brand logo

බිඳී ගිය ආදරයක් හිතේ තියෙන්නේ....

31 August 2019

මීට පෙර වරෙක ලොව හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත් චුලක්ෂි රණතුංග මේ දිනවල නම් වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ සිනමාව වෙනුවෙන්, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වුණු ඇය නිරුපණයට පමණක් නොව රූපණයටත් තමා තුළ නිසඟ හැකියාවක් ඇති බව පෙන්නුම් කළා. මේ දවස්වල මොකද කරන්නේ  ජයන්ත අයියගේ අලුත්ම චිත්‍රපටයේ මේ දවස්වල රූගත කිරීම් කටයුතුවල යෙදිලා ඉන්නේ, මිදුණු විශ්වය තමයි චිත්‍රපටයේ නම, මම එහි කරන්නේ සුමධ්‍යා කියන චරිතය. ලැබුණු චරිතය ගැන මොකද හිතෙන්නේ  සතුටුයි, මොකද මම රූපණය ගැන හදාරමින් ඉන්න කාලයක් මේ, ඉතින් මේ කාලයේ මට මගේ ඇත්තම චරිතය වගේ චරිතයක් තමා නිරුපණය කරන්න ලැබිලා තියෙන්නේ මේ සුමධ්‍යා කියන චරිතය හරහා. ඉතින් ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඔබ රූපණය හදාරන්නෙත් ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන්මයි, මොකද හිතුණේ ඔහුගේම නිර්මාණයකට තෝරා ගත්තම ඇත්තෙන්ම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ යශෝධා අක්කට, මොකද ජයන්ත අයියා එයාලගේ මේ දිල් ඇකඩමි එකට ළමයි ගන්නේ පරීක්ෂණ කිහිපයක් පවත්වලා, අපි සල්ලි දෙනවට හැමෝම ගන්නවා වගේ එකක් කරන්නේ නැහැ, මම ඒ වැඩමුළුවලට යද්දී ටිකක් පහුවෙලා හැබැයි මට මුලින්ම එතැනදී දුන්න ඒවා හොඳින් ඉදිරිපත් කළ නිසා මම හිතන්නේ මා ගැන ජයන්ත අයියා හොඳ විශ්වාසයක් තැබුවා කියලා. මොකද ඒ වෙද්දී එතැන හිටිය ළමයිව ජයන්ත අයියා හොඳ තැනකට ගෙනත් තිබ්බා, හැමෝම කටයුතු කළේ පරිපුර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියෝ වගේ, මටත් දැනුණා ඒ ළමයි මට හොඳ තරගයක් දෙයි කියලා. ඒ අතරතුර ලැබෙන හැම වැඩමුළුවකදීම මමත් සාර්ථක ඉදිරිපත් කිරීම්, මා කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි ආකාරයේ ඉදිරිපත් කිරීම් කළා, ඉතින් ලංකාවේ ඉන්න විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්ගේ ගුරුහරුකම් ලබන ගමන් ඔහුගේම සිනමා කෘතියකට දායක වෙන්න ලැබීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් විදියට තමා මම දකින්නේ. මෙහි අනෙක් චරිත අතර ඉන්නේ උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න සහ බුද්ධික ජයරත්න කොහොමද මේ හමුවීම, මීට පෙර මේ අය එක්ක නිර්මාණ වලට දායක වෙලා තියෙනවද? බුද්ධික අයියා එක්ක නම් වැඩ කරලා තියෙනවා, උදාරි සහ උද්දික එක්ක වැඩ කරන්න ලැබුණු පළමුවෙනි අවස්ථාව, අපි හැමෝම හරි උද් යෝගිමත්ව මේ චරිතවල නියැළිලා ඉන්නේ, අපි උත්සහ කරන්නේ අපි අපේ චරිත තුළ ජීවත් වෙන්න, මේ චුලක්ෂිගේ කීවෙනි නිර්මාණයද? 5 වෙනි නිර්මාණය චරිත තෝරා බේරා ගනිද්දී මොනවද මූලිකවම බලන්නේ ඉස්සෙල්ලම මම ඉල්ලන්නේ පිටපත, බජට් එක නෙවෙයි මට මුලින්ම ඕනේ පිටපත, අධ්‍යක්ෂවරයා අපිට චරිතයකට කතා කරද්දීම ඔහු ගැන දැනගන්නවන්නේ, එතැනින් පස්සේ ඉන්න පිරිස වගේම කැමරා අධ්‍යෂණය කවුද කියන එක ගැනත් මම විශේෂයෙන් බලනවා, ඒ වගේම ප්‍රධාන චරිතය ද අනු චරිතයක් ද කියන එක මට වැදගත් නැහැ, හැමවෙලේම මම බලන්නේ ලැබෙන චරිතය හරහා මට මොනවද කරන්න තියෙන්නේ කියන එක. මට අලුත් දෙයක් නෙවෙයි මාව ලස්සනට දකින්න ඕනේ කියන එක, හැබැයි මම ආසයි විවිධත්වයක් තියෙන චරිත කරන්න, මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වුණු කාලයකත් මගේ නම අමතක වුණත් මම කරපු චරිත මතක තියෙනවා නම් අන්න ඒකට තමා මම කැමති. ක්ෂේත්‍රයෙන් ඉක්මනින්ම  අයින් වෙන්න අදහසක් තියෙනවද? ගොඩක් කල් මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවද