brand logo

හැමදාම දුන්නත් මම කිරිබත් කනවා

28 November 2018

1). ප්‍රසන්න උදේ කීයට විතරද නැගිටලා දවස පටන්ගන්නේ? මම උදේ 7-7.30 අතර අනිවාර්යයෙන් නැගිටිනවා. 2). ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බීලා දවස සතුටින් ආරම්භ කරනවා. මම කැමැතියි දවස සතුටින් ගත කරන්න. ඒක අපේ සෞඛ්‍යටත් හොඳයි. 3). ප්‍රසන්න shadule එකකටද වැඩ කරන්නේ දවසෙ? ඔව්. දවසෙ තියෙන වැඩසටහන් අනුව shadule එක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. කොහොම වුණත් shadule එකකට වැඩ කරද්දී මටත් හරිම පහසුයි shooting වැටු​ණොත් ගොඩක් වෙලාවට ඒ වැඩත් එක්ක කාලය ගත වෙනවා. shooting නැති දවස්වලට මම campass යනවා. 4). ප්‍රසන්න වැඩිපුරම උදේට කන්න කැමැති කිරිබත් කියලා ආරංචියි? ඔව්, මම ගොඩක් කැමැතියි උදේට කිරිබත් කන්න. ඒ වගේම රතු හාලේ බත් කන්නත් මම ආසයි. 5). ප්‍රසන්න උදේට ව්‍යායාම කරන්නත් පුරුදු වෙලා ඉන්නවද? ඔව්, උදේම ලොකු වැඩක් නැත්නම් හැමදාම මම උදේට gym යනවා. උදේම warm වුණාම දවසම මාර relax එකේ ගත කරන්න පුළුවන්. health එකටත් හොඳයිනේ ඉතින්. හැමදාම ව්‍යායාම කරන්න පුළුවන්නම් ලස්සටන ඉන්නත් පුළුවන්. 6). ප්‍රසන්න lunch ගනිද්දී කීය වගේ වෙනවද? මම lunch ගනිද්දි දවල් 1-2 වගේ වෙනවා. 7). ප්‍රසන්න fashion කරන්න ​ගොඩක් කැමැතියි කියලා පේනවා. (සිනාසෙමින්) ඔව්, මම fashion කරන්න ගොඩක් කැමැතියි. මට ගැළ‍පන fashion මම කරනවා. ලස්සනට අඳින්න අපි කවුරුත් ආසයිනේ ඉතින්. 8). හවස් වරුවේ ගෙදර හිටියොත් ප්‍රසන්න වැඩිපුරම කරන්නේ මොනවාද? මම ගොඩක් වෙලාවට movie එකක් බලනවා. සින්දු අහනවා. ඒ වගේම facebook log වෙලා. updates බලන්නත්, comments වලට reply කරන්නත් මම අමතක කරන්නේ නැහැ. තව ඉතින් වෙලාවක් ලැබුණොත් මම පන්සල් කෝවිල් යනවා. 9). ප්‍රසන්න සුරතල් සතුන් ඇති කරන්නත් කැමැතියි නේද? ඔව්, මම සත්තුන්ටත් ගොඩක් කැමැති කෙනෙක්. 10). ප්‍රසන්නට හොඳට පීනන්න පුළුවන් කියන්නේ ඇත්තද? ඔව්, මට පීනන්න පුළුවන්. ඒක මම කැමැත්තෙන් කරන්නේ. අවස්ථාව ලැබුණොත් මම පීනන්න අමතක කරන්නෙ නැහැ. 11). ප්‍රසන්න යාළුවොත් එක්ක වැඩිපුරම chat එකට set වෙන්නේ රෑට නේද? ඔව්. රෑට free එකේ cool එකේ ගෙදර ඉන්න වෙලාවට යාළුවොත් එක්ක chat එකට set වෙනවා. ඒ ගමන්ම මම dinner එකත් ගන්නවා. 12). ප්‍රසන්න රෑට නිදාගන්නේ කීයටද? මම නිදාගනිද්දි රෑ 11 පහු වෙනවා. ගොඩක් වෙලාවට. මේධාවි ජයතිලක      
 

More News..