Uncategorized

AIA ඉන්ෂුවරන්ස් හි නවතම Customer Portal පහසුකම සමගින් සේවාලාභීගේ රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු එසැණින්!

ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හඳුන්වා දෙයි. මෙම ඩිජිටල් විසඳුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු එසැණින් ලබා ගැනීමේ සහ කළමනාකරණය කරගැනීමේ අවස්ථාව උදා වේ. නවීකරණය කර නැවත හඳුන්වා දෙන ලද මෙම Customer Portal පහසුකම ඔස්සේ AIA සේවලාභීන්හට දැන්, මෙතෙක් ගෙවා ඇති වාරික පිළිබඳව, හිමිකම් පිළිිබඳ විස්තර වැනි ඔවුන්ගේ රක්ෂණ ඔප්පුව හා බැඳුණු ඕනෑම තොරතුරක් එසැණින් ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙම නවතම Customer Portal පහසුකම වඩාත් සුරක්ෂිත වන අතර නවතම තාක්ෂණ භාවිතයෙන් නිමවා ඇත. මෙය භාවිත කිරීමේ දී සේවාලාභීන්හට තම රක්ෂණ ඔප්පුව පිළිබඳව එසැණින් තොරතුරු ලබාගැනීමට හැකිවෙන අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුන ඔස්සේ තොරතුරු දැන ගැනීමේ හැකියාවද ලබා දී ඇත. සේවලාභීන්හට මෙම Customer Portal පහසුකම ඔස්සේ සුවපහසුවෙන් සහ සුරක්ෂිතව සිය නිවසේ සිටම, වාරික ගෙවීම, ඔප්පුවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම, ඔප්පුව පිළිබඳ විවිධ තොරතුරු ලබා ගැනීම මෙන්ම වෙනත් සේවා සඳහා ඉල්ලීම් කිරීමේ හැකියාව ද ඇත. දැන් AIA සේවාලාභීන්හට AIA කාර්යාලවලට යාමට හෝ සේවා මධ්‍යස්ථාන ඇමතීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඔවුනගේ රක්ෂණ ඔප්පුවලට අදාළ ඕනෑම තොරතුරක් මෙම පහසුකම හරහා එසැණින් ළඟාකර ගැනීමේ හැකියාව ඇත. මෙම Customer Portal පහසුකමට ජංගම දුරකථන, ටැබ්ලට්, සහ පරිගණක ඔස්සේ ඉතාමත් පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව ද ඇත.