brand logo

ෆ්‍රී එකක් ලැබුණොත් තමයි ටීවී බලන්නෙ නැත්නම් බැලෙන්නෙ නැහැ

14 December 2018

සජීව උදේට නැගිටින්නේ කීයටද? මම උදෙන්ම නැගිටින්න නම් හරිම කම්මැලියි. නැගිටිද්දී 8-9 වගේ වෙනවා. ඔෆිස් යන දවස්වල නම් උදේම නැගිටිනවා. ඉතින් ඊට පස්සේ? ඊට පස්සෙ වොෂ් එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බීලා රසම රස කිරි තේ එකක් බොනවා. තේ එක බොන ගමන් ෆෝන් එක නම් අතට ගන්න අමතක වෙන්නේ නැතිව ඇති නේද? (සිනාසෙමින්) ටී එක බොන ගමන් ඉතිං යූ ටියුබ් එක පැත්තේ ටිකක් සැරිසරලා ෆේස්බුක් ලොග් වෙලා අප්ඩේටස් බලනවා. මැසේජ් ඇවිත් තියෙනවා නම් ඒවටත් රිප්ලයි කරන්න අමතක කරන්නේ නෑ. සතියේ දවස්වල නම් ඔය දේවල්වලට නිදහසක් නැතිව ඇති නේද? ඔව්. ඉතින් සතියේ දවස්වල මම ඔෆිස් යනවා. ලන්ච් එකේ තමයි ඉතිං ටික වෙලාවක් හරි ෆේස්බුක් ලොග් වෙන්නේ. නිවාඩු දවසට ටී.වී. බලන්නෙ එහෙම නැද්ද? මම ෆ්‍රී එකක් ලැබුණොත් ටීවී බලනවා. නිවාඩු ලැබෙන දවසට යාළුවෝ එක්ක සෙට් වෙන්නත් සජීව අමතක කරන්නේ නෑ කියලා ආරංචියි. (සිනාසෙමින්) ඔව්. නිවාඩු දවසට මම යාළුවෝ එක්ක සෙට්වෙලා එළියට යනවා. ඒ වගේ වෙලාවට අපි කන්නේ කඩෙන් තමයි. සජීව නිවාඩු දවසකට ඇළකින්, දොළකින් නාන්න කැමැතියි නේද? ඔව්. නිවාඩු දවසට යාළුවොත් එක්ක සෙට් වෙලා පාදුක්කේ ගිහින් නානවා. ඒ ගිහිල්ලා නාලා, ඒ කිට්ටුව තියෙන අාප්ප කඩෙන් ආප්ප කන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඒක වෙනම ෆීලින් එකක්. එතකොට ගෙදර එද්දී රෑ වෙනවද? හවස් වෙනවා. එද්දී රෑට කන්න කීල්ස් එකට ගිහින් මොනව හරි අරන් එනවා. අම්මා බණින එක අහන් ඉන්නත් වෙනවා, දවල්ට කන්න ගෙදර හිටපු නැති නිසා. සජීවගේ ඇඳුම් සජීව තනියම සෝදා ගන්නවද? මගේ ඇඳුම් ටික මගේ නංගි හෝදලා දෙනවා. (සිනාසෙමින්) ඒකට එයා මගෙන් පොඩි ගාණක් ගන්නවා. රුපියල් 2500/= වගේ. දැන් නම් ටිකක් ඒ ගාන අඩුවෙලා තියෙනවා වොෂින් මැෂින් එක තියෙන නිසා. සජීව ඩිනර් ගන්නේ කීයටද? මම ඩිනර් ගනිද්දී රෑ 10 වගේ වෙනවා. කාලා ඉවරවෙලා පහුවදාට (සඳුදා) ඔෆිස් යන්න ඕනි කරන ඇඳුම් ටික ලෑස්ති කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකක් බලන්නත් අමතක කරන්නේ නැහැ. වෙලාවක් තිබුණොත් නිදා ගන්න කලින් මොනවා හරි වීඩියෝ එකක් ඩප් කරනවා සිංහලෙන්. ඒවා මම ආසාවට කරන යූටියුබ් චැනල් එකට අප්ඩේට් කරනවා. සජීව රෑට නිදාගන්නේ නැද්ද ඉතින්? (සිනාසෙමින්) මම රෑට නිදා ගනිද්දී රෑ 12 හෝ පාන්දර 1 වගේ වෙනවා. මේධාවි ජයතිලක
 

More News..