brand logo

මම ඉතින් Sex කරන මනුස්සයෙක්නේ - දසුන් පතිරණ

13 October 2019

* ‘හුස්ම’ චිත්‍රපටයේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද? සුදේශ් වසන්ත පීරිස් මට මේ චරිතයට කතා කළා. මම ටිකක් අදිමදි කළා. පසුව ඔහු මේ චිත්‍රපටයේ පිටපත හා මෙහි රුසියාවේ නිෂ්පාදනය කළ චිත්‍රපටයේ කොපියක් මට දුන්නා. ඒ චිත්‍රපටය නැරඹුවාම මට ලොකු බයක් ඇතිවුණා. මොකද සුදේශ් අයියාට මේ චිත්‍රපටය කරන්න පුළුවන් වෙයිද කියලා. ඔහු මීට පෙර මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තිබ්බේ නැහැ. නමුත් ඔහු සාර්ථක වුණා. වෙනත් රටක කළ චිත්‍රපටයක් කියලා හිතන්න බැරි ආකාරයට ඔහු මෙය නිම කළා. * හුස්ම චිත්‍රපටයේ මෝචරියේ අත්දැකීම අලුත් අත්දැකීමක්ද? මම පාසල් ගියේ කොළඹ කේරි විද්‍යාලයට. පාරෙන් එහා පැත්තේ තිබෙන්නේ කොළඹ මෝචරිය. අපි පාර පැනලා මෝචරියට නිතරම එනවා. මිනී එම්බාම් කරන හැටි බලනවා. ඒ හින්දා මෝචරිය මට අමුතු තැනක් වුණේ නැහැ. * එහි ලිංගික දර්ශන ඔබ සජීවී ලෙස රඟපානවා? ඔව්, මම ඉතින් Sex කරන මනුස්සයෙක්නේ. ඒ විදිහට රඟපාන එක මට අමුතු දෙයක් වුණේ නැහැ. බොහොම සජීවීව රඟපෑවා. අනෙක් කාරණය මට එම චරිතය හරියට කරන්න චමත්කා හොඳ සහයෝගයක් දුන්නා. චමත්කා කියන්නේ පුදුමාකාර එඩිතර නිළියක්. * එම චිත්‍රපටයේ පමණක් නෙවෙයි, බොහෝ චිත්‍රපටවල ඔබට ලැබෙන්නේ ලිංගික දර්ශන ඇතුළත් චරිත? මගේ රැකියාව රංගනය. රඟපෑමේදී බත් කන චරිතයක් රඟපාන ආකාරයටම තමයි ලිංගික අවස්ථා තිබෙන චරිතය වුණත් මම රඟපාන්නේ. මට මේ දෙකේම වෙනසක් නැහැ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට මට වැඩිපුරම ලැබෙන්නේ මගේ මෙම රඟපෑම හින්දා වෙන්න පුළුවන්. මට ලැබෙන චරිතය මම රඟපානවා. * ඔබ එක් චරිත රාමුවකට කොටුවෙලාද? මම කොටුවෙලා නැහැ. නමුත් මා දෙස බලන ප්‍රේක්ෂකයෝ රාමුවකට කොටුවෙලයි මා දිහා බලන්නේ. එතැන තමයි ගැටලුව තිබෙන්නේ. එතැනින් පොඩ්ඩක් එළියට ඇවිත් බලනවා නම් එහෙම දැනෙන එකක් නැති වෙයි. * සයපෙති කුසුමේ රංගනයේ අත්දැකීම කෙසේද? සයපෙති කුසුමේ චරිතය මට ලැබෙන්නේ අමුතුම ආකාරයට. මුලින්ම​ මෙම චරිතයට බොහෝ නළුවන්ට ආරාධනා කරලා තිබෙනවා. ඒ එක් අයෙක්වත් භාරගන්න කැමතිවෙලා නැහැ. පිටපත මට ලැබුණාම මම රඟපෑමට ආසාවෙන්ම