brand logo

A/L හා ශිෂ්‍යත්ව විභාග දින නියමයක් නැතුව කල් යයි (වීඩියෝ)

07 October 2021

විභාග පවත්වන දිනය පසුව දැනුම් දෙන බව ඇමැති කියයි

නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද(7) පාර්ලිමේන්තුවේ දී කිය සිටියා. විපක්ෂනායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ අදහස් දැක්වූවා. අමාත්‍යවරයා පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කලක් රට හා පාසල් වසා දැමීමම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වී ඇති බවයි. අධ්‍යාපන බලධාරින් හා අනෙකුත් වගකිව යුතු නිලධාරින් සමඟ පවත්වන සාඛච්ඡාවකින් අනතුරු ව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. අමාත්‍යවරයා විභාග කල් දැමීමට සිදු වන බව පාර්ලිමේන්තුවේදී අද පැවැසුවේ දෙවැනි වතාවටයි. මින් පෙර පසුගිය 5 වැනිදා ද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින් විභාග කල් දැමීමට සිදු වන බව හෙතෙම පැවැසුවා. https://youtu.be/uUZQynDh_Io

සබැදි පුවත -

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවත් කල් යයි

 

More News..