brand logo

AIA ඉන්ෂුවරන්ස්, පශ්චාත් COVID ලොවේ තාක්ෂණික නව්‍යකරණයේ ඉහළටම

29 June 2020

COVID-19 වැනි අවිනිශ්චිත වසංගත කාලයක් තුළද තම සේවාලාභීන් හට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා AIA රක්ෂණ සමාගම තම ඩිජිටල්කරණ, විශ්ලේෂණ සහ රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණ (RPA) පදනම් කරගත් සේවාවන් ඉහළ තලයකට ගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. මෙම සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ තම කාර්ය මණ්ඩලය නිවසේ සිට රාජකාරි මෙහෙයවීම් කරන අතරවාරය තුළ වීම විශේෂිත කරුණකි. මෙම විසඳුම් කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව ව්‍යාපාරයට අදාළ කර ගැනීමට ද AIA අවධානය යොමු කර ඇත. මින් ප්‍රථම මුහුණදුන් අන් සෑම අභියෝගයකට වඩා වෙනස් වූ මෙම අභියෝගය රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවි කටයුතු, නව සේවකයන් බඳවා ගැනීම් සහ සේවා ක්‍රියාවලියන් ආශ්‍රිත සාමාන්‍ය මෙහෙයුම් සඳහා ඉමහත් බලපෑම් එල්ල කර ඇත. සේවාලාභීන් මුණගැසීම් සහ මුහුණට මුහුණ හමු වී කෙරෙන රැස්වීම් සියල්ල නතර වීමත් සමග රක්ෂණ ක්ෂේත්‍රය තුළ සියලු කටයුතු කෙටි කාලයක් තුළ ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍ය විය. මෙය බොහෝ සමාගම් වෙත ප්‍රබල අභියෝගයක් උදා කළේය. AIA හි ප්‍රධාන විධායක නිලධාරී වන නිකිල් අද්වානී මෙසේ පැවසුවේය ‘‘මෙවැනි අසාමාන්‍ය අවස්ථාවන් හමුවේ නව්‍යකරණය, ක්ෂණිකව ක්‍රියා කිරීම මෙන්ම, එම ක්‍රියාවන්හි ඵලදායිතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. කවරදාවත් මුහුණද නොදුන් අර්බුදයකට අප මෙම කාලය තුළ මුහුණ දෙමින් සිටිමු. නමුත් අපගේ සේවාලාභීන්හට අප ලබාදුන් පොරොන්දු ඒ ලෙසම නොවෙනස්ව පවතියි. AIA සතුව ඇති අතිරික්ත ප්‍රාග්ධන සංචිත හේතුවෙන් අප වෙත ඉදිරිපත් කරන්නාවූ සියලු හිමිකම් කිසිදු පැකිලීමකින් තොරව ගරු කිරීමට මෙන්ම සුවිශේෂී සේවාවක් සැලසීමට අපට හැකිය. සැබවින්ම රක්ෂණය සහ තමාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අත්‍යාවශ්‍ය බව ඉහළින්ම ඉස්මතු කළ මේ හා සමාන කිසිදු කලක් නොතිබුණි.”
 

More News..