හිටිය චරිතයක් තමයි එහි තිබුණේ. එම ලිංගික විපර්යාසයට භාජනය වන චරිතය මම බොහොම කැමැත්තෙන්ම එය භාරගන්නවා. නමුත් බොහෝදෙනකු කිව්වා මට එය භාරගන්න එපා, මේ චරිතය හින්දා ඉදිරියේත් එවැනිම චරිත මට ලැබෙයි කියලා. නමුත් මගේ රැකියාවෙන් මම එතැනදි අති සාර්ථක වුණා. * මෙම චරිත රාමුවෙන් පිට රඟපෑ චරිත මොනවාද? ‘තාත්තා’ ටෙලි නාට්‍යයේ තාත්තගේ චරිතය පුදුමාකාර වෙනස් චරිතයක්. එම චරිතය රඟපාලා ඉවර වුණාම මගේ ඇත්ත ජීවිතයේත් මට තාත්තා කෙනෙක් වෙන්න ආසා හිතුණා. ඒ අත්දැකීම ගන්න තමයි මගේ සාමාන්‍ය ජීවිතයේදී මම ළමයෙක් හදන්නේ. ඊට අමතරව රොෂාන් රවින්ද්‍රගේ ‘තණමල්විල කොල්ලා’ නාට්‍යයේ මම රඟපාන්නේ හාමුදුරුවෝ කෙනකුගේ චරිතයක්. එය මම මෙතෙක් නොකළ චරිතයක්. * තරුණියන් ආදරය කරන පෙම්වතාගේ චරිතයට ඔබ නොගැළපෙන ගතියක් තිබෙනවද? මගේ උස මදිකම ගැනනේ ඔය කියන්නේ. මේ උසට මේ කරන ටික හොඳටම ඇති. හැබැයි ඉතින් සාරංග දිසාසේකර රඟපාන චරිතයක් මට නොගැළපෙන්න පුළුවන්. ඒත් කාන්තා ආකර්ෂණය හොඳට තිබෙනවා. මහපාරේ මම ලොකු තරුවක් නොවුණට කැමරාව ඉදිරිපිට මම විශාල තරුවක් කියලා මම හිතනවා. අනෙක් කරුණ තාත්තා ටෙලි නාට්‍යයෙන් පසුව පොඩි ළමයින් අතර මම තරුවක් වෙලා තිබෙනවා. * ඔබ දක්ෂ නළුකමට විතරද? ඇත්තටම පාසල් යන කාලයේ මට ගණන් බැහැ, විද්‍යාව බැහැ. මට පුළුවන් විෂයන් දෙකයි. ඒ නැටුම් හා නාට්‍ය කලාව පමණයි. ඉතින් මම හිතන්නේ මම දක්ෂ නළුකමට විතරයි කියලා. ඒ කාලේ මම පන්තියේ හිටිය නරකම ළමයා කීවොත් නිවැරදියි. * නළුවෙක් නොවුණා නම්? අනිවාර්යයෙන්ම මුහුදක් අයිනේ කඩයක් දාගෙන චෙෆ් කෙනෙක් විදිහට ඉඳියි, නැත්නම් බීච් බෝයි කෙනෙක් වෙයි. මොකද මුහුද අයිනේ ඉන්න මම පුදුම කැමැත්තක් දක්වන්නේ. * ඔබගේ සාමාන්‍ය ජීවිතයෙත් මේ රඟපෑම් අතර සමානකම් තිබෙනවා නේද? ඔව්. මම නළුකම මේන්ටේන් කරන නළුවෙක් නෙවෙයි. මට පෙට්ටි කඩේක ඉඳලා තරු පන්තියේ හෝටලයකට වුණත් ගිහින් කන්න පුළුවන්. මම සාමාන්‍ය ජීවිතයෙන් මේ චරිත වගේම නහයට අහන්නේ නැති, කාවවත් වැඩිය ගණන් ගන්නේ නැති, බොරුව පෙන්නන්න බැරි, දේශපාලනයක්, ආගමක් නැති චරිතයක්. මම හිතන්නේ මම රඟපාපු චරිතවලටත් මේ ලක්ෂණ බොහෝමයක් තිබෙනවා. මට ඕන හොඳට හිනාවෙලා සතුටින් ඉන්න විතරයි. ශිරෝමි රත්නායක
 

More News..