Uncategorized

AIA රක්ෂණ සමාගම, සේවාලාභීන් වෙත ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හඳුන්වා දෙයි

AIA රක්ෂණ සමාගම නොබෝදා සිය වටිනා සේවාලාභීන් වෙත නවතම ස්වයංක්‍රීය ඇමතුම් සේවාවක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයක් ඇති, කටහඬ සමගින් ප්‍රතිචාර දක්වන මෙම IVR සේවාව (Interactive voice Response) සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත දිනපතා ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට යොදා ගැනෙනු ඇති අතර, මෙවැනි තාක්ෂණයකින් යුත් පද්ධතියක් මෙරට රක්ෂණවර හිමියන් වෙත හඳුන්වාදුන් පළමු ජීවිත රක්ෂණ සමාගම AIA රක්ෂණ සමාගමයි.

AIA හි රක්ෂණවර හිමියන්හට දැන්, වසර පුරාවට, සතියේ ඕනෑම දවසක, දිනයේ ඕනෑම වෙලාවක ඔවුන්ගේ රක්ෂණ වාරිකයට අදාළ විස්තර දැන ගැනීමට මෙම සේවාව උපයෝගී කරගැනීමේ හැකියාව ඇත. මෙම පූර්ණ ස්වයංක්‍රීය IVR පද්ධතිය ඔස්සේ සේවාලාභීන්හට ඔවුන්ගේ රක්ෂණයට අදාළ විස්තර, එනම් රක්ෂණ වාරික පිළිබඳව මෙන්ම සිය රක්ෂණවරය දැනට සක්‍රීයව තිබෙනවාද නැතිද යන බව වැනි දේ දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව මෙම සේවාව ඔස්සේ සේවාලාභියා විමසා සිටි විස්තරවලට අදාළ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය වෙත ද ලැබෙනු ඇත. සතියේ ඕනෑම දිනක පැය 24 පුරාවට මෙම සේවාව ක්‍රියාත්මකව පවතින අතර, මින්පසු දුරකථනයේ රැඳී සිටිමින් ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයන්ගේ මාර්ගයෙන් තම රක්ෂණවරය ගැන විස්තර අසා දැනගැනීමට සිය වටිනා කාලය වැය කිරීමට සේවාලාභියාට සිදු නොවනු ඇත.

AIA රක්ෂණ සමාගමෙහි මෙම IVR පද්ධතිය නව්‍ය මුහුණුවරකින් හෙබි විශේෂාංග රාශියකින් සමන්විත වේ. මෙම සේවාව මගින් සමාගමට ඇමතුමක් ලැබෙන මොහොතේදීම දුරකථන අංකය ඔස්සේ සේවාලාභියාගේ සියලු විස්තර හඳුනාගැනීමේ හැකියාව ඇති අතර සේවාලාභියාගේ තොරතුරුවල වලංගු බව සොයා බැලීමේ ක්‍රියාවලියට දීර්ඝ කාලයක් ගත කිරීමට දැන් අවශ්‍ය නැත. මෙම විශේෂාංගය මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට පළමුව හඳුන්වා දෙන ලද්දේ AIA රක්ෂණ සමාගමයි.
AIA රක්ෂණ සමාගමෙහි ප්‍රධාන නිලධාරී – නීති සහ යහපාලන/අතුරු අධ්‍යක්ෂිකා මෙහෙයුම් – චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ “වාර්තාවලට අනුව අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට දිනකට ලැබෙන ඇමතුම් වලින් 50% ක්ම සේවාලාභීන්ගේ රක්ෂණවරයට ගෙවා ඇති වාරික පිළිබඳ විස්තර සොයාබැලීම සඳහා වේ. එම ඇමතුම් ප්‍රමාණය හැකිතාක් අඩුකර ගැනීමටත් සේවාලාභීන්හට අප හා සම්බන්ධ වීමේ දී වඩාත් කාර්යක්ෂම, පහසු මෙන්ම කාලය ඉතිරි කරගැනීමේ හැකියාව ඇති විකල්පයක් ඇතිදැයි අප සොයා බැලුවා. සේවාලහීන්ගේ කාර්යබහුල භාවය අප හොඳින් දන්නා බැවින් ඔවුන්ගේ කාලයට ගරුකරමින්, රක්ෂණ වාරික පිළිබඳ විස්තර වඩාත් පහසුවෙන් සහ වේගවත්ව ලබා දීමට හැකියාව ඇති සේවාවක අවශ්‍යතාවය අප හඳුනාගත්තා.”

දුරකථන අංක 0112 310 310 AIA රක්ෂණ සමාගම අමතා, නොම්බර 1 ඔස්සේ IVR පද්ධතිය සමග සම්බන්ධ වී ඔබගේ රක්ෂණවරයේ වාරික පිළිබඳ තොරතුරු ලබාගන්න.