brand logo

මිලාන්ව ඉද්දි මට හරි පහසුයි එ් නිසා එයාව බෑග් එකේ දාගෙන යන්න

17 November 2018

INSIDE MY BAG - මාධවී වත්සලා ඇන්තනි

1. හෑන්ඩ් බෑග් එක මාධවීට වැදගත් වෙන්නේ කොහොමද ? නිතරම අතේ අරගෙන යන්න බැරි තරම් ගොඩක් බඩු මං ළඟ තියෙනවා. ඒ නිසා මගේ හෑන්ඩ් බෑග් එක මට ගොඩක් වැදගත් වෙනවා. මං නිතරම එහෙම බෑග් ගන්න කෙනකුත් නෙවෙයි. මට ආස බෑග් එකක් ගත්තොත් හරි තෑගි හම්බුණොත් හරි මං ගොඩක් කාලයක් ඒකම පාවිච්චි කරන කෙනෙක්. ඒ වගේම මං ආසයි හීනි පටියක් තියෙන ට්‍රිප් එකක් වගේ යනකොට ගෙනියන පුංචි පුංචි හෑන්ඩ් බෑග්වලට. 2. සාමාන්‍යයෙන් මාධවීගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? ලිප්ස්ටික්, ටිෂුස්, මින්ට්, මස්කාරා, බයෝවිටා කාඩ් එක, පැනඩෝල්, ග්‍රීන් ටී පැකට්, හැට්ට කටු, කොණ්ඩ කටු, රබර් බෑන්ඩ්, මාරු කරන්න තියෙන ඇඳුම්වල බිල්, මේ දවස්වල මගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ ඇඳුම්වල කලර් සාම්පල් තියෙනවා, මගේ ෆෝන් එක, වොලට් එක, චාජර් එක ඒ වගේම නැතිවම බැරි දේවල් ටිකක් තියෙනවා. 3. බෑග් එකේ කාගේ හරි පින්තුර හෝ ආගමික දේවල් තියෙනවා ද ? පින්තුර කියන්නේ පර්ස් එකේ තියෙනවා. අම්මාගේ අප්පච්චිගේ මිලාන්ගේ සහ මගේ පින්තුර තියෙනවා. ඊට අමතරව ගල්ලෙන යාඥාව ඇතුළත් පොඩි ජේසු පින්තූරයක් බෑග් එකේ තියෙනවා. 4. කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මිලාන්ව. එයා ඉද්දි මට හරි පහසුයි. මං පොඩි දේටත් කලබල වෙන කෙනෙක්. නමුත් එයා පිළිවෙළ සන්සුන් කෙනෙක්. එයා එක්ක ඉද්දි මාවත් ඒ විදියට පිළිවෙළ කරනවා. 5. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? ෆෝන් එක. 6. කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති ? වෙන කෙනෙක්ගේ බෑග් එකකට වැඩිය මං කැමැති මගේ බෑග් එකටම තමයි. ඒ තරම් මට වෙන එකක්වත් වටින්නේ නැහැ. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුළෙ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ ? දීපිකා පදුකෝන් 8. ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ? නැහැ. මං සාමාන්‍යයෙන් බෑග් එකක් ගද්දි ගන්නේ හැම ඇඳුමටම ගැළපෙන පාටක බෑග් එකක්. 9. ඕනිම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? ඕනිම තැනකින් ගන්නවා. නමුත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනි. වැස්සකට වගේ ඔරොත්තු දෙන්න පුළුවන් බෑග් එකක් වෙන්න ඕනි. ගොඩක් දේවල් දාන්න පුළුවන් වෙන්න ඕනි. කාටවත් ඇතුළ බලන්න බැරි වෙන්න වහන්න පුළුවන් ඕනි, සිප් එකක් තියෙන්න ඕනි. ඒ වගේම එළියෙන් පොඩි පොකට් එකක් තියෙන්න ඕනි. බෑග් එකක් ගද්දි මං බ්‍රෑන්ඩ් එක නම් එහෙම බලන්නේ නැහැ. ලස්සන නම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ආස හිතෙනවා නම් ගන්නවා. 10. හෑන්ඩ්බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? මිලාන්ගෙන් ගිෆ්ට් එකක් විදියට ලස්සන බෑග් එකක් ලැබුණා. ඒක තමයි මං තාමත් පාවිච්චි කරන්නේ. ඒක එයා මට මුලින්ම දුන්නු ගිෆ්ට්වලින් එකක්. 11. හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට කා ගාව හරි තියල යන්න ඕනි වුණොත් බෑග් එක තියලා යන්නේ කා ගාව ද ? මිලාන්ගෙන් පටන් ගත්තාම මගේ ඕනිම හොඳ යාළුවෙක් ගාව බෑග් එක තියලා යනවා. 12. බෑග් එකක් නිසා සිදුවුණු අමතකම නොවන සිදුවීම මොකක් ද ? මං අමතක වෙලා බෑග් එක දාලා ගිහිල්ලා හොයාගෙන ගිය ඒවා නම් ඕනි තරම් තියෙනවා. මේ ළඟදීත් කොටුවේ සාරි කඩ සියකට විතර ගිහිල්ලා ආපහු යනකොට මතක් වුණේ මං ඒ කඩවලින් එකක මගේ බෑග් එක දාලා ඇවිල්ලා කියලා. හෑන්ඩ් බෑග් එක එල්ලගෙන ගිහින් බිමින් තියලා රෙදි තෝරලා ආපහු එද්දී බෑග් එක එහෙමම තියලා ඇවිල්ලා. ඊට පස්සේ කඩයක් කඩයක් ගානේ ගිහින් බෑග් එක හොයා ගත්තා. අරුණි කළුපහන .

