brand logo

ම්..ම්... තාම එහෙම කෙනෙක් හිතලා නැහැ

06 January 2019

ශනුට කොහොමද හෑන්ඩ් බෑග් එකක් වැදගත් වෙන්නෙ ? අනිත් ගෑනු ළමයින්ට වගේම මටත් හැන්ඩ් බෑග් එක වැදගත් වෙනවා. මගේ ඔක්කොම දේවල් දාගෙන යන්නෙ බෑග් එකේ තමයි. එ්ක නැතුව ඉතින් බැහැ. මොනවද ඔයාගෙ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල්? පර්ස් එක, සන්ග්ලාස් දෙක, චුයින්ගම් බෝතලයක් එ්ක අනිවාර්යයි. පොඩි පර්ෆියුම් එකක්, පොඩි පොඩි කොණ්ඩ කටු ටිකක්, හෑන්ඩ් ෆ්රී දෙක, ලිප්ස්ටික් එක, පවුඩර් එක තියෙනවා. බෑග් එකෙ කාගේ හරි පින්තුරයක් හෝ ආගමික දේවල් තියෙනවද? මම ජේසුගෙ පොඩි පින්තුරයක් තියාගෙන ඉන්නවා. ඊට අමතරව අපේ පවුලෙ පස්දෙනාගේ පින්තූරයක් තියෙනවා. බෑග් එ්කේ කවුරු හරි දාගෙන යන්න ලැබුණොත් කවුද ඔයා දාගෙන යන්නේ? මම කවුරුවත් දාගෙන යන්නෙ නැහැ. පුළුවන් නම් තනියම යනවා. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතුවම බැරි දේ මොනවද? ඉයර් ෆෝන් දෙක තමයි නැතුවම බැරි කා එක්ක හරි බෑග් එක මාරු කරගන්න ලැබුණොත් කාත් එක්කද මාරු කරගන්න කැමැති? මගෙ අක්කලා දෙන්නගෙන් කාත් එක්ක හරි මාරු කරගන්න කැමැතියි. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක ඇතුළ බලන්න ලැබුණොත් කාගේ එකද බලන්න කැමැති ? ම්..ම්... තාම එහෙම කෙනෙක් හිතලා නැහැ, කාගෙද බලන්නේ කියලා. ඔයා ඇඳුමේ පාටටද බෑග් එක තෝර ගන්නෙ? නැහැ එහෙම නැහැ. නිකන් ගමන්වලට ලොකු හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් පොඩි පර්ස් එකක් ගෙනියනවා. එහෙම නැතුව පාට තෝරන්නෙ නැහැ. බෑග් එකක් ගන්න කොට මොනවද ඔයා සලකලා බලන දේවල් ? මං බෑග් අරගත්ත ප්‍රමාණයක් තියෙනවා. මම ඉතින් ඒ නිසා අලුතින් ගන්නේ නැහැ. මම ගන්න බෑග් එක කොහොමත් ලොකු වෙන්න ඕන. බඩු ගොඩක් තියෙනවනේ දාන්න. ඒ නිසා හයිය වෙන්නත් ඕනෑ. කාගෙන් හරි බෑග් එකක් ලැබිලා තියෙනවද, තැග්ගක් විදියට? මට ගොඩක් තෑගි විදියටම තමයි බෑග් ලැබිලා තියෙන්නෙ. මම ගත්ත එ්වා අඩුයි. ටික වෙලාවක් හරි බෑග් එක තියල යන්න වුණොත් කාගෙ ළඟද තියලා යන්නේ? අම්මා ළඟ තමයි තියලා යන්නේ බෑග් එකක් නිසා මුහුණදෙන්න වුණ අමතක නොවෙන සිදුවීමක් තියෙනවද? එහෙම සිදුවීමක් නම් මතක නැහැ --- Inside my phone -– ශනුද්‍රි phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද • wallpaper එකට දැන්නම් මුකුත් දාලා නැහැ. නිකන්ම කළු පාටට තියෙන්නෙ ලොක් ස්ක්‍රීන් එකත් 2. phone ගැලරි එකේ තියෙන පරණම පින්තුරවලින් ආසම එක මොකක්ද? • මගේ පොඩි කාලේ ගත්තු පින්තුරයක් තියෙනවා. එ්ක අරන් තියෙන්නේ මම ඉපදුන ගමන්ම වගේ. ඒකට ගොඩක් ආසයි මම. 3. phone ගැලරි එකේ පින්තුර කීයක් තියෙනවා ද? • 2733 ක් විතර තියෙනවා. 4. අන්තිමට ගත්ත සෙල්ෆිය කාත් එක්කද අරන් තියෙන්නෙ? • මගෙ යුනි එකෙ යාළුවෙක් එක්ක අරන් තියෙන්නේ. 5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද? • වැඩිපුරම කෝල් කරන්නෙ ඉතින් අම්මා තමයි 6. ශනුට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද? • සාරංග අයියා කතා කළේ. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද? • whatsup 8. වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද? • instragram 9. අන්තිමට ඕපන් කරපු ටැබ් තුන මොකක් ද? • whatsup , facebook, instragram 10. වැඩිපුරම play කරන ගේම් එක මොකක් ද? • වර්ඩ් ලින්ක් කියලා ගේම් එකක් තියෙනවා. එ්ක තමයි මම play කරන්නේ 11. සාමාන්‍යයෙන් එලාර්ම් එක තියන්නේ කොහොමද? • මම එලාම් තියන්නෙ නැහැ. මම සාමාන්‍යයෙන් උදේට ඇහැරෙන වෙලාව හිතලා නිදා ගත්තොත් එ් වෙලාවට ඇහැරෙනවා. 12. අන්තිමට ගූගල් කරේ මොනවා ද? • අන්තිමට ගූගල් කරලා තියෙන්නේ කිසස් හදන රෙසපි එකක් නත්තලට හදන්න. 13. ෆෝන් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? • contact list එක, කැමරා එකත් නැතුවම බැහැ. 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද? • කසුන් කල්හාරගෙ සින්දුවක් 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ? • මම ආස නැහැ, එහෙම බලන්න. 16. phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? විශේෂයෙන් අමතක නොවෙන සිදුවීමක් නැහැ.  
 

More News..