brand logo

A24 ප්‍රවෘත්ති ලංකාවටත් එයි

06 July 2021

A24 ප්‍රවෘත්ති ඒජන්සිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට එකගතාවය පල කරයි.

A24 ප්‍රවෘත්ති ඒජන්සිය ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීමේ ප්‍රතිඵයක් ලෙස තම ආයතනයේ ප්‍රවෘත්ති සහ අනෙකුත් ආවරණ කටයුතු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වෙත ලබා දෙනු ඇත.විශේෂයෙන් මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි වලටද ඔවුන් ජාත්‍යන්තර හා දේශීය ප්‍රවෘත ්ති ආවරණ ලබා දීමට සුදානම් වේ. 2015 දී ආරම්භ කරන ලද A24 ප්‍රවෘත්ති ඒජන්සිය මේ වන විට, වාර්තාකරණයට අසීරු යේමනය, ඉරාකය, සෝමාලියාව, ලිබියාව සහ සිරියාව වැනි උණුසුම් යුධ කලාප සහ ගැටුම් පවතින ප්‍රදේශ වෙත ගොස් අද්විතීය කාර්‍යභාර්‍යයක් ඉටුකරමින් අපක්ෂපාතී, බුද්ධිමත් හා කාලෝචිත ප්‍රවෘත්ති සහ සිදුවීම් වාර්තාකරණයට කැපවී සිටී. “ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස A24 ප්‍රවෘත්ති ඒජන්සියේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙමි. ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය ක්ෂේත්‍රයට යම් බලපෑමක් කරනු ඇතැයි මම විශ්වාස කරමි. දේශීය පුවත්පත් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ” යැයි ශ්‍රී ලංකාවේ විකුණුම් හා අලෙවිකරණ නියෝජිත ජයනි සමරක්කොඩි මහත්මිය පැවසුවාය. “මොන්ගෝලියාව, කාම්බෝජය සහ තායිලන්තය සේම අපගේ ආවරණ හා මෙහෙයුම ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙමු. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා විශාල ඉදිරි පියවරක්” බව A24 ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රධාන විධායක නිළධාරී මොහොමඩ් අල් අජ්ලූනි මහතා පැවසීය.
 

More News..