brand logo

මම ගොඩක් තැන්පත් නැහැ

01 January 2019

සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය තුළින් විසල් ප්‍රේක්ෂක අවදානයක් දිනාගත් මනීෂා චංචලා අද වන විට රට තුළ ජනප්‍රිය තරුණියක්. කලා ලෝකයේ නිළියක, ගායිකාවක මෙන්ම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස භුමිකා කීපයක්ම රඟ දක්වන මනීෂා සිය පෞද්ගලික දිවිය තුළ වෙනසකට සැලසුම් හදමින් සිටින මොහොතකයි මේ කතාබහ සිදුවන්නේ ඉතින් අපි විමසා බලමු. මනිෂා මේ වගේ වැඩ කටයුත්තකටද මේ සැරසෙන්නේ කියලා. මනීෂා මේ දවස්වල කාර්යබහුල කලා කටයුතු නිසාද? මේ දවස්වල පෞද්ගලික වැඩ කටයුතු නිසයි, මේ තරම් කාර්යබහුල මොනවද මේ පෞද්ගලික කටයුතු? ඉදිරියට මම කරන්න හිතාගෙන ඉන්න වෘත්තිය පැත්තෙන් ඉගෙනීම් කටයුතු කරගෙන යෑමයි, මේ පෞද්ගලික කටයුත්ත. මේ කටයුතු නිසා මම රංගනය අමතක කරලා නම් නෙවෙයි. ඉදිරියේ මනිෂා සම්බන්ධ වෙන වෘත්තිය, කලාවත් සමග බැඳුණ එකක්ද? කොහොමටත් මම රංගන කටයුතු කළේ අමතර දෙයක් විදිහටයි. මගේම කියලා දෙයක් කරන්න පසුබිම හදාගෙන යමින් ඉන්නවා මේ දවස්වල. ඉදිරියෙදී මගේ ඒ දේවල් ගැන රසිකයන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. රංගනය වෘත්තියක් විදිහට කරගෙන යන්න කැමැති නැතිද? කොහොමටත් මම කලාවට කැමැතියි. ඒ නිසානේ මම මේකට එන්නෙත්. හැබැයි මේක මගේ වෘත්තිය කරගන්න නම් කැමැත්තක් නැහැ. මනීෂා නිර්මාණයක් බාරගන්න කලින් මොන වගේ දේවල්ද හොයලා බලන්නේ? එක සීමාවක් ඇතුළෙ තමයි මම වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් නිර්මාණයක් භාරගන්න කලින් ගොඩක් ඒ නිර්මාණය ගැන හොයනවා. ඊට පස්සේ මගේ පරාසය ඇතුළෙ, ඒ චරිතය පවතිනවා නම් ඒක කරනව. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට නිර්මාණ ප්‍රතික්ෂේප කරනවා කියලද? දැනට නම් ලොකුවට ප්‍රතික්ෂේප කරන්න තරම් නිර්මාණ ලැබෙන්නේ නැහැ. මට ලැබුණෙ හොඳ නිර්මාණ. ඒ නිසා මේ තාක්කල් නම් ලැබුණ දෙවල් කරගෙන ගියා. සිඳූහි තෙරුණි නේද ඔබට වාසනාව ගෙනා චරිතය? තෙරුණි කියන චරිතයෙන් තමයි මාව හැමෝම අඳුරගත්තේ. මම මුලින්ම ලිට්ල් ස්ටාර් එකේ ගායනා කළා. ඊට පස්සෙයි මට රඟපාන්න ඇරයුම් ලැබෙන්නේ. මම පළමුවෙන්ම රඟපෑවේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ. නමුත් මට ගොඩක් අය ආදරය කරන්නේ තෙරුණිගේ චරිතය නිසා. ගොඩක් අය අදටත් මගේ ඇත්ත නම දන්නෙත් නැහැ. මට කතා කරන්නෙ තෙරුණි කියලා. මං හිතන්නෙ තෙරුණි තමයි මට ලැබුණ හොඳම අවස්ථාව. හැබෑ දිවියේ මනිෂයි, තිරයේ තෙරුණියි සමාන යුවතියන්ද? මම ගොඩක් තැන්පත් නැහැ. ගොඩක් දඟකාරත් නැහැ. හැබැයි තෙරුණි හරිම තැන්පත්. සමහර තැන්වල බොළඳයි. මම තෙරුණි වගේ නෙවෙයි මම මධ්‍යස්ථ කෙනෙක්. ප්‍රසිද්ධ කෙනෙක් පසුපස ගලා එන ආදර යෝජනා ගැන විශ්වාස කරනවද? ජීවිතේ ගැන අපට මැරෙන කල්ම තේරුම් ගන්න අමාරුයි. හරි ආදරය කියල දෙයක් තියෙනවා නම් ඒක තමයි වෙන්න ඕන දේ කියලා මම හිතනවා. නමුත් එයා රසිකයෙක්ද, වෙනත් ආකාරයකින් හමුවෙන කෙනෙක්ද කියල කියන්න අපහසුයි. මේ වෙද්දී ලැබුණ ආදර අරාධනාවලට මොකද වුණේ? ආදර ඇරයුම් ලැබිලා තියෙනවා. නමුත් අපිට තේරෙනවනේ මේ දේ හරියයිද, නොයයිද කියලා. ඒ තෙරුම් ගැනීමත් එක්ක ඒ දේවල් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මේ වයසට ආදර කතාවක් නැති තරුණියක් ද ඔබ? දැනට නම් මට අම්මගෙනුයි, අප්පචිචිගෙනුයි ආදරය ලැබෙනවා. අවශ්‍ය කාලෙදි මම ඒ ගැන හිතයි. මනිෂා දැන් ඔබගේ ගම නුවරද, හැඳලද? මම පොඩි කාලේ ඉඳන් කලා කටයුතුවල හිටිය නිසා කොළඹ එන්න වුණානේ. මගේ තාත්තයි, අක්කයි රැකියාවන් නිසා කොළඹයි හිටියේ. පස්සේ මගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ අම්මත්, මමත් කොළඹටම ආවා. වෙළෙඳ දැන්වීම් හරහා ඔබ හඳුන්වා දෙන භාණ්ඩ ගැන ජනතාවට වගකියනවද? අපි දෙයක් ජනතාවට හඳුන්වා දෙනවා නම් ඒ දේ ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕන. මම මේ වෙනකම් වෙළඳ දැන්වීම්වලට සහාභාගි වෙලා තියෙනවා නම් හොඳ නමක් තියෙන භාණ්ඩයකට විතරයි. චිත්‍රපටයවල රඟපාන්න හිතුවෙ නැතිද? පසුගිය දවසක චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබුණා. ඉදිරියෙදි එහි රූපගත කිරීම් පටන් ගනියි. ඒ හැරුණම මම චිත්‍රපට තුනකම පසුබිම් ගායනයෙන් සහභාගි වෙලා ඉන්නවා. ගායිකාවක් විදිහට ඔබ තියෙන අනාගත බලාපොරොත්තු මොනවද? ගීතයක් කරලා තියෙනවා. ඉදිරි කාලයේ එය එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. දිගටම කලා කටයුතු කරගෙන යනවා. මේකෙන් අයින් වෙනවා නම් ඉතින් විවාහය වගේ දෙයකදී තමයි. ඒක ඒ කාලයේ ඇතිවන පසුබිම මත තමයි තීරණය වෙන්නේ. මනිෂා මේ හැම දෙයක්ම අහම්බයක්ද? කොහොමටත් මට ගායනා කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. ඒ නිසානේ ලිට්ල් ස්ටාර් තරගයට ආවේ. ඒත් රංගනයෙන් මේ ලැබුණ ජනප්‍රියත්වය නම් මම කවදාවත් හිතපු දෙයක් නෙවෙයි. සුරංජි පතිරණ   
 

More News..