brand logo

මට කවදාවත් ගිෆ්ට් ඒකක් විදියට බෑග් එකක් ලැබිලා නැහැ

11 December 2018

1. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? wallpaper එකේ නම් මගේ පින්තූරයක් තියෙන්නේ. lockscreen එක apple phoneවල තියෙන පින්තූරයක්. 2. Phone ගැලරි එකේ තියෙන පරණම පින්තූරවලින් ආසම එක මොකක්ද? මගේ පොඩි කාලේ ගත්තු පින්තූරයක් තියෙනවා. මං ඒ පින්තූරයට ගොඩක් ආසයි. 3. Phone ගැලරි එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? 4749ක් තියෙනවා. 4. අන්තිම පින්තූරේ ඉඳන් ආපස්සට තියෙන තුන්වෙනි පින්තූරය මොකක් ද ? අද උදේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒකෙ දී අපි කට්ටිය ගහපු සෙල්ෆි එකක්. 5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද ? මේ දවස්වල නම් වැඩිපුරම කතා කරන්නේ නීල පබලු ටෙලි නාට්‍යයේ කට්ටිය. ඊට අමතරව අම්මා තමයි වැඩිපුරම කෝල් කරන්නේ. 6. තනාෂාට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? සුමිරාන් ගුණසේකර. අද ෂූටින් තියෙනවා ද අහන්න කෝල් කළා. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? Instagram 8. වැඩිපුරම භාවිතකරන ඇප් එක මොකක් ද ? whatsapp 9. අන්තිමට ඕපන් කරපු ටැබ් තුන මොකක් ද ? Phone call , messenger, whatsapp 10. වැඩිපුරම play කරන ගේම් එක මොකක් ද ? phone එකේ තියෙන checkers කියන ගේම් එක තමයි වැඩිපුරම play කරන්නේ. 11. සාමාන්‍යයෙන් එලාර්ම් එක තියන්නේ කොහොමද ? ඒක තමයි අමාරුම වැඩේ. මට සාමාන්‍යයෙන් උදේ හයට නැගිටින්න වෙනවා. එතකොට පහයි විසිපහට එකක් තියනවා. ඊට පස්සේ ඒක විනාඩි පහෙන් පහට රිපීට් වෙනවනේ. පහයි විසිපහට තිබ්බට පහයි හතළිහට විතර තමයි නැගිටින්නේ. ඒ නිසා මං ටිකක් කලින් එලාර්ම් තියනවා. 12. අන්තිමට ගූගල් කරේ මොනවා ද ? අපි හැඟුම්වලට ඉඩ දී ඉමු මොහොතක් සින්දුව. ඒ සින්දුවේ අපි මචන් කියන කට්ටියගේ කවර් එකක් තමයි අන්තිමට ගූගල් කරේ. 13. Phone එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? whatsapp 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? අපි හැඟුම්වලට ඉඩ දී ඉමු මොහොතක් සින්දුව 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? ප්‍රියංකා චොප්රාගේ බලන්න කැමැතියි. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? ෆෝන් එක නිසා ගොඩක්ම වෙලා තියෙන්නේ හැම තැනම දාලා යන එක තමයි. ෆෝන් එක හැම තිස්සේම අතේ නිසා ගොඩක් දෙනෙක් විහිලුවට ෆෝන් එක හංගන අවස්ථා නම් සෑහෙන්න තියෙනවා. සමහර වෙලාවට ෆෝන් එක නැති වෙලා කියලා හොයන කොට බෑග් එකේ තිබිලා හම්බ වෙලත් තියෙනවා. එක පාරක් මන් බාලි ගියාම මගේ ෆෝන් එක නැති වුණා. මගේ ෆෝන් එක මං ගිය කැබ් එකක දාලා ගිහින් තිබුණා. හැබැයි ඒ කැබ් ඩ්‍රයිවර් ඇවිල්ලා හොටෙල් එකට ෆෝන් එක ගෙනවිත් භාර දීලා තිබුණා. ඒක නම් අමතක නොවෙන සිදුවීමක්. අරුණි කළුපහන --------- INSIDE MY BAG - තනාෂා හතරසිංහ 1. හෑන්ඩ් බෑග් එක තනාෂාට වැදගත් වෙන්නේ කොහොමද ? විශේෂයෙන් ම මට අවශ්‍ය දේවල් සේරම තියෙන නිසා සහ මගේ ලියකිවිලි තියාගන්න පහසු නිසා මට මගේ බෑග් එක ගොඩක් වැදගත්. පෞද්ගලික ගමනක් යනකොට නම් හෑන්ඩ් බෑග් එක ගෙනියනවා අඩුයි. පර්ස් එකක් වගේ දෙයක් තමයි අරගෙන යන්නේ. මං ගොඩක් කැමැති කරේ එල්ලන් යන බෑග්වලට. මං බෑග් එකක් ලස්සනට කියලා පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. අවස්ථාවක් ලැබුණොත් බෑග් එක තියලා යන්න නම් මං හරිම කැමැතියි. 