brand logo

A/L විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

27 December 2019

2019, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැක. මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත් වුණු අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියේය. නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට ඇත. 2019 වසරෙ උසස් පෙළ ප‍්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට අපේක්ෂකයින් 181, 126 ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 71 දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටුවා ඇත.
 

More News..