brand logo

මගේ පොඩිම බබා නිම්නව බෑග් එකේ දාගෙන යන්න පුළුවන් නම් මං එයාව අරගෙන යනවා

19 November 2018

INSIDE MY BAG - තාරකා වාසලමුදලිආරච්චි 1. තාරකාගේ බෑග් එක තාරකාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක එදිනෙදා වැඩවලදී මට හරියට වැදගත්. මොකද මට අවශ්‍ය කරන හැමදේම වගේ තියෙන්නේ ඒකේ. ඒ නිසා බෑග් එක නැතිවම බැහැ. නමුත් මං වැඩි වශයෙන් හෑන්ඩ් බෑග්වලට ප්‍රිය කරන කෙනෙක් නම් නෙවෙයි. මගේ දිනචර්යාව එක්ක මගේ ප්‍රියතම බෑග් එක තමයි ස්පෝර්ට්ස් බෑග් එක. 2. සාමාන්‍යයෙන් තාරකාගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? ෆෝන් එක, වොලට් එක, සාමාන්‍යයෙන් ලෙක්චර්ස් රෙකොර්ඩ් කරන්න පාවිච්චි කරන්න තව අමතර ෆෝන් එකක් තියෙනවා. ලොකු වතුර බෝතලයක්, අනිවාර්යෙන්ම කෙටි කෑම මොනවා හරි තියෙනවා., ඊට අමතර ව කියවන්න පොතක් තියෙනවා. හදිසියේ හිතට එන නෝට්ස් ලියාගන්න පොතක් සහ පෑන් කිහිපයක්, මොයිස්චරයිසර් ක්‍රීම්, ෆර්ෆියුම්, ටිෂුස්, ෆේස් ටවල් එක, ප්‍රථමාධාර මොනවා හරි ටිකක්, තව මං ආසම කරන කැප්ස්වලින් දෙකක් විතර තියෙනවා. මම ගොඩක් මේකප් භාවිත කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පුංචි ඕනිම කරන මූලික මේකප් ඇසුරුමක් තියෙනවා. 3. බෑග් එකේ ආගමික දේවල් තියෙනවා ද ? නැහැ. මං සාමාන්‍යයෙන් එහෙම ගෙනියන්නේ නැහැ. මං විශ්වාස කරන්නේ ආගම කියන දේ තියෙන්නේ හදවතේ. පොත්වල නෙවෙයි. 4. කාව හරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ ? මගේ පොඩිම බබා නිම්නව, එයාට දැන් අවුරුදු 7යි. මොකද කොහේ ගියත් මට එයාව නිතරම මතක් වෙන නිසා බෑග් එකේ දාගෙන යන්න පුළුවන් නම් මං එයාව අරගෙන යයි. 5. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක් ද ? වතුර බෝතලය. 6. කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති ? මං කැමැති නැහැ. එහෙම වෙන කෙනෙක්ගේ බෑග් එකක් මොහොතකටවත් ළඟ තියා ගන්න. 7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුලේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ ? එහෙම හිතෙන්නෙත් නැහැ. 8. ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා ද ? මං එහෙම මෝස්‌තර කරන්න ප්‍රිය කරන කෙනෙක් නෙවේ. එහෙම නැහැ. 9. ඕනිම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවා ද ? සලකන කරුණු මොනවා ද ? නැහැ. මං එහෙම සාමාන්‍යයෙන් ගොඩක් ෂොපින් යන කෙනෙකුත් නෙවෙයි. නමුත් කොච්චර ආස වුණත් අවශ්‍යතාවයක් නැති නම් එහෙම බෑග් ගන්නේ නැහැ. අවශ්‍යම දෙයක් විතරයි මං සාමාන්‍යයෙන් ගන්නේ. බෑග් එකක් ගද්දි නම් පොකට් ගොඩක් තියෙනවාට මං කැමතියි. ඒ වගේ බෑග් එක ප්‍රමාණයෙන් ලොකු වෙන්න ඕනි. ගොඩක් වෙලාවට මං බයික් එකේ යද්දී බෑග් එක පිටේ එල්ලගෙන යන්නේ. ඉතින් ඒ නිසා බෑග් එක බරින් අඩු, පහසු සහ සැහැල්ලු බෑග් එකක් වෙන්න ඕනි. ඒ වගේම බ්‍රෑන්ඩ් එක ටිකක් බලනවා. ඒ වගේම බෑග් එකේ මිල ගැනත් සලකනවා. 10. හෑන්ඩ්බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන් ද ? මගේ සැමියා චන්දන සූරියබණ්ඩාරගෙන්. 11. හෑන්ඩ්බෑග් එක ටික වෙලාවකට කා ගාව හරි තියල යන්න ඕනි වුණොත් බෑග් එක තියලා යන්නේ කාගාව ද ? මගේ පවුලේ අය ඕනි කෙනෙක් ගාව. 12. බෑග් එකක් නිසා සිදුවුණු අමතකම නොවන සිදුවීම මොකක් ද ? මගේ අතින් බෑග් එකේ තියෙන දේවල් සමහර වෙලාවට වැටිලා තියෙනවා. එහෙම දෙතුන් වතාවක් ෆෝන් එක පවා වැටිලා තියෙනවා. නමුත් එහෙම වැටුණත් ආයේ කවුරු හරි ගෙනත් දෙනවා. ඒ හැරෙන්න විශේෂ සිදුවීම් වෙලා නැහැ. අරුණි කළුපහන   
 

More News..