නැද්ද කියන එක මම තාම තීරණය කරලා නැහැ, රංගනයෙන් ඈත් වුණත් මතක හිටින චරිත ටිකක් කරන්නයි මට ඕනේ, මම කරන හැමදේටම සාධාරණ මුදලක් මම ලබා ගන්නවා, හැබැයි කොයි වෙලාවකවත් මුදල ඉස්සර කරගෙන නිර්මාණ භාරගන්නේ නැහැ. චුලක්ෂි නිර්මාණ භාර ගන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂකවරු ඉන්නවාද? එහෙම එක්කෙනෙක් කියලා නැහැ, අද වෙද්දී ඉන්න ජ්‍යෙෂ්ඨ අය වගේම තරුණ අය එක්ක වැඩ කරන්න කැමති, මොකද එක එක අය සිනමාව දිහා බලන දෘෂ්ටි කෝණ වෙනස්, ඉතින් ඒ තුළත් තියෙන්නේ විවිධත්වයක්, ඉතින් මම කැමති ඒ විවිධත්වයක් තියෙන නිර්මාණවලට දායක වෙන්න. පුංචි තිරය ගත්තම, චුලක්ෂි ගේ මොන වගේ කැමැත්තක් ද තියෙන්නේ මෙහෙමයි මම හැම තිස්සෙම ආස කළේ ලොකු තිරයක දකින්න සිනමා නිළියක් වෙන්න, හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම ටෙලි නිර්මාණ ප්‍රතික්ෂේප කරනවා කියලා, පුංචි තිරයේ වුණත් මිනිස්සුන්ට මතක හිටින චරිතයක් කරන්න ලැබුණොත් මම ඒක ඉතා අසාවෙන් භාරගන්නවා. මොකද චුලක්ෂිව දකින්න ඕනේ නම් Instagram, Face Book, Twitter වගේ ඒවාට ගියාම ඕනේ තරම් බලන්න පුළුවන්, මොකද මම නිරුපිකාවක් නිසා, හැබැයි රංගනයේදී මට ඕනේ චුලක්ෂි යටපත් කරලා ඒ චරිතය මතු කරලා පෙන්වන්න පුළුවන් චරිත, එතකොට තමා ප්‍රේක්ෂකයා වුණත් හිතන්නේ චුලක්ෂිට මේ වගේ දේවල් වුණත් කරන්න පුළුවන් කියලා.  ඉතින් ඒ නිසා යම් අධ්‍යක්ෂවරයෙක් මට එවැනි චරිතයකට ආරාධනා කරනවා නම් ඒක පුංචි තිරයේ වුණත් මම භාර ගන්න සුදානම්. චුලක්ෂිට සිද්ධ වුණොත් නිරුපණය හෝ රංගනයෙන් එකක් පමණක් තෝරා ගන්න මොකක් ද අත්හරින්නේ ඇත්තටම මෙහෙමයි, නිරුපණය කියන දේ හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේ කාලේ වුණත් මම ශරීරය පවත්වාගෙන යන්නේ නිරූපණයට අවශ්‍ය විදියට නෙවෙයි, රංගනයට ඔබින කාන්තා ශරීරයක තිබිය යුතු හැඩ එක්ක තමා මම ශරීරය පවත්වාගෙන යන්නේ. නමුත් මට කොයිම හරි අවස්ථාවක මම අර කිව්ව විදිය වෙනසක් කරන්න පුළුවන් චරිතයක් දීලා ඔයා මේ විදියට මහත් වෙන්න ඕනේ බර 80ක් වගේ කරගන්න ඕනේ කීවොත්, නිරුපණය අතහැරලා ඒ චරිතයට මම සූදානම් වෙනවා. සිනමාවේ අනාගත බලාපොරොත්තු මොනවාද මට මේ වසරක් දෙකක් ඇතුළත මේ දේ ඉෂ්ට කරගන්න බැහැ, නමුත් මම උත්සාහ කරන්නේ ජනප්‍රිය නිළියකට එහා ගිහින් දක්ෂතම නිළියක් වෙන්න, ඒ අද හෙට හෝ වසරකින් දෙකකින් නෙවෙයි මගේ වයසත් එක්ක අත්දැකීම් එක්ක කවදා හරි ඉටු කරගන්න තියෙන බලාපොරොත්තුව තමා හොඳම නිළිය කියන එක. ඒ වගේම මම වැඩ ගොඩක හිරවෙලා කාර්යබහුල ජීවිතයක් ගත කරන්න ආස කෙනෙක් නෙවෙයි, මම පවුල එක්ක ගොඩක් සමීප කෙනෙක්, මගේ අම්මා ඒ වගේම ආච්චි අම්මා බලාගන්න ඕනේ, ඒ අය එක්ක ඉන්න කාලය ඕනේ, ඒ අතර තමා හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරය ගැන මොකද හිතෙන්නේ ආදරය ගැන මට දැන් තියෙන්නේ බිඳුණු හැඟීමක්, ඒත් දැන්ම ආදරය ගැන හරියටම කියන්න අමාරුයි, ආදරය කියන එක මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා, මගේ වයසත් එක්ක, මම හැමවෙලේම හොයනවා මට ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා, යම් දවසක ඒ ආදරය ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කෙනා කලාවෙන් වුණොත් හොඳයි ද, නැත්නම් කලාවට සම්බන්ධ නොවන කෙනෙක් ද හොයන්නේ එහෙම නැහැ, මම දකින්නේ කලාවෙන් හෝ පිටින් හෝ කොහෙන් හෝ, එහෙම නැත්නම් මේ රටෙන් හරි වෙනරටකින් හරි කමක් නැහැ, මම හොයන්නේ මිල මුදලින් සපිරි කෙනෙක් නෙවෙයි, විශ්වාසය සහ අවංකත්වය ඇති කෙනෙක්. අනූෂා රණසිංහ ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්  
 

More News..