brand logo

අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක

08 December 2018

INSIDE MY PHONE – ශනාලි වීරසිංහ 1. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? මගේ wallpaper එකට නම් තියෙන්නේ බාබී පින්තුර. Lock screen එක දැනට තියෙන්නේ මගේ එකක්. ඒකෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ බාබී පින්තුර. මං බාබි පින්තුරවලට ගොඩක් ආස කෙනෙක්. 2. Phone ගැලරි එකේ තියෙන පරණම පින්තුරවලින් ආසම එක මොකක්ද? මගේ පවුලේ පින්තුරයක්. මගේ අයියා අද මාත් එක්ක නැහැ. ඒ පින්තුරේ මගේ අයියයි, අම්මයි, තාත්තයි ඔක්කොමලා ඉන්නවා. අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක. 3. Phone එකේ ගැලරි එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද? ඊයේ පින්තුර ගොඩක් ඩිලීට් කරා. දැනට සේරම පින්තුර 18,664 ක් තියෙනවා. 4. අන්තිම පින්තුරේ ඉඳන් ආපස්සට තියෙන තුන්වෙනි පින්තුරය මොකක් ද ? මගේ පින්තුරයක්. 5. වැඩිපුරම කෝල්කරන කෙනා කවුද ? මං ගෙදර ඉන්නකොට නම් වැඩිපුරම කෝල් කරන්නෙ මගේ පෙම්වතා. එළියට ගියාම නම් අම්මා. 6. ශනාලි අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? මං අන්තිමට කෝල් කරේ සංගීත් ප්‍රභූට. 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? වට්ස්ඇප් 8. වැඩිපුරම භාවිත කරන ඇප් එක මොකක් ද ? instagram 9. අන්තිමට ඕපන් කරපු ටැබ් තුන මොකක් ද ? එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න ඕපන් කරපු ටැබ් එක, අනික true caller ටැබ් එක, අනික envoy කියන බ්‍රෑන්ඩ් එක ගූගල් කරා. 10. වැඩිපුරම play කරන ගේම් එක මොකක් ද ? මං සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට තියෙන කලර්ෆුල් ගේම්ස් ප්ලේ කරනවා. වැඩිපුරම ප්ලේ කරන්නේ town village. 11. සාමාන්‍යයෙන් එලාර්ම් එක තියන්නේ කොහොමද ? හතට ඇහැරෙන්න ඕනි නම් හයට, හයයි කාලට, හයහමාරට, හයයි හතළිස්පහට වගේ එලාර්ම් තියනවා. හතයි කාල හතහමාර එලාර්ම් එකකුත් තියෙනවා කෝකටත් කියලා. 12. අන්තිමට ගුගල් කරේ මොනවා ද ? You’re my sunshine කියන සින්දුව ඩවුන්ලෝඩ් කරන්න ගූගල් කරා. 13. Phone එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද? instagram සහ ෆේස්බුක් දෙකම 14. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? shape of you සින්දුව 15. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? එහෙම කාගේවත් බලන්න හිතිලා නැහැ. හැබැයි මං ගැන කතා වෙන කෙනෙක්ගේ නම් ෆෝන් එකක් බලන්න ආසයි. එහෙම නැතිව ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න තාම හිතිලා නැහැ. 16. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? මං කොරියාවල miss global beautiful කියන පැජන්ට් එකට ගිය වෙලාවේ තමයි ඒ සිදුවීම වුණේ.. අපි හිටපු තැනින් අපි වෙන තැනක් බලන්න ගියා. එතැන මං හෙයාර් එක හද හදා ඉන්නකොට අමතක වීමකින් මං ෆෝන් එක තියලා ආපහු ඇවිත් තිබුණා. පස්සේ මට මතක තිබුණේ නැහැ ෆෝන් එක කොහෙද කියලා. ඉතින් මං අපිව බලාගන්න හිටපු කෙනාට ඒ ගැන කම්ප්ලේන් කරා. හැබැයි ෆෝන් එක ආපහු හම්බුණාම මං එයාගෙන් හොඳටම බැණුම් ඇහුවා ඔයාට ඔයාගේ ෆෝන් එක එතැන තිබ්බා කියලා මතක නැද්ද කියලා. ඒක එකක්. ඊට අමතරව මේ ෆෝන් එක මට විශේෂ තෑග්ගක්. 2015 දෙරණ මිස් ශ්‍රී ලංකා ඉන්නකොට මං ටොප් 5 වෙනකම් ආවා. හැමෝම ආස තරගේ දිනන්නනේ. ඒ වෙලාවේ මං දුකට අඬනකොට අම්මා කිව්ව අඬන්න එපා මං ඔයාට ගිෆ්ට් එකක් විදියට ඔයා කැමැති ෆෝන් එකක් අරගෙන දෙන්නම් කියලා. ඒ අරගෙන දුන්න ෆෝන් එක තමයි මං තාමත් පාවිච්චි කරන්නේ. අලුත් ෆෝන් එකකට යන්න කොච්චර ආස වුණත් මං තාමත් මේ ෆෝන් එකට ගොඩක් ආදරෙයි. අරුණි කළුපහන -------- INSIDE MY BAG - ශනාලි වීරසිංහ 1. හෑන්ඩ් බෑග් එක ශනාලිට වැදගත් වෙන්නේ කොහොමද ? ගමනක් යද්දී නම් නිතරම හෑන්ඩ්බෑග් එක අරගෙන යනවා. හැබැයි හෑන්ඩ්බෑග් එක වෙලාවකට හරි වදයක්. මං ෂූටින් යද්දී නම් අරගෙන යන්නේ ට්‍රැවලින් බෑග් එකක්. මොකද ඒකෙ ගොඩක් දේවල් අරගෙන යන්න තියෙන නිසා. ඔෆීස් යනකොට නම් බෑග් එකක් ගෙනියන්නේ අරන් යන්න ඕනිම නිසා විතරයි. මං ළඟ බෑග් කලෙක්ෂන් එකක් නම් තියෙනවා. හැබැයි අමාරුම දේ තමයි බෑග් එකෙන් බෑග් එකට මාරු වෙන එක. බෑග් කොච්චර තිබුණත් නිතරම අරගෙන යැවෙන්නේ බෑග් තුන හතරක් විතරයි. බෑග් එකටත් වැඩිය මං ගොඩාක් පිළිවෙළට තියාගෙන ඉන්නේ මගේ පර්ස් එක. ඒක කොයිතරම් ලස්සනට තියාගෙන ඉන්නවා ද කිව්වොත් මං ඒකට බඩු ගත්තම හම්බෙන බිල් එකක්වත් දාන්නේ නැහැ. ඒ වගේම කොයිම වෙලාවකවත් මගේ පර්ස් එකේ සල්ලි හිස් කරන්නේ නැහැ. ඒ වගේම මගේ පර්ස් එකේ හැම දෙයක්ම මං හරිම පිළිවෙළට තියාගෙන ඉන්නේ. 2. සාමාන්‍යයෙන් ශනාලිගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? මං ඔෆිස් යන නිසා මගේ බෑග් එකේ අනිවාර්යෙන්ම පෙන්එක, ටිපෙක්ස්, හයිලයිටර්, රූලර්, කතුර, සෙලෝටේප් වගේ දේවල් එක පැත්තක තියෙනවා. අනිත් පැත්තේ අයිබ්‍රෝ පෙන්සිල් එක, අයි ලයිනර්, ලිප්ස්ටික් තියෙනවා. ඒ හැරෙන්න ෆර්පියුම්, ෆෙස්වොෂ්, ටිෂු, පොඩි මිරර් එකක්, පනාව සහ පොඩි ජුවලරි මොනවා හරි තියෙනවා, ඒ වගේම අමතර ඇඳුමක් වගෙත් තියෙනවා. ප්ලාස්ටර් සහ පැනඩෝල් ප්‍රථමාධාර තියෙනවා. ඊට අමතරව පර්ස් එක සහ ෆෝන් එක තියෙනවා. 