brand logo

රෂ්ට ආදරය කරන අසංකි

05 October 2019

‘‘යෞවනයේ සොඳුරු සිනමා පටයක් තුළින් කළඑළි බහින තවත් සොඳුරුම නිළියක් තමා අසංකි ද සිල්වා කියන්නේ. අඩි 5යි අටක් උස අසංකිගේ ප්‍රථම සිනමා පටය තමයි රෂ්, මිස් ශ්‍රී ලංකා වෙමින් සිනමා ගමන ආරම්භ කරන ඇය සමග අපි කතා කළා. නිළියක් වෙන්න ඕන කියලා හිතන්නේ ඇයි? ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඒක මගේ සිතට ආපු අදහසක්. මම පහයි අටක් උසයි. යාළුවෝ කියනවා උඹට හොඳට මොඩ්ලින් කරන්න පුළුවන් කියලා. ඕක මගේ හිතේ තිබුණා. කොහෙද ඉස්කෝළේ ගියේ? ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට ගියේ. කොහොමද ක්ෂේත්‍රයට එන්නෙ? මුලින්ම මෝස්තර නිරූපණයට එන්නේ. මම ඇවිත් නියෝජනය කරපු හැම තරගයක්ම වගේ දිනුවා. ක්ෂේත්‍රයේ හොඳ ගමනක් තියෙනවා කියලා මට හිතුණා. 2013 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා වුණාම හොඳ ප්‍රතිචාර ලැබුණා. සිනමා කැමරාව ඉදිරියට ආපු දවස මතකද? මම මුලින්ම රඟපාන්නේ ටෙලි නාට්‍යයක. ‘ඇසිඩ්’ කියන ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ වී.අයි.පී, ත්‍රිමාන, බටහිරඅහස වගේ තෝරාගත් නාට්‍ය කීපයක රඟපෑවා. නිළියක් වෙන එකද හීනය වුණේ? නැහැ. මම පෞද්ගලික ආයතන කීපයකම රැකියාව කළා. ටෙලිනාට්‍යවල රඟපෑවෙ ජොබ් එක කරන ගමන්. හැබැයි ටෙලිනාට්‍යවල රඟපෑවට හිත කැමැත්තෙන් උන්නේ සිනමාවට. සිනමාවට ආපු ගමන් රස්සාවෙන් අයින් වුණා. කොහොමද රෂ් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වෙන්නෙ? මහේෂ් මුණසිංහ මහතා මීට කලින් මට ඔඩිෂන් එකකට කතා කරනවා. නමුත් ඒක මට මිස් වෙනව. ඊට අවුරුද්දකට පස්සෙ තමා ආයෙමත් කතා කරන්නේ. මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කරමුද කියලා. ඉතින් මම ඔඩිෂන් එකට ගියා. එක් වරම මේ චරිතය ලැබෙනවද? පුංචි පුංචි අඩුපාඩු මගේ තිබුණට මේ හොයන චරිතයට හරියන කෙනා මම කියලා කිව්වා. මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. ඇයි එහෙම හිතුණේ? තෝරගත්තට කරන්න තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මම චිත්‍රපටයකට රඟපාපු නැති ආධුනික නිළියක්. තිර රචනය ඉල්ලන්නත් බැහැ. නමුත් මේ අවස්ථාව ඉතා හොඳ එකක් කියන එක මගේ හිත කියනවා. ඉතින් මොකද කළේ? ඊට පස්සේ මහේෂ් මුණසිංහ මහතා තිර රචනාව කියෙව්වා. ඇත්තටම රඟපාන්න ආසා හිතෙන චරිතයක්. ඊට පස්සේ තිර රචනය අතට දීලා කියවලා උත්තරයක් දෙන්න කිව්වා. මට අමුතුවෙන් කියවන්නදෙයක් තිබුණේ නැහැ. හිත කැමති වෙලා තිබුණේ. ගෙදරින් කැමති වුණාද? ප්‍රශ්නයක් නැහැ. ඔය වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයේ මම හැම කෙනෙක්ම දන්නවා. අම්මා කිව්වා මගෙත් එක්ක එන්නම් කියලා. ප්‍රශ්නයක් වුණේ නැහැ. කොච්චර කාලයක් රූගත කිරීම් කළාද? පොඩි ප්‍රශ්නයක් ඇවිත් චිත්‍රපටය