brand logo

A/L නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න බෑ

05 May 2021

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයයන් 3ම අසමත් හා උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට තිබූ හැකියාව අහෝසි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණි. එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
 

More News..