brand logo

මම ගොඩක් වෙලාවට රෑට නිදා ගන්නවා අඩුයි

23 November 2018

අනුෂ්ක උදේ නැගිටින්නේ කීයට විතරද වෙලාවක් මෙහෙමයි කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මම 6.30 වෙද්දී අවදි වෙනවා. ඉතිං ඊට පස්සේ කොහොමද දවස පටන් ගන්නෙ ඊට පස්සේ ඉතින් ​ෆෝන් එකේ එෆ් බී ලොග්වෙලා අප්ඩේට්ස් බලලා කමෙන්ට්ස්වලට රිප්ලයි කරලා වොෂ් එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොනවා. උදේ කෑම ගන්නේ කීයටද? අම්මා උයලා තිබුනොත් උදේට ගෙදරින් කනවා අමතක නොකර . ෂූට් එකක් හෝ රෙකෝඩින් එකක් වගේ තිබුණොත් එළියෙන් තමයි ගොඩක් වෙලාවට කන්නේ. ඒ කියන්නේ අනුෂ්ක ගොඩක් බිසී ලයිෆ් එකක් ගත කරන්නේ නේද? ඔව් නිදහස් වෙලවක් හොයගන්න වෙලවක් නැතිතරම්. වැඩත් එක්ක ගොඩක් බිසී වෙන වෙලාවල් තියෙනවා. ගෙදර ඉන්න වෙලාව නම් ගොඩක් අඩුයි කොහොමත්. එතකොට අනුෂ්ක ලන්ච් ගන්නෙත් එළියෙන්ද? ගොඩක් වෙලාවට එළියෙන් තමයි ලන්ච් එක ගැනෙන්නේ. ගෙදර හිටියොත් නම් අම්මා උයන රසම රස ලන්ච් එකක් ගන්නවා. අනුෂ්ක අම්මා උයන කෑම කන්න ගොඩක් ආසයි වගේ? ඔව්. මගේ අම්මට රසට උයන්න පුළුවන්. ඉතිං ගෙදර ඉන්න වෙලාවට ගෙදරින් තමයි කන්නේ. අනුෂ්ක හවස්වරුවේ යාළුවොත් එක්ක සෙට් වෙන්නේ එහෙම නැද්ද? සෙට් වෙනවා. හවස් වරුවේ ෆ්‍රී එකක් තිබ්බොත් ඉතිං යාළුවොත් එක්කම තමයි ඉන්නේ. ස්පෙෂලි වස්ති ටීම් එකත් එක්ක කාලය ගෙවනවා. අනුෂ්කට තියෙන වැඩත් එක්ක ඩිනර් එක වෙලාවට ගන්න පුළුවන් වෙනවද? ඒක ඉතිං වැඩ වැටෙන විදියත් එක්ක තමයි. ගෙදර හිටියොත් ගෙදරින් ඩිනර් ගන්නවා. නැත්නම් ඉතින් එළියෙන් තමයි ඩිනර් ගන්නේ. අනුෂ්ක රෑට නිදා ගන්නේ කීයටද? මම ගොඩක් වෙලාවට රෑට නිදා ගන්නවා අඩුයි. එඩිට් එකක් වගේ තිබුණොත් එළිවෙනකම් ඇහැරලා ඉන්නවා. ෂෝ තිබුණොත් දවස් 3-4 ගෙදර ඇත්තේම නැහැ. ෆ්‍රී එකේ ගෙදර ඉන්න දවසක් වුණොත් නම් ප.ව. 11 ට මගේ අප්ඩේට් බලලා තමයි නිදාගන්නේ. නිතරම වගේ ෆොන් එක අතෙ තමයි. මේධාවි ජයතිලක  
 

More News..