2. සාමාන්‍යයෙන් තනාෂාගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? පැනඩෝල්, ප්ලාස්ටර්, ටිෂුස්, නේල් කටර් සෙට් එක, කන්ටැක්ට් ලෙන්ස් සහ සොලුෂන් එක, මේකප්අප් බෑග් එකක්, පර්ස් එක, අයිඩෙන්ටි කාඩ් එක, ඩ්‍රයිවින් ලයිසන්, සෙල්ෆි ස්ටික් එක, යතුරු, පර්ෆියුම්, ෆේස්වොෂ් සහ පෑනක් තියෙනවා. 3. බෑග් එකේ කාගේ හරි පින්තුර හෝ ආගමික දේවල් තියෙනවා ද ? ආගමික දේවල් නම් නැහැ. පවුලේ අයගේ පින්තුර කියන්නේ අම්මගෙයි තාත්තගෙයි පින්තුරයක් තියෙනවා. 4. කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? අම්මව තමයි අරගෙන යන්නේ. එතකොට මගේ වැඩවලට ලේසිනේ. 5. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? phone එක. 6. කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති ? මං කැමැති ප්‍රියංකා චොප්රාගේ බෑග් එකක් අරගන්න සහ ඒකෙ ඇතුළෙ මොනවද තියෙන්නේ බලන්න. ප්‍රියංකා මං ආසම නිළියක්. මං කැමැති මොනවද එයා පාවිච්චි කරන්නේ කියලා දැනගන්න 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුළෙ තියෙන දේවල් දැකගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ ? මං කැමැති බිල් ගේට්ස්ගේ බෑග් එකක් බලන්න. 8. ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ? එහෙම නැහැ. මං හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා අඩුයි. තියෙන සෙට් එකෙන් ගැළපෙන එකක් අරගෙන යන එක තමයි කරන්නේ. 9. ඕනම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? මං ලොකුවට බෑග් පස්සේ යන කෙනෙක් නම් නෙවෙයි. නමුත් බෑග් එකක් ගන්නකොට නම් මගේ බඩු ටික ලේසියෙන් දාගෙන යන්න පුළුවන් එකක් ද බලනවා. මොකද මගේ බඩු ටිකක් වැඩිපුර තියෙනවා. ඒවා දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. මං නිරූපණ ශිල්පිනියක් නිසා ගොඩක් වෙලාවට මං මගේ හීල්ස් දෙකක් බෑග් එකේ දාගෙන යනවා. හීල්ස් දාගෙන යන්න පුළුවන් ද කියන එකත් බලනවා. ඒ වගේම බෑග් එක ගොඩක් සැහැල්ලු බෑග් එකක් වෙන්න ඕනි. විලාසිතාවක් විදියට කරනවට වැඩිය මං බලන්නේ මගේ අවශ්‍යතාවට ගැළපෙනවා ද කියන එක. බෑග් එක ගන්න තියෙන තැන පිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. මං කැමති විදියේ මට පහසු බෑග් එකක් නම් මං ඕනි තැනකින් ගන්නවා. බ්‍රෑන්ඩ් එක නම් බලනවා අඩුයි. ගාන නම් ඕනිම ගෑනු ළමයෙක් බඩු ගන්නකොට බලනවනේ. 10. හෑන්ඩ්බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? බෑග් එකක් මට කවදාවත් ගිෆ්ට් එකක් විදියට ලැබිලා නැහැ. 11. තනාෂාගේ පවුලේ අයට අමතරව තනාෂාගේ හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? සුමිරාන් ගුණසේකර. හැබැයි බෑග් එකේ කෑම තිබුණෙ නැති නම් තමා සුමිරාන් ළඟ විශ්වසනියව තියලා යන්න පුළුවන්. බෑග් එකේ කෑම තිබුනොත් නම් ඉතින් ටිකක් හිතන්න වෙනවා. 12. බෑග් එකක් නිසා සිදුවුණු අමතක ම නොවන සිදුවීම මොකක් ද ? මං බෑග් එකේ ගොඩක් වෙලාවට මගේ පර්ෆියුම් මගේ මේකප් බඩු දාගෙන යනවා. දවසක් එයාර්පෝර්ට් එකේදී ප්‍රශ්නයක් වුණා. මගේ පර්ෆියුම් තිබිලා. මගේ ආස කරන පර්ෆියුම් එකක් දාලා එන්න සිද්ධ වුණා මිලිලීටර් සියයට වැඩි ප්‍රමාණයක් ගෙනියන්න දෙන්නේ නැති නිසා. ඒක අමතක නොවන සිදුවීමක්. අරුණි කළුපහන      
 

More News..