රූපගත කරන්න එක අවුරුද්දක් පහු වුණා. නමුත් පටන් අරගෙන මාසෙකින් රූපගත කිරීම් කළා. කොහොමද අත්දැකීම? සුන්දරයි. නුවර, නුවරඑළිය ඇතුළු සීතල ප්‍රදේශවල රූගත කළේ. සිංදු කළේ මැලේසියාවේ. හිතුවට වඩා ඉහළින් රූපගත කිරීම් වුණා. දැවැන්ත නිර්මාණයක් වෙයි කියලා මට හිතුණා. වෙනත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද? ලැබුණා. නමුත් වැඩ ගොඩක් බදාගන්න බැහැ. චන්න පෙරේරාගේ යුගාත්‍රා චිත්‍රපටය කළා. ඉදිරියේදී තවත් චිත්‍රපටයක් බාරගත්තා. ප්‍රධාන නළුව මීට කලින් දන්නවද? මම උද්දික අයියව දැක්කේ මේ චිත්‍රපටයෙන්. මීට කලින් උද්දික ගැන අහලා තිබුණා. ඔහුගේ දැවැන්ත ප්‍රතිරූපයත් එක්ක වැඩ කරන්න බය හිතුණා. නමුත් ඔහුගේ සුහදශීලි බව මාව හොඳටම රිලැක්ස් කළා. වැඩ කරනකොට ප්‍රශ්න ආවෙ නැද්ද? පුංචි පුංචි ප්‍රශ්න ආවා. නමුත් සමස්තයක් හැටියට සහයෝගයෙන් වැඩ කළා. චිත්‍රපටය ඇතුළේ වෙච්ච අමතක නොවන දේවල් මොනවද? කැලේ ඇතුළේ සීන් එකක් තියෙනවා. මම උද්දිකට පොල්ලකින් ගහනවා. ඒක බොරු පොල්ලක්. නමුත් මම ගහන ටෙක්නික් දන්නේ නැහැ. බොරු පොල්ලක් නිසා මමත් හයියෙන් ගැහුවා. උද්දික අයියට රිදිලා. මාත් එක්ක තරගා වෙලත් උන්නා. උද්වේගකර චරිතවලට යන්නේ කොහොමද? අධ්‍යක්ෂවරයා මාව බය ගන්වනවා. හැබැයි මමත් ක්ෂණිකව කෝප වෙනවා. උද්දික අයියට ගැහුවෙත් කේන්තියෙන් තමා. පස්සේ මම සමාව ගත්තා. ප්‍රශ්නයක් නැහැ. ඒකේ හොඳම දේ තමා මම ගහනකොට සීන් එක කට් වෙනවා අධ්‍යක්ෂකට කට් කියන්න අමතක වෙලා. මමත් දිගටම ගැහුව්වා. ඔයාගේ උත්සාහය ගැන සතුටුද? උපරිම සතුටුයි. මොකද මමත් ලොකු කැප කිරීමක් කළා. එක දර්ශනයක් තියෙනවා මම වැටෙන. ඇත්තටම මුලක් ඇතුළට ගිහින් ඇත්තටම මාව වැටුණා. මගේ අත ලෙලි ගියා. බෙහෙත් දාගෙන ආයෙමත් ඒක කළා. වැඩේ ඉන්නකොට රිදෙනවා තේරෙන්නේ නැහැ. ක්ෂේත්‍රයේ යුවතියකට ආරක්ෂාව තියෙනවද? ක්ෂේත්‍රයේ ආරක්ෂාව ගැන මම දන්නේ නැහැ. අපේ ආරක්ෂාව අපි සලසා ගත්තාම හොඳ ගමනක් යන්න පුළුවන්. බාධා ආවේ නැද්ද? ප්‍රශ්න එනවා. නමුත් ඉවසිලිමත්ව, බුද්ධිමත්ව තීරණ ගන්න ඕන. මමනම් තෝරා බේරාගෙන වැඩ කරනවා. මේ ළඟදි ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් කතා කරලා ඔඩිෂන් එකකට එන්න කිව්වා. එන්න කිව්ව පළියට මම ගියේ නැහැ. ටිකක් හොයලා බැලුවා. බැරින්නම් ඒ අධ්‍යක්ෂවරයා කතා කරලා නැහැ. බොරු කාරයොත් ඉන්නවා. අපි මේ අයව හඳුනාගෙන තමා වැඩ කරන්න ඕන. හදිස්සි වුණාම තමා අමාරුවේ වැටෙන්නේ. දිගටම රඟපානවද? අනිවාර්යෙන්ම රඟපානවා. හැබැයි චිත්‍රපට විතරයි. ඇයි ටෙලි නාට්‍යය? ඒක කාලය කා දැමීමක්. මම කැමති සිනමාවට. සිනමාවේ ඔබට දැනුණ නිර්මාණ හා චරිත ගැන කතා කළොත්? පත්තිනි චිත්‍රපටයට මම කැමතියි. හේමාල්, උද්දික, පූජා හා උදාරිට කැමතියි. ක්‍රිසාන්ත පුෂ්පකුමාර ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..