Uncategorized

AIA කාර්යමණ්ඩල සාමාජිකයන් “Healthy Cook-Off” වැඩසටහන සමගින් සිය සන්නාම ප්‍රතිඥාව ක්‍රියාත්මක කරයි

AIA රක්ෂණ සමාගම, නොබෝදා සිය කාර්යමණ්ඩල සාමාජිකයන් සමගින් “AIA Healthy Cook-Off” වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මෙවන් වැඩසටහනක් AIA ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ ප්‍රථම වතාව මෙයයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීමේ තරගයක් වන මෙම වැඩසටහන, AIA රක්ෂණ සමාගම මගින් මීට ප්‍රථම දියත් කරන ලද “පුංචි වෙනස්කම් අභියෝගය” (‘Little Changes Challenge’ – LCC) සංකල්පයෙහි තවත් එක කොටසක් ලෙස හැඳින්විය හැකිය. මෙමගින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් ළඟා කර ගැනීමට කළ හැකි පුංචි වෙනස්කම් සඳහා ජනතාව දිරිමත් කරයි.

විශේෂයෙන් AIA රක්ෂණ සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා සංවිධානය කර තිබූ මෙම “Healthy Cook-Off” තරගයේ ජයග්‍රාහී ස්ථානය ළඟා කරගැනීම සඳහා සූපවේදීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 12 ක් තරග වැදී සිටියහ. සෑම කණ්ඩායමක්ම ඉතා වර්ණවත් සෞඛ්‍ය සම්පන්න සලාදයක් මෙන්ම රසවත් වූ ප්‍රධාන ආහාර වේලක් ද පිළියෙල කළ අතර මෙම තරගය කීර්තිමත් සහ ගෞරවනීය දේශීය සූපවේදිනියක වන චතුරිකා අනුරාධා මහත්මිය විසින් විනිශ්චය කරන ලදී. මෙම තරගය බෑන්ක් ඇෂුවරන්ස් අංශය නියෝජනය කළ කණ්ඩායම වන BanCooks කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ අතර සමාගම විසින් ත්‍යාග වශයෙන්, කණ්ඩායමේ සියලුම සාමාජිකයන් වෙත මවුන්ටන් බයිසිකලයක් බැගින් පිරිනමන ලදී.