brand logo

දැන් ගේම් ෂෝ වලට යන්න හිතෙන්නෙ නෑ

16 December 2018

වේදකාවේ සම්මාන පිට සම්මාන ලද පුංචි තිරයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් කළ රංගන ශිල්පිනියක් වන ගයනි ගිසන්තිකා කලක් රංගනයෙන් ඈත්ව සිටියා' එයට හේතුව සංගීත පරපුරක තරුණයකු හා විවාහ වී ලංකාව හැරගිය නිසයි. මේක දශකයක් විතර පරණ කතාවක්. දැන් ගයනි ලංකාවට ඇවිත් පුරුදු විදිහට රඟපෑම් කටයුතු පටන් අරන්. මේ වැඩ කටයුතු අතරතුර ලැබුණ කෙටි ඉසිඹුවකදී අප ගයනි හා කතාබහක් පටන් ගත්තා. ගයනි යළිත් නිහැඬියාවකට සමවැදිලද? මේ දවස්වල විශේෂ වැඩක් නැහැ. මම රඟපාපු කනාමාදිරියෝ ටෙලි නාට්‍ය නම් මේ දිනවල විකාශය වෙනවා. වැඩක් බාරගෙන තිබුණ. එ්කත් කැන්සල් වුණා. ඒ නිසා බොහෝම විවේකීව ගෙදරට වෙලා ඉන්නව කිව්වොත් හරියටම හරි. මේ විවේකී බවට හේතුව ගැළපෙන චරිත නොලැබීමද ලැබෙන චරිත මගහැර සිටීමද පහුගිය කාලයේ ටෙලි නාට්‍යවලට කතා කළා. ඒ කාලේ මට කනාමැදිරියෝ රූගත කිරීම තිබුණා. පුතාලත් ඉස්කොලෙ යන නිසා එක දිගට නිර්මාණ කිහිපයකට කාලය වැය කරන්නත් අපහසු වුණා. ඔබ දායක වූ සුන්දර නිර්මාණ කිහිපයක් හෙට දවසේ ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන ඇතිවග දැනගන්න ලැබුණා? මේ වසරේ රඟපාන්න ලැබුණ විශේෂම නිර්මාණයක් විදිහට අශෝක හඳගම මහත්මයගෙ අසම්දිමිත්‍ර චිත්‍රපටය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේ තිරගත වීමට නියමිත අසෝක අතාවුදහෙට්ටි මහත්මයගේ තුන්පත් රෑන චිත්‍රපටය සහ තුසිත ද සිලවගේ මන්දාරම් පුර ටෙලි නාට්‍ය මේ නිර්මාණ විදිහට සඳහන් කරන්න පුළුවන්. ප්‍රවීන සංගීතවේදියකු හා කථිකාචාර්යවරයකු වන ඔබගේ සැමියාගෙ කටයුතු ඔබට බලපෑමක් වෙලාද? තරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිරවම සේවය කරමින් ඉන්නවා. ඒ හැරුණම ඔහුගේ සංගීත නිර්මාණ කටයුතු තියෙනවා. පසුගියදා තරු ඇතුගල සර්ගේ මහ සුපින වේදකා නාට්‍යයේ සංගීත නිර්මාණය කළා. ඊට අමතරව ඔහුගේ පොත් ලියන කියවන කටයුතු තියෙනවා. ඒ අතින් ගත්තම එයා ගොඩක් කාර්ය බහුලයි. වැඩක් ඉවර වෙලා ගෙදර එන්නෙ තවත් හෝ වැඩකට යොමුවෙන්න බලාගෙන. නමුත් මට වේදිකා නාට්‍යයක් හෝ නිර්මාණයක් ලැබුණම මම එයට කාලය හොයාගන්නව. ඒකට මට මගේ දෙමවුපියන් උදව් කනරවා. තරුත් උදව් කරනවා. ගෙදර වැඩවලට උදව් කරන්න උත්සාහ කරනවා. නමුත් ඔහු ගොඩක්ම කාර්යබහුලයි. විදේශයක පදිංචියට යන ලාංකිකයන් බොහෝ දුරට එම් රටවල් තුළම පදිංචිකරුවන් බවට පත්වෙත්දි ඔබ දෙපළ පෙරළා ලංකාවට එන්න තීරණය කරනවා. අපි මෙහෙන් යන්නෙත් අපි දෙන්නටම මෙහෙ ගොඩක් වැඩ ලැබෙන කාලයකයි. අපි එහේ යන්නෙ කිසියම් අරමුණකින්. තරුගේ හිතේ තිබුණෙ එහේදි අධ්‍යාපන කටයුතු ඉවර කරගෙන ලංකාවට ඇවිත් සේවය කරනව කියන කාරණයයි. මම ඔහුගේ බිරිඳ. මම ගෘහණිය විදිහට ඔහුගේ කටයුතුවලට එකඟ වීමයි එහිදි කළේ. කොහොමටත් තව අවුරුදු හය හතකින් අපිට නැවතත් ඔස්ට්‍රේලියාවට පදිංචියට යන්න සිදුවේවි, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. පෙරළා