brand logo

රෝහිතගේ අලුත්ම ගීතය ළඟදීම

27 November 2018

1). රෝහිත සංගීතයට යොමු වෙන්නේ කොහොමද? මම පොඩි කාලේ ඉඳන් සංගීතය කළා. School band එකෙත් මම Concerts දෙක තුනක් play කළා. ඉතින් ඔය විදියට සංගීතයත් එක්ක කාලය ගෙවෙද්දී පසන් ලියනගේ අයියා තමයි කිව්වේ මල්ලි අපි සින්දුවක් කරමු කියලා. පසන් අයියත් එක්ක තමයි මම මුලින්ම සින්දුවක් කළේ. 2). ඇයි ඔබ මේ තරම්ම සංගීතයට ඇලුම් කරන්නේ?දේශපාලනයේ ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න මම කැමැති නැහැ සංගීතය කියන්නේ මගේ විනෝදාංශය. ඒ වගේම විවේකයක් ලැබුණම මම සින්දු කවි වගේ දේවල් ලියනවා. ඒ තරමටම මම සංගීතයට කැමැතියි.

දේශපාලනයේ ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න මම කැමැති නැහැ

3). රෝහිතගේ අලුත්ම ගීතය (සලෙලි හද) ගැන විස්තර ටිකක් කියමුද? සින්දුව කළේ රදීෂ් වැන්දබෝනා අයියා. පද රචනය කරන්නේ මාලනී ලියනගේ. Video derector sandesh bandara. ඒ song එකේ විශේෂත්වයක් තියෙනවා. Video එකත් අපි වෙනස්ම විදියට කළේ. ඇත්තටම කිව්වොත් කෙටි චිත්‍රපටයක් විදියට නිර්මාණය වුණ music video එකක්. ගීතය බැලුවාම ඒ වෙනස මගේ රසික රසිකාවියන්ට දකින්න හැකියාවක් ලැබේවි. 4). ඇයි නිර්මාණයක් එළිදක්වන්න දිගු කාලයක් ගන්නේ? මම song එක්ක කළාම මුලින්ම මගේ යහළුවන්ටයි මගේ හිතවත් අයටයි අහන්න දෙනවා. ඊට පස්සේ එයාලගේ අදහස් අරගෙන අඩුපාඩු පෙන්නුවොත් හෝ වෙනසක් කළොත් හොඳයි කියලා යෝජනාවක් ආවොත් ඒ දේවල් ගැන හිතල බලලා පොඩි පොඩි වෙනස්කම් කරන්න තියෙනවනම් ඒවත් කරලා තමයි මම song එක්ක release කරන්නේ. මොකද ආවට ගියාට music video එකක් කරනවට වඩා කාලය අරන් හොඳට plan කරලා හොඳ නිර්මාණයක් රසිකයින්ට තිළිණ කරන්නට පුළුවන්නම් ඒක මම හිතනවා ගොඩක් වටිනවා කියලා. මම නිතරම උත්සාහ කරන්නේ හොඳම දේ මගේ රසිකයින්ට ලබාදෙන්න. 5). ගීතයට ඒ වගේ තේමාවක් තෝරගත්තේ ඇයි? මට වෙනසක් ඕනි වුණ නිසා තමයි මම ඒ වගේ තේමාවක් තෝරගත්තේ. මේක Action movie type video එකක්. මේ තුළින් අපි උත්සාහ කළේ short film type එකේ video එකක් කරලා ඒ තුළ තිබෙන කලාත්මක බව විඳින්න පුළුවන් output එකක් රසිකයින්ට ලබාදෙන්න. 6). ගීතයෙන් පසු රෝහිතගේ ඊළඟ ගීතය ඔබේ රසිකයින්ට ලබාදෙන්න තව කොච්චර කාලයක් යයිද? මේ වන විට මම Audio tracks (ගීත) තුනක් වගේ කරලා තියෙන්නේ. මේ ගීතයෙන් පස්සේ තව මාස දෙක තුනකින් වගේ තව රූපරචනාවක වැඩකටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ video එක ඇත්තටම dance video එකක්. මේ දවස්වල ඒකේ choreographer කරගෙන යනවා. ලබන වසරේ මුල් භාගයේ වගේ ඒ music video එකක් මගේ රසිකයින්ට ලබාදෙන්න සූදානමින් ඉන්නවා. 7). රෝහිත තමන්ගේ girlfriendට විවාහ යෝජනාව කළේ අප්‍රිකාවේ උසම කන්ද උඩදී. ඒ මතකයන් අවදි කරමුද? අපි යහළුවොත් එක්ක නිතරම travel කරනවා. අපි trip එකක් විදියට අප්‍රිකාවේ උසම කන්ද තරණය කරන්න ගියේ. ඇත්තටම අපි ආසයි challenges වලට. මගේ girlfriend සහ මම මගේ හොඳම යහළුවො කිහිප දෙනෙක් එක්ක විටින් විට රටවල්වලට ගිහින් කඳු නගිනවා. digging කරනවා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් කියලා හිතුණා propose කරන්න. 8). කලා ක්ෂේත්‍රය තුළ රෝහිතගේ ඉදිරි සැලසුම් මොනවාද? කලාව කියන්නේ මගේ hobby එක. මට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. music පැත්තෙන් ඉඳහිට හොඳ ගීත නිර්මාණ කරන්න තමයි බලාපොරො​ත්තු වෙන්නේ. මට film දෙක තුනකටත් කතාකළා. ඉදිරියේදී බලමු. 9). රෝහිත ජීවත් වෙන්නේ දේශපාලනික පවුල් පසුබිමක් තුළ. යම් දවසක රෝහිතට හිතිලා නැද්ද දේශපාලනයට යොමු වෙන්නෙ? දේශපාලනයට යොමුවෙන්න මගේ අදහසක් නැහැ. පුංචි කාලේ සිටම මම දේශපාලන පරිසරයක හැදුණ වැඩුණ නිසාත් දේශපාලනඥයෙක් ජීවත් වෙන්නේ ප්‍රශ්න ගොඩක් මැද නිසාත්, ඔවුන් නිතරම කාර්යබහුල වීම නිසාත්, ඒ දේවල් පවුල තුළ අත්විඳින නිසාත් ඒ ගැන කැමැත්තක් ගොඩනැගිලා නැහැ. ඇත්තටම කිව්වොත් ඒ වගේ ප්‍රෙෂර් එකකට මුහුණ දෙන්න මම කැමැති නැහැ. මේධාවි ජයතිලක https://youtu.be/z-TS3_rKd-Q  
 

More News..