Uncategorized

AAT ආයතනය විසින් බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ දුර්ලභ පැළ රෝපණයක්

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පිය ආයතනය (AAT Sri Lanka) විසින් පසුගියදා බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ දුර්ලභ පැළ වර්ග රෝපණය කිරීමක් සිදු වුණි.

උද්‍යානයේ නව වනපෙතක අවශ්‍යතාව පරිදි ඉල්ලීමක් කරන ලද ඇඹිල්ල, මල්බෙරි, ඇට්ටේරියා, කංකුඹල, කොබෝලීල, රතු පින්න, දුරැන්තා, තෙඹු, මුස්සැන්ද, හීන්බෝවිටියා, අශෝකා, මලිත්ත, වැරණිය ආදී සොයා ගැනීමට අපහසු පැළ වර්ග පනහකට ආසන්න ප්‍රමාණයක් මෙහිදී AAT ආයතනය මගින් රෝපණය කිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සමගාමිව උද්‍යානයේ පවතින ශාක වර්ග විස්සක නාමපුවරු සවි කිරීමක් සහ පිරිසිදු කිරීමක්ද කළ අතර මෙම අවස්ථාවට ආයතනයේ විස්සකට ආසන්න පිරිසක් දවස පුරා මෙම කර්තව්‍යයේ නියැළුණි.