3. බෑග් එකේ කාගේ හරි පින්තුර හෝ ආගමික දේවල් තියෙනවා ද ? මගේ පර්ස් එකේ තමයි පින්තුර තියෙන්නේ. මගේ පවුලේ හැමදෙනෙක්ගේම පින්තුර තියෙනවා. ඒ වගේම ගෝඩ් ගනේෂාගේ කාඩ් එකක් තියෙනවා. 4. කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ? මගේ අම්මා තාත්තා සහ මගේ පෙම්වතා තුන් දෙනාවම දාගෙන යනවා. 5. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? ලිප්ස්ටික් එක සහ මිරර් එක. 6. කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති ? දීපිකා පදුකෝන්. එයාට අනිවාර්යෙන් හොඳ වටිනා ලස්සන බෑග් එකක් තියෙනවානේ. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුළෙ තියෙන දේවල් දැකගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ ? මං කැමැති එංගලන්ත රජ පවුලේ කුමාරියකගේ බෑග් එකක් බලන්න. මේගන් මාකල්ගේ බෑග් එක බලන්න ආසයි. 8. ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ? ගොඩක් වෙලාවට නැහැ. මට ගොඩක් තියෙන්නේ ප්‍රධාන වර්ණවල බෑග්. ඒ වගේ වෙලාවට ටිකක් ගළපලා අඳිනවා. 9. ඕනිම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? බෑග් එක ලස්සන නම් මං ආස විදියේ නම් ඒක තියෙන්නේ කොටුවේ වීදියක ද එහෙම නැතිනම් හොඳ ෂොප් එකක ද කියන එක මං හිතන්නේ නැහැ. බෑග් එකක් කියන්නේ ගොඩක් කල් පාවිච්චි කරන එකක්. ඒ නිසා හොඳ කල්පැවැත්මක් තියෙන බෑග් එකක් ද කියලා අනිවාර්යෙන් බලනවා. ඒ වගේම අලුතින් තියෙන ට්‍රෙන්ඩ් එක එක්ක යනවද බලනවා. ඒ වගේම බෑග් එක බරින් අඩු සැහැල්ලු බෑග් එකක් වෙන්න ඕනි. බ්‍රෑන්ඩ් එක ටිකක් බලනවා. ඒ වගේම ගාණත් හොඳ වෙන්න ඕනි. මං ආස විදියේ බෑග් එකක් නම් අනිත් දේවල් ගැන ලොකුවට හිතන්න යන්නේ නැහැ. බෑග් එක මිලදී ගන්නවා. 10. හෑන්ඩ්බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? දැන් භාවිත කරන බෑග් එක. ඒක ගිෆ්ට් එකක්. ඒක කිරිබත්ගොඩ ඔසාකා ෆැෂන් එක අයිති ඔශානි ද සේරම් තමයි මට තෑගි කරේ. ඒක මට සුවිශේෂී වටිනා තෑග්ගක්. 11. ශනාලිගේ පවුලේ අයට අමතරව ශනාලිගේ හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට හරි ළඟ තියල යන්න පුළුවන් ක්ෂේත්‍රයේ කෙනා කවුද ? ගයනි ගිසන්තිකා අක්කි ගාව මට මගේ බෑග් එක තියල යන්න පුළුවන්. 12. බෑග් එකක් නිසා සිදුවුණු අමතකම නොවන සිදුවීම මොකක් ද ? බෑග් නිතරම තිබ්බ තැන අමතක වෙලා යන වෙලාවල් නම් සෑහෙන්න තියෙනවා. ඒ හැරෙන්න විශේෂ සිදුවීමක් නම් වෙලා නැහැ. අරුණි කළුපහන
 

More News..