාම පූජාවට යනවා. විශේෂයෙන්ම මුකුත් කරනවා කියලා තවම අපි ප්ලෑන් කරලා නැහැ. හැබැයි විදේශගත වෙන්නේ නැහැ. අපි ලංකාවේ තමයි නත්තල සමරන්නේ. 3. ශනු නත්තලට ෂොපින් කළාද? තවම හරියට පවුලේ හැමෝටම එකතු වෙලා නම් ෂොපින් කරන්න බැරි වුණා. අක්කිලා දෙන්නත් වැඩනේ. ලොකු අක්කටත් තවම ෆ්‍රී වෙලාවක් ලැබුණේ නැහැ. පවුලේ හැමෝම එක්ක ෂොපින් කරන්න තමයි කැමති. තව ටික දවසක් තියෙනවානෙ යන්න ඕන තව ෂොපින් කරන්න. 4. ශනූ එක එක වර්ගයේ කෑම හදනවනෙ. මොනවද මේ නත්තලට හදන්න හිතන් ඉන්නේ? අම්ම ක්‍රිස්මස් කේක් හැදුවා. ඉතින් එයා ගෙනත් තිබුණ බඩු වැඩි වුණා. ඒ නිසා මම ඒවායින් කිසස් හදන්න හිතුවා. ඒවා ඉක්මනට දිය වෙනවනේ. ඉතින් මම ගූගල් සර්ච් කරලා බලලා හදනවා. 5. මොනවද අලුත් අවුරුද්දෙ කරන්න ඉන්න ටෙලි නාට්‍යය? මේ දවස්වල මම යුනිවර්සිටි එකේ වැඩවලට හිරවෙලා ඉන්නේ. ඒකෙ එග්සෑම් වැඩ කරනවා. ඒ නිසා නාට්‍ය භාර ගත්ත අඩුයි. එක නාට්‍යයක් භාර අරගෙන ඉන්නේ සේනක කියලා අධ්‍යක්ෂවරයෙක් යටතේ. ඒකෙ වැඩ තාම පටන් අරගෙන නැහැ. ලබන අවුරුද්දේ පටන් ගනියි. 6. ශනූ දෙවෙනි අක්කා වගේ සිනමාවට එන්න කැමැති නැද්ද? සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා. ඉස්සරහට බලමු කොහොම වේවිද කියලා. සිනමාවට ආසයි. ඒත් මට රඟපාන්න සුදුසු චරිතයක් වෙන්න ඕන. ඒකයි ටිකක් පරක්කු වෙන්නේ. 7. ශනූ ගායනය අතහැරලම දාලද? නැහැ. මේ වෙනකොට මම ගීත දෙකක්ම කරලා තියෙන්නේ. මියුසික් වීඩියෝ එක කරන නිසා තමයි පරක්කු වුණේ. මනුරංග අයියයි, පසන් ලියනගේ අයියයි තමයි කළේ. එකක් මගේ ගීතයක්. අනික රී මේක් එකක් කළේ. 8. ඒ කියන්නේ ජනවාරිවල ශනූ ගීත දෙකක් රසිකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවද? ජනවාරි බැරිවෙයි. පෙබරවාරි වගේ රිලීස් කරන්න පුළුවන් වෙයි. මමත් අාසාවෙන් ඉන්නේ මේ ගීත දෙකට ප්‍රතිචාර ලැබෙනකම් 9. ශනුගේ පැෂන් අප්ඩේට් කව්ද මේවා නිර්මාණය කරන්නේ? අම්ම තමයි ඔක්කෝම මහන්නේ. හැබැයි මට ඕන කරන ඩිසයින් තමයි මහගන්නේ. මගෙයි සමහර වෙලාවට අක්කලගෙයි අදහස් අරගෙන මහනවා. 10. ශනූගේ අධ්‍යාපන කටයුතු කොහොමද? මම කරන්නේ මාකටින් ඩිග්‍රී එකක්. දැන් මේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු තමයි කරන්නේ. 11. රංගනයට නැත්නම් වෙනත් වෘත්තියකට යනවද, ශනූ? ඉගෙනගෙන තියෙන එක අපතේ යවන එකත් අපරාදේ. බලමු තව අධ්‍යාපන කටයුතුවලට කල් තියෙනවානේ. ඊට පස්සේ තීරණය කරනවා.    
 

More News..