ලංකාවට එන ඔබ දෙපළට ක්ෂෙත්‍රයෙන් සුපුරුදු ඉඩ ඉතිරිව තිබුණද? අපි 2013 දී ලංකාවට එන්නේ එහෙ අවුරුදු හයක් ඉඳලයි. ඒ එද්දි පුතාලා දෙන්න පොඩියි. මට වැඩ කරන්න ලොකු පහසුවක් තිබුණෙත් නැහැ. අනික මම හිතුවා ටික කාලයක් යයි කියලා. පුරුදු විදිහට මට වැඩ ලැබෙන්නත්, හැබැයි ලොකු කාලයක් යන්න පෙර මම මෙහෙ කියලා දැනගත්තට පස්සේ වැඩවලට කතා කළා. ඔය කාලෙ සිදුවුණ විශේෂම දේ බුද්ධික දමයන්තගේ චේ කියන වේදිකා නාට්‍යයෙ රඟපාන්න ලැබීමයි. ඒ නාට්‍යයෙ රංගනය වෙනුවෙන් මට රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානය ලැබෙනවා. ඒ එක්කම දිගටම මට වැඩ ලැබෙන්න පටන් ගත්තා. ඔබ රියැලිටි වැඩසටහන්, රූපවාහිනි ගේම් ෂෝ වගේ වැඩසටහන්වලත් දකින්න නොලැබෙන්නෙ එවා එපා වෙලා නිසාද ? එක එක අයගෙ රුචිකත්වය මතනෙ වෙන්නේ. රංගන ශිල්පිනියක් විදිහට නර්ථනය ඉදිරිපත් කරන්න මගේ කැමැත්තක් නැහැ. හැබැයි අනිකුත් ශිල්පිනියන් එ්කට යන එක මම අයහපත් විදිහට දකින්නත් නැහැ. මොකද කෙනෙක් දෙයකට යොමුවීම නිසා කිසියම් අත්දැකීමක් ලැබෙනවා. ඒක මේ ක්ෂේත්‍රයෙදී වැදගත්. අපි ගේම් ෂෝ වගේ දේවල්වලට ගිය කාලයක් තිබුණා. දැන් එ්වට යන්න හිතෙන්නෙ නැහැ. වෙනත් නිලියන්ට වඩා ඔබ ඇදුමෙන් පැලදුමෙන් පවා වෙනස් කියලා කෙනෙක් කිවොත් රඟපැමේදී හා ජීවත් වීමේදී මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. ඒ වගේම මම කිසිම කෙනෙක් කරන දෙයක් කරන්නේ නැහැ. මේ කාරණයේදී මම හරි හිතුවක්කාරයි කියලා පෙනෙනව ඇති. නමුත් මම ඉන්නේ මගේ මතය තුළ. මම අඳින පලඳින විදිහ ගැන මම දැඩිව ඉන්නවා, රංගන ශිල්පිනියක් විදිහට. ප්‍රේක්ෂකයන් මාව වැලඳගත්ත විදිහට අනුව මගේ විලාසිතා කරනවා. ගයනි ඔබටම අනන්‍ය වූක්‍රමයක් හදාගෙනද ඉන්නෙ ක්ශේත්‍රයෙ අපේ රටේ පිරිසක් එක්ක වැඩ කරන්න වගෙම අනිත් කෙනාට ගරු කරන්න ගොඩක් අය දන්නේ නැහැ. පිටරටක නම් කෙනෙක් දිහා අනවශ්‍ය විදිහට බලන් ඉන්නවා නම් ඇයි එහෙම බලා ඉන්නේ කියල අහන්න අයිතියක් තියෙනවා. වැඩකට ගියහම මම එතැනට එන හැම කෙනෙක් එක්කම සුහදව කතාබහ කරනවා. එයාලගෙ විලාසිතා ජීවන චර්යාවන් විවේචනය කරන්න හෝ එවාට ප්‍රතිචාර දැක්වීමට යන්නේ නැහැ. වර්ථමානයේ සමාජ පරිහානියට ප්‍රබල බලපෑමක් ටෙලි නාටය හරහා සිදුවන බව අද දවසේ ප්‍රධාන කතාබහට පත්වෙලා ? පෙර කාලයෙදී නිර්මාණකරුවා දේවත්වයෙන් සැලකුවේ ඔහු අද දකින දෙයට වඩා හෙට විය හැකි දේ මනසින් දැකලා, එය නිර්මාණාත්මකව පෙන්වන නිසානේ. එම මොහොතේ අපි ඒ නිර්මාණය පිටුදකින්නේ නමුත් පසු කාලයක ඒ දේ ඇත්ත වෙනවා. දැන් ගොඩක් දෙවල් නිර්මාණාත්මකව දකින්නේ නැහැ. පෙනෙන්න, දකින්න තියෙන සරල දේවල් නිර්මාණවලට යොදාගෙන ප්‍රේක්ෂකයන් රවටනවා. ඒකයි කරන්නේ. එ්වයින් ප්‍රේක්ෂකයන් තමන්ගේ ජීවිත වරද්දා ගන්නවා නම් ඒක ප්‍රේක්ෂකයන්ගේ දුර්වලකම. අපට ලැබෙන දෙයින් අනවශ්‍ය දේ ඉවත් කරන්න බුද්ධියක් තියෙනවා නම් ඕවයින් ලොකු බලපෑමක් කරන්න බැහැ. සුරංජි පතිරණ
 

More News..