--------------------- INSIDE MY PHONE – මාධවී වත්සලා ඇන්තනි

1.Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? default ආව පින්තුර තමයි තියෙන්නේ. මං එහෙම පින්තුර මොකුත් දාලා නැහැ. 2. Phone ගැලරි එකේ තියෙන පරණම පින්තුරවලින් ආසම එක මොකක්ද? අපේ පවුලේ පින්තූරයක්. 3. Phone එකේ ගැලරි එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? 18031ක් තියෙනවා. 4. අන්තිම පින්තූරේ ඉඳන් ආපස්සට තියෙන තුන්වෙනි පින්තුරය මොකක් ද ? අද යාළුවො කට්ටියක් ආව ගෙදරට. ඉතින් එයාලා වෙනුවෙන් අද දවල් කෑම වේල හැදුවේ මම. සාමාන්‍යයෙන් කෑම හදන්න මම හරිම කැමැතියි. එහෙම හැදුවාම පින්තුරයක් අරගෙන ඉන්ස්ටග්‍රෑම් එකට දානවා. එහෙම දාන්න ගත්තු පින්තූරයක් තියෙන්නේ. 5. වැඩිපුරම කෝල් කරන කෙනා කවුද ? මිලාන් 6. මාධවීට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කවුද ? චන්දිමාල් ජයසිංහ 7. අන්තිමට පාවිච්චි කරපු ඇප් එක මොකක් ද ? instagram 8. අන්තිමට ඕපන් කරපු ටැබ් තුන මොකක් ද ? my photos, facebook, instagram 9. වැඩිපුරම play කරන ගේම් එක මොකක් ද? මං ගේම් ප්ලේ කරන්නේ නැහැ. 10. සාමාන්‍යයෙන් එලාර්ම් එක තියන්නේ කොහොමද ? මං තියන්නේ එක එලාර්ම් එකයි. ඒකට එක පාරින් ඇහැරෙනවා. 11. අන්තිමට ගුගල් කරේ මොනවා ද ? වෙඩින් එකට අදාළ ඒවා තමයි. ආභරණ ගැන එහෙම. 12. Phone තියෙන දේවල් වලින් නැතිවම බැරි දේ මොකක්ද? කැමරාව 13. අන්තිමට අහපු සින්දුව මොකක් ද ? ළඟදී නම් විශේෂයෙන් සින්දුවක් ඇහුවේ නැති තරම්. කාලෙකට කලින් නම් මගේ සින්දුව “ඔබ එපා’’ සින්දුව ඇහුවා. 14. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුනොත් කාගේ ෆෝන් එක ද බලන්නේ ? මට එහෙම කාගේවත් ෆෝන් එකක් බලන්න ලැජ්ජයි. 15. Phone එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද? මීට අවුරුදු තුනකට විතර කලින් එකපාරක් මට නින්ද ගිහින් හෝල්ට් එකේ බහින්න ඇහැරෙද්දි 154 බස් එකක ෆෝන් එක දාලා බැහැලා තිබුණා. ඒ වෙලේ ෆෝන් එක සිට් එක උඩ වැටිලා. ඒක අයිෆෝන් එකක්. ඊට පස්සේ අම්මයි මායි ආපහු රෑ යාඩ් එකට ගිහිල්ලා එකින් එක බස් එකෙන් බස් එකට නැගලා සීට් උස්ස උස්ස ෆෝන් එක හෙව්වා. ඒත් හම්බුනේ නැහැ. අරුණි කළුපහන